කාම මිත්‍යාචාරයේ ස්වභාවය පිළිබඳ විස්තර කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම්,
1. සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාම මිත්‍යාචාර පාපය වේ.
2. තමන් රක්ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්) හා කාමයෙහි හැසිරීමෙන් ස්ත්රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ.
3. හිමියන් නැති මාපියාදීන් විසින් රක්ෂා කරන ස්ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක් කාමමිත්‍යාචාරය පාපය වේ.
4. සැමියකු විසින් රක්ෂා කරන ස්ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.