පොළොස් ඩෙවල් එකක් හැදුවා - පින්තුර පහ හයක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම කලින් දවසක කිව්වනේ හදිසියේ පන්සලට දානේ මුරයක් ලබා දුන්නා කියලා. ඒ වෙලේ පොළොස් ඩෙවල් එකක් හැදුවා. ඒක හදන විදිය ගැන දෙතුන් දෙනෙක් පීඑම් කරලා අහලා තිබ්බට හරියට උත්තරයක් දෙන්න උනේ නැහැ.

    කොහොමහරි ඊයේ මම දැක්කා ගෙදර තියෙන ගහක පොළොස් ගෙඩි හැදිලා තියෙනවා. ඒකෙන් ගෙඩියක් කඩලා පොළොස් ඩෙවල් එකක් හදන්න කියලා ලෑස්ති උනා ඊයේ.

    ඔකේ වැඩ සුදානම් කරනකොට කෝල් එකක් ආව හදිසියේ කොළඹ ඉදං සීගිරියේ යන්න වැඩකට.

    ඒ පාර පොළොස් ගෙඩිය කපලා හෝදලා අරගෙන කහ, ලුණු කුඩු ටිකක් අතගාලා ඩීප් ෆ්‍රීසර් දාලා ගමන ගියා.

    ඒ ඇවිත් අද උදේ ඩෙවල් එක හදපු හැටි තමයි මේ පහලින් දාලා තියෙන්නේ.

    ඉස්සෙල්ලම පොළොස් ගෙඩිය අරගෙන පොත්ත සුද්ද කරලා සාමාන්‍ය විදියට පොළොස් ඇඹුලක් හදන්න අපි පොළොස් කෑලි කපාගන්න විදියට මේකෙදිත් කෑලි කපාගන්න ඕනි. ඒ වගේම මෙහිදී පොළොස් ඇඹුලක් හදනකොට කෑලි කපනවට වඩා තව ටිකක් පොඩියට කෑලි කපා ගන්න. මොකද එතකොට ඉක්මනට සහ අඩු තෙල් ප්‍රමාණයකින් මේක හදා ගන්න පුළුවන්.

    ඔය වගේ කෑලි කපා ගත්තු පොළොස් කෑලි හෝදලා, වතුර බේරලා ඇරගෙන කහ කුඩු, ලුණු කුඩු, දෙහි බිංදු කීපයක්, ගම්මිරිස් කුඩු ටිකක් එක්ක හොදින් අතගාලා තියා ගන්න.

    මේ පහල තියෙන්නේ එහෙම සීසන් කර ගත්තු එක.

    1.jpg


    ඊට පස්සේ ඕක ගැඹුරු තෙලේ බැදගන්න ඕනි.

    2.jpg


    ඒ අතර තුරේ මැටි හට්ටියක් ලිපේ තියලා ( මම මැටි එකක් ගත්තේ මේකේ ඇඹුල තියෙන නිසා) තෙල් ටිකක් ලිපේ තියලා කපා ගත්තු ලොකු ලුණු තෙලට දාගන්න.

    3.jpg


    ඒවා බැදෙනකොට කපා ගත්තු මාළු මිරිස් ඒකටම දාගන්න. ඒ ටිකත් තෙලේ තැම්බෙනකොට කපා ගත්තු තක්කාලි දාගන්න. මේකට හරි යන්නේ ඉදුණු රතු පාට තක්කාලි. මම නං කරේ ගහේ තිබුන අහු උන තක්කාලි ගෙඩියක් කපලා දාන එක.

    4.jpg


    ඔය ටික ඔහොම යන්තන් බැදීගෙන, තැම්බිලා එනකොට ඒ ටික අයිනකට කරලා කෑලි මිරිස් ටිකක් වැඩිපුර, සෝයා සෝස්, සේසමි ඔයිල්, ඔයිස්ටර් සෝස් සහ ටෝමෑටො කෙචප් දාලා එකට කවලම් කර ගන්න අඩු ගින්දරේ.

    5.jpg


    ඊට පස්සේ ඕකට බැදගත්තු පොළොස් කෑලි ටික දාලා අඩු ගින්දරේම කවලම් කරගන්න. එහෙම හදා ගත්තු පොළොස් ඩෙවල් එකක ෆොටෝ එකක් පහලින්.

    6.jpg


    මස් මාළු නොකන අයට, අනික් යට වෙනසකටත් එක්ක මේක හොද රස කෑමක්.

    බිරියානි එකකකුත් හදන ගමන්.

    7.jpg


    මේක හදන එක එක ක්‍රම තියෙනවා. අද නං මම ඔහොම තමයි හැදුවේ, ලේසි නිසා. අනික තමයි ලංකාවේ ඉන්න අය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, සේසමි ඔයිල් වගේ ඒවා ගන්නවා නං සිංගප්පූරුවේ හෝ මැලේසියාව වගේ රටක හදපු එකක් වත් ගන්න. ඒවා තමයි ගන්න තියෙන ඒවගෙන හොද.

    මේක හදන්න ගත්තු පොළොස්, මාළු මිරිස්, තක්කාලි සහ පොල් තෙල් අපිම ගෙදර හදා ගත්තු ඒවා.

    ස්තුතියි.

    සබැදි

    හදිසියේ පන්සලට දානයක් දුන්නා - පින්තුර කීපයක්