ඔය දිව්‍ය ලෝක , අපාය වැනි දේවල් තියෙනවාද නැද්ද කියන තර්කවාද එන්නේ ඔය වගේ දේවල් අපේ ඇස, කන, දිව, නාසය සහ ශරීරයට ගොචර නොවන නිසා. ඉතින් කවුරුහරි තියෙනවා කිව්වොත් ඒවට සාධක පෙන්නන්න වෙනවා. කෙනෙක් කැමති නිකන්ම තියෙනවා කියලා පිළිගන්න .. ඒවා තියෙනවා එහෙම කියළා තියෙනවා කිව්වට ඔප්පු කරලා පෙන්නන්න කියනවා. ඒ වගේමයි නැහැ කිව්වාමත් අපි දැක්ක නැති පලියට එකපාරටම නැහැ කියන්නත් බැහැ.
බුදුදහම අනුව නම් හැම දේම හේතු ඵල දහමකට අනුවයි පැහැදිලි කරන්නෙ. ඉතින් අපි බලන්න ඕන ඒ විදිහට. ඒ කිව්වේ දෙවි කෙනෙක් ඉන්නවානම ඒක "ඵලයක්" ඉතින් ඒකට හේතුව මොකක්ද? අපි අදටත් පංච දුෂ්චරිතයෙන් වෙන් වෙච්ච , දස අකුසෙලන් වෙන් වෙලා වැඩ කරන අයට .. කියනව ඒ මිනිහා නම දෙවි කෙනෙක් වගේ කියලා. ඉතින් ඒවට කියන්නේ දේව සංඛාර වඩනවා කියලා. ඉතින් පටිච්ඡ සමුප්පන්නව බැලූවාම අන්තිම දේව ජාතිය උපදින්නේ.
ඉතින් බුදුපියාණන්වහන්සේ පෙන්නුවේ දෙවි වුණත් (දේව ජාතියේ උපන්නත්) අන්තිමට .. ජරා මරණ වලට ගොදුරුවෙන්වා. සදාකාලික නැහැ කියන එක. අපායත් ඒ වගේම තමා. තිරිසණ සංඛාර වැඩුවාම තිරිසණ් ජාතිය, ප්‍රේත සංඛාර වැඩුවාම ප්‍රේත ජාතිය. ඒකයි බුදුපියාණන්වහන්සේ දේශණා කලේ ඔය කොහේ හිටයත් වැඩක් නැහැ අනාතයි (එක තැනක ඉන්න වෙන්නෙ නැහැ) කියළා. එකම නාත මග නිවන පමනක් බව.