ස්පෙගති සමග මීට් බෝල්ස්

applex

Well-known member
  • Oct 6, 2007
    1,113
    236
    63
    ස්පෙගති සමග මීට් බෝල්ස්

    ස්පැගටි (spaghetti) සහ මීට්බෝල්ස් (meatballs) සහිත මෙම ප්‍රණීත අහාර වට්ටෝරුව සමහර විටෙක ඉතාලි-ඇමෙරිකානු සංයෝගයක් විය හැකියි. එක්සත් ජනපදයේ මෙය ඉතාමත් ජනප්‍රිය ආහාරයක් වන අතර එහි ඇති සියලුම ඉතාලි අවන්හල් තුල අනිවාර්යයෙන් මෙය දැකිය හැක. එමෙන්ම සමතුලිත ආහාරයක් වන මෙය රසවත් බවින් අනූන වේ. බිත්තර සහිත කුරුළු කූඩුවක පිළිවෙලට මෙය හැඩ ගැන්වූ කල ඉතාම සිත්ගන්නාසුළුයි.
    මීට අවුරුදු ගණනාවකට පෙර ඉතාලි ජාතිකයන් ඇමෙරිකාවට සංක්‍රමණය වීමත් සමගම මෙය ඔවුන් හරහා ප්‍රචලිත වන්නට ඇත. එසේ සංක්‍රමණය වුයේ අඩු අදායම් ලබන්නන් වූ අතර, ඔවුන්ගේ අදායමෙන් 75%ක් පමණ අහාර සඳහා වියදම්කර ඇති බවට ඇස්තමේන්තු ගතකර ඇත. සංක්‍රමණයෙන් පසු අදායම් ඉහලයාම හේතුවෙන් ඔවුන්ගේ දෛනික අහාරවේල් සඳහා මස් වර්ග එකතුවුනා. ස්පැගටි සහ ටින් කරන ලද තක්කාලි සෝස් බහුතරයකට මිලදී ගතහැකි ඉතාලි අහාර අතර තිබුනා. අනාදිමත් අතීතයක් සහිත ස්පැගටි සහ තක්කාලි සෝස් සමග මස් මෙසේ රසවත් වී අපගේ කෑම මේසයට පැමිණි බව පෙනීයයි.

    SPAGHETTI-WITH-MEATBALLS-_1_milanotime.net_-575x452.jpg


    SPAGHETTI-WITH-MEATBALLS-_3_milanotime.net_-575x383.jpg


    SPAGHETTI-WITH-MEATBALLS-_2_milanotime.net_-575x510.jpg


    Spaghetti සමග meatballs වට්ටෝරුව

    අවශ්‍ය ද්‍රව්‍ය
    4දෙනෙක්ට සෑහෙන ප්‍රමාණයට
    spaghetti 400g
    තක්කාලි සෝස් 500g
    අඹරපු හරක් මස් 350g
    parmesan කුඩු 120g
    ලූනු 1
    බිත්තර 1
    පාන් කුඩු 30g
    හීනියට කපපු parsley හැඳි 4
    සුදුළුණු 2
    basil කොල 4/5
    සාදික්කා
    පිරිසිදු ඔලිව් තෙල්
    ලුනු & ගම්මිරිස්


    SPAGHETTI-WITH-MEATBALLS-_9_milanotime.net_-575x323.jpg


    සාදා ගන්නා ක්‍රමය

    1. අඹරපු මස් සමග බිත්තරය, parmesan, පාන් කුඩු, parsley, සිහින්ව කපාගත් සුදුලූනු, සාදික්කා, ලුනු සහ ගංමිරිස් හොඳින් අනා ගන්න. ඉන් පසු cutlet size එකේ බෝල හදා ගන්න
    2. සාස්පානකට තෙල් දමා, එහි meatballs දුඹුරු පැහැය වන තෙක් බදින්න
    3. තවත් සාස්පානක තෙල් රත් කරගෙන ලුනු සහ සුදුලුනු තෙම්පරාදු කර ගන්න. එයට තක්කාලි සොස්, ලුනූ සහ ගම්මිරිස් එකතු කර, විනාඩි 15 පමණ අඩු ගින්නේ, භාජනය ආවරණය කර පිස ගන්න
    4. තක්කාලි සෝස් එකට meatballs එකතු කර විනාඩි 5 පමණ පිස ගන්න, අවසානයේදී basil එකතු කරගන්න
    5. සාස්පානකට වතුර දමා ලුනු එකතු කරගෙන එය රත් කරන්න. පැහෙනකොට spaghetti එකතු කරන්න. එය අවශ්‍ය ප්‍රමාණයට පිසුණු පසු, පෙරා ගෙන එයට තක්කාලි සෝස් එක එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉතිරි parsley සහ parmesan එකතු කල විගස මේසය වෙත පිළිගන්වන්න :yes:


    සැ.යු.

    ඔබ රතුමස් භාවිතයට අකමැති අයෙකුනම් ඒ සඳහා කුකුල් මස් භාවිතා කල හැකයි


    SPAGHETTI-WITH-MEATBALLS-_4_milanotime.net_-575x383.jpg


    SPAGHETTI-WITH-MEATBALLS-_5_milanotime.net_-575x383.jpg


    SPAGHETTI-WITH-MEATBALLS-_7_milanotime.net_-575x318.jpg


    SPAGHETTI-WITH-MEATBALLS-_6_milanotime.net_-575x383.jpg


    SPAGHETTI-WITH-MEATBALLS-_8_milanotime.net_-575x383.jpg


    Source : http://milanotime.net/cuisine/recipe/the-strange-case-of-spaghetti-with-meatballs/