මෙහෙමයි මගේ සිහළ පරපුරේ මිතුරනි,
සයිස් එක කිවොත් අඩි 38 පළල අඩි 24 දිග තමා ස්ලැබ් එක වදින සයිස් එක. මට දැනගන්න ඕනේ මේකට යන කම්බි ගාන ගණන් කරන විදිය. විදිය කියන්න බැරිනම් යන කම්බි ගාන හරි කිවොත් මරු. අඟල් 6x6 කොටු හිටින්න තමා බාස් මාමා කම්බි දානවනම් දාන්න ඕනේ කියලා කීවේ.

වහලේ වෙනුවට තමා මේක එන්ටර් වෙන්නේ. උඩ සැපේ ඉන්න හිතාගෙන තමා ස්ලැබ දාන්නේ.
ස්ලැබ් එකෙන් පහලට වතුර නොඑන්න මොනවද කරන්න පුළුවන්? මන් දැකලා තියෙනවා ගෙවල් වල ස්ලැබ් එක වහිද්දි තෙමිලා පහලින් සෙවල වගේ සෙට් වෙලා තියෙනවා සහ වතුර ඇතුලට කාන්දු වෙනවා. මේක ෆුල් නවත්තගන්න කරන්න දෙයක් තියේද?

ඊලග එක රස්නේ. රස්නේ පහලට එන්නේ නැති වෙන්න මොනවද කරන්න පලුවන්?

ස්ලැබ් දාද්දි අපි මොනවද අවදානේ ලෙසටම දාන්න ඕනේ? බාස් කියන කියන එකට එහෙයි කියන්ඩත් බෑනේ. අපිටත් කරන දේ තේරුමක් තියෙන්ඩ ඕනෙනේ