ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්ත
උපුටා ගැනීම:- http://padminsameera.blogspot.com
හොදනම් කොමෙන්ටුවක් දාල යන්න..
ස්වර්ණමාලි මහා ථුපය
රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම්වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ.
එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමාවිසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.
මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්සරජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේකුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන්රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපයතනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපයමහා ථුපය නමින් ප්‍රකට විය.
ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගතවුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරනලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුරරාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිතවිහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කලමහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදිප්රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කරස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී.
පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානියලක්දිව නිරිත දෙසට සංක්රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්යයුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදරත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවතප්රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩාමාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්යයයේ උස අඩි25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේඑක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත්පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිරපැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලිමහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි.
ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873)
අති පුජ්‍යය නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය මගින් ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය කෙරෙමින්
ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය පසු වර්තමානයේ
ස්වර්ණමාලි මහා ථුපයේ චුඩා මාණික්‍යය
ස්වර්ණමාලි මහා ථුපයේ ගුවන් ඡයාරුප
ස්වර්ණමාලි මහා ථුපය හා ථුපාරාමය දාගැබ ගුවනට පෙනෙන අයුරු
ස්වර්ණමාලි මහා ථුපය වන්දනා ගාථාව

Last edited: