ස්වර්ගය හා අපාය

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
ඔය දිව්‍ය ලෝක , අපාය වැනි දේවල් තියෙනවාද නැද්ද කියන තර්කවාද එන්නේ ඔය වගේ දේවල් අපේ ඇස, කන, දිව, නාසය සහ ශරීරයට ගොචර නොවන නිසා. ඉතින් කවුරුහරි තියෙනවා කිව්වොත් ඒවට සාධක පෙන්නන්න වෙනවා. කෙනෙක් කැමති නිකන්ම තියෙනවා කියලා පිළිගන්න .. ඒවා තියෙනවා එහෙම කියළා තියෙනවා කිව්වට ඔප්පු කරලා පෙන්නන්න කියනවා. ඒ වගේමයි නැහැ කිව්වාමත් අපි දැක්ක නැති පලියට එකපාරටම නැහැ කියන්නත් බැහැ.

බුදුදහම අනුව නම් හැම දේම හේතු ඵල දහමකට අනුවයි පැහැදිලි කරන්නෙ. ඉතින් අපි බලන්න ඕන ඒ විදිහට. ඒ කිව්වේ දෙවි කෙනෙක් ඉන්නවානම ඒක "ඵලයක්" ඉතින් ඒකට හේතුව මොකක්ද? අපි අදටත් පංච දුෂ්චරිතයෙන් වෙන් වෙච්ච , දස අකුසෙලන් වෙන් වෙලා වැඩ කරන අයට .. කියනව ඒ මිනිහා නම දෙවි කෙනෙක් වගේ කියලා. ඉතින් ඒවට කියන්නේ දේව සංඛාර වඩනවා කියලා. ඉතින් පටිච්ඡ සමුප්පන්නව බැලූවාම අන්තිම දේව ජාතිය උපදින්නේ.

ඉතින් බුදුපියාණන්වහන්සේ පෙන්නුවේ දෙවි වුණත් (දේව ජාතියේ උපන්නත්) අන්තිමට .. ජරා මරණ වලට ගොදුරුවෙන්වා. සදාකාලික නැහැ කියන එක. අපායත් ඒ වගේම තමා. තිරිසණ සංඛාර වැඩුවාම තිරිසණ් ජාතිය, ප්‍රේත සංඛාර වැඩුවාම ප්‍රේත ජාතිය. ඒකයි බුදුපියාණන්වහන්සේ දේශණා කලේ ඔය කොහේ හිටයත් වැඩක් නැහැ අනාතයි (එක තැනක ඉන්න වෙන්නෙ නැහැ) කියළා. එකම නාත මග නිවන පමනක් බව.
 
  • Like
Reactions: sudunone

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Yes I agree.It is a great phylosophy.But it is ok as a religion also.

Most of the time our religions show us the path to our life.So we should not refuse them.
Any way as a buddhist I respect Allah,Jesus,Hindu Gods..There is no doubt.

I mean their teachings.I do not want to argue about their lives or believes.It's all about their teachings..And what is the wrong with respecting them.I cant see any mistake.
Good Luck.
:):)

I think you used the word respect to convey the massage of religious tolerance.:)

හැබැයි මෙහෙමයි..අසත්‍ය අසත්‍යයක් ලෙස හදුනාගෙන ඒක බැහැරකිරීමත් කළයුතු දෙයක්...:)
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
හරි අලි මල්ලි , අපි ඔයාගෙ පොතෙන්ම පටන් ගමුකෝ

කියවන්නකෝ යට තියෙන කුරානෙ වාක්‍ය ටික.

Think not of those who are slain in Allah's Way as dead. Nay, they live, finding their sustenance in the Presence of their Lord;

Allah hath purchased of the Believers their persons and their goods; for theirs (in return) is the Garden (of Paradise): they fight in His Cause, and slay and are slain: a promise binding on Him in Truth, through the Law, the Gospel, and the Qur-an: and who is more faithful to his Covenant than Allah? Then rejoice in the bargain which ye have concluded: that is the achievement supreme.

උඩ තියෙන කුරාන වාක්‍ය දෙකෙන්ම කියවෙන්නෙ මුස්ලිම් අය ස්වර්ගයට යන හැටිනේ. එක කියවනකොට තෙරෙන දෙයක් තමයි අල්ලාහ් ව විස්වාස කරන අය පමණක් ස්වර්ගයට යන විත්තිය. ඒ මිසක් හරි වැරදි කරන අය ස්වර්ගයට යෑමක් සදහන් වෙලා නෑ. මෙන්න මේක නිසයි කියන්නෙ ඉස්ලාමයට අනූව මුස්ලිම් අය ( අල්ලාහ් ව විස්වාස කරන අය ) පමණක් ස්වර්ගයට යන බව ප්‍රසිද්ධ රහසක් වීම. එතකොට ඒක කොච්චර ඇත්තද ?

That is the biggest difference Bro.My phylosophy is open for any one.Even u also can go to the heaven according to the mine.:):)
As a buddhist I think better place for a someone is this world.I think u may dont know the reason.Any way good Luck.I'll back soon.:):)
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
That is the biggest difference Bro.My phylosophy is open for any one.

This is the way to look at it. Buddhism is a philosophy, that explains how things are. Everyone is subject to that regardless what group they are in. In my opinion there shouldn't be any groups in Buddhism.
 

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
බුදු දහමට අනුව ස්වර්ගය හා අපාය විග්‍රහ කරන්න පුළුවන්ද කාට හරි:yes:

මගේ අදහස් මෙන්න.

බුදුන් දිව්‍ය ලෝකය හා නිරය යන වචන පාවිච්චි කර ඇති බවයි, පෙනෙන්නේ. මානසික මට්ටම් වලට අනුව ජීවීන් පවතින තල 31ක් ගැන සඳහන් වෙනවා. නමුත් එවායෙහි භෞතික පැවැත්ම හෝ ඇත්තටම වෙන්වූ භෞතික ස්වභාවයක් ඇතිද යන්න, මට නම් පැහැදිලිව පෙනෙන්නේ නැහැ බුද්ධ දෙශනා වලින්. මින් මට හැඟෙන්නේ දිව්‍ය ලෝකයේ හෝ නිරයේ භෞතික ස්වභාවය පිලිබඳ දැන ගැනීම වැදගත් බව බුදුන් නොසිතූ බවයි.

මෙම හේතුව නිසා බුදු දහමට අනුව ස්වර්ගය හෝ අපාය, පිලිබඳ වෙනස් පුදගලයන්ගෙන් ඔබට වෙනස් විග්‍රහ ලැබේවි. ( මේ නූලේ දැනටමත් වෙනස් අදහස් දෙකක් පල වී තියෙනවා නේද?)

මේ ප්‍රශ්නය නැගීමට ඔබට ඇති හේතුව පැහැදිලි කරොත් මීට වඩා සාර්තක උත්තර ලැබේවි. බුදු දහමේ ඇති මෙම අදහස් ගැන උනන්දුවක් ඇයි?
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අනේ අනේ . මෙහෙමත් තර්ක ? මේවා ගැන විස්තර කරන්න ඔයගොලන්ට තියන සුදුසුකම මොකක්ද ? විද්‍යාත්මකව ඔප්පු කරන කියන ඔය විද්‍යාව මොකක්ද ? බටහිර විද්‍යාව කියන්නේ කෙලෙස්වලින් පිරුන මිනිස්සු වගයක් හොයාගත්ත ඊටම සුළු සිද්ධීන් කීපයක් විතරයි . ඕක ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් . එක්කෙනෙක් කරපු පරීක්ෂණයක් තව කාලෙකින් වෙන කෙනෙකුගේ පරීක්ෂණයකින් වෙනස් වෙනවා . ඉතින් දැනට හොයාගෙන තියන දේවල් වලින් හැමදේම පහධිලි කරන්න පුලුවන්ද ?

නමුත් බුදුන්වහන්සේ වදලපු ධර්මය සැමදාටම වලංගුයි . එක බොරු කියල තවමත් කිසිම කෙනෙකුට ඔප්පු කරන්න කිසිම ජගතෙක් මෙතක් පහල වෙලා නෑ. වෙන්නෙත් නෑ . මොකද එක අතම ගණනක් පෙරුම් පුරලා . සියලුම කෙලෙස් දුරුකරපු මහා කාරුණිකයන් වහන්සේගේ ආර්ය පරීක්ෂණයක ප්‍රතිපලයක් . ඉතින් ඒ වගේ දෙයක් ගැන විග්‍රහ කරන්න අපි මොක්කුද ? අඩු ගැනේ අපිට අපේ තරහවත් පාලනේ කරගන්න පුලුවන්ද ? මෙතන තියන පොස්ට් වලින්ම එක පේනවනේ. ඉතින් උන් වහන්සේගේ ධර්මයට අනුව අපය දිවලොය මාරයා මේ සම දෙයක්ම පවතින දේවල් . අපිට අවබෝදකරගන්ඩ බැරි එක අපේ අවසන්ව . ඉතින් එකට බටහිර විද්‍යාවෙන් මහා තර්ක ඉදිරිපත් කරන්න යාම මෝඩකමක් . හරියට කිසිම දෙයක් නොදන්නා පොඩි දරුවෙකුට Quantum Science කියල දෙන්න හදනවා වගේ දෙයක්. පොතක තියන කරුණු අල්ලාගෙන මහා තර්ක ඉදිරිපත් කරලා ඒවා එහෙම නෙමෙයි කියල පැහැදිලිවම පෙනුන විට කරන්න දේවල් පේනවනේ . ඉතින් එහෙම එකේ නොපෙනෙන මේ දේවල් ගැන කවර කතාද ?
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බුදු දහම යනු පොදු ධර්මතාවක් ඒක කාටත් එකයි , එක එක්කෙනාට වෙනස් වීමක් නෑ , දිව්‍ය ලෝක සහ අපායන් පිළිබඳව බුදුදහම තුල සඳහන් වෙනවා , කරන ලද්දාවූ කර්මයේ ස්වාභාවය අනුව සංසාරේ ඒ ඒ තැන් වල ඉපදේවි.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    බුදු දහම යනු පොදු ධර්මතාවක් ඒක කාටත් එකයි , එක එක්කෙනාට වෙනස් වීමක් නෑ , දිව්‍ය ලෝක සහ අපායන් පිළිබඳව බුදුදහම තුල සඳහන් වෙනවා , කරන ලද්දාවූ කර්මයේ ස්වාභාවය අනුව සංසාරේ ඒ ඒ තැන් වල ඉපදේවි.

    දැන් වෙලා තියන්නෙත් එකම තමයි .