ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්&#3501

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්&#3501

    ස්වර්ණමාලි මහා ථුපය

    16116285.jpg

    රුවන්වැලි සෑය, රත්නමාලි ස්තූපය, ස්වර්ණමාලි මහා ථුපය , මහා ථුපය ආදී නම්වලින් හදුන්වනු ලබන මෙම දාගැබ ලක්දිව බෞද්ධයාගේ වඩාත්ම ගෞරවයට පත් වූ ස්තූපය වේ.
    එයට ප්‍රධාන හේතුව වන්නේ මෙම ස්තූපය තුල සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ සර්වඥ ධාතු වලින් දෝණයක් තැන්පත් කර දුටුගැමුණු මහා රජතුමාවිසින් මෙම ස්තූපය ඉදිකිරීමයි.
    මෙම ස්තූපය ඉදිකර ඇත්තේ මිහිදු මහා රහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්සරජුට බුදුරදුන් පරිභෝග කරන ලද ස්ථානයක් වශයෙන් දක්වන ලද පුරාණයේකුකුධ නම් වැවේ ඉහල කෙළවරක සිටුවා තුබූ ටැම් ලිපියක් අනුවය. සතුරන්ගෙන්රට මුදාගත් දුටුගැමුණු රජතුමා එම ලිපිය අනුව ක්‍රිස්තු පුර්ව 137 දී මෙම ස්තූපයතනවන ලදී. මෙම ස්තුපයේ දෝණයක් සර්වඥ ධාතු නිදන් කිරීම නිසා ස්තූපයමහා ථුපය නමින් ප්‍රකට විය.
    ස්තුපයේ කටයුතු අවසන් කිරීමට පෙර දුටුගැමුණු මහා රජතුමා ජන්මාන්තර ගතවුයෙන් එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස රජතුමා ඉතිරි වැඩ කටයුතු නිමකරනලදී. එදා පටන් සිංහල රජදරුවන් මහා ථුපය වැඩි දියුණු කරන ලදී. අනුරාධපුරරාජධානියේ අවසාන සමයේ එල්ලවූ චෝල ආක්‍රමණයෙන් ස්තූපය සහිතවිහාරාරාම වලට හානි සිදුවිය. පොළොන්නරු යුගයේ නැවත රට එක්සේසත් කලමහා විජයබාහු , මහා පරාක්‍රමබාහු ආදී සිංහල රජ දරුවන් ස්තූපය තිබු පරිදිප්‍රතිසංස්කරණය කරන ලදී. නිශ්ශංක මල්ල රජු ද ස්තූපය වැඩිදුර පිළිසකර කරස්තුපයේ දකුණු මළුව මත ඇති ස්තුප ආකෘතිය ගොඩනගන ලදී.
    පසු කාලීනව ලක්දිවට බලපෑ දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ සිංහල රාජධානියලක්දිව නිරිත දෙසට සංක්‍රමනයත් සමග රජරට වනගත විය. බ්‍රිතාන්‍ය අදිරාජ්‍යයුගයේ නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදරත්නමාලි චෛතය වර්ධන සමිතිය විසින් මහත් උත්සාහයෙන් නැවතප්‍රතිසංස්කරණය කොට 1940 ජුනි මස 17 වන දින රුවන්වැලි සෑයේ චුඩාමාණික්‍යය පළදවන ලදී. නව ප්‍රතිසංස්කරණයට පසු ස්තුපයේ උස අඩි 338 කි. පරිමාණය අඩි 942 කි. රන් ආලේප කළ කොත සහ චුඩා මාණික්‍යයයේ උස අඩි25 කි. රත්නමාලි ස්තුපය අක්කර පහක හතරැස් මළුවක් මත පිහිටා ඇත. මළුවේඑක් පැත්තක දිග අඩි 456 කි. ඒ වටා තිබු පුරණ අත් පවුර වෙනුවට අළුත් ඇත්පවුරක් තනා ඇත. පැරණි ඇත් පවුරේ කොටසක් අලුත්වැඩියා නොකොට බස්නාහිරපැත්තේ ඉතිරි කර තිබේ. දෝණයක් සර්වඥ ධාතු නිදන් කර ඇති ස්වර්ණමාලිමහා ථුපය දිවමන් බුදුරජාණන් වහන්සේ සම වූ මහා පුජනිය වස්තුවකි.


    ස්වර්ණමාලි මහා ථුපය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ විදේශිකයකුගේ කැමරා ඇසින් (1873)

    90997483.jpg


    21318451.jpg


    16000594.jpg


    70976848.jpg


    16605789.jpg


    අති පුජ්‍යය නාරන්විට සුමනසාර හිමියන්ගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලද රත්නමාලි චෛතය වර්ධන සමිතිය මගින් ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය කෙරෙමින්

    69182359.jpg


    80325407.jpg


    15669337.jpg


    ස්වර්ණමාලි මහා ථුපය නැවත ප්‍රතිසංස්කරණය පසු වර්තමානයේ

    87402936.jpg


    ස්වර්ණමාලි මහා ථුපයේ චුඩා මාණික්‍යය

    62851973.jpg


    ස්වර්ණමාලි මහා ථුපයේ ගුවන් ඡයාරුප

    84771316.jpg


    25226940.jpg


    83818014.jpg


    ස්වර්ණමාලි මහා ථුපය හා ථුපාරාමය දාගැබ ගුවනට පෙනෙන අයුරු

    69078004.jpg


    ස්වර්ණමාලි මහා ථුපය වන්දනා ගාථාව

    97917160.png

    11106908.jpg


    උපුටා ගැනීම:- http://padminsameera.blogspot.com

    හොදනම් කොමෙන්ටුවක් දාල යන්න..
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සර්වඥ ධාතු කියන්නේ මොනාද බන්.

    මමත් හරියටම දන්නෑ මචන්. දන්න තරමින් රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑමෙන් පසු ලබාගන්නා ශරීර කොටස් වැරදිටය වටහා ගන්නෙපා. ( අසථි, කෙස්, දත්) වගේ කොටස්. හරි විස්තරයක් දැනගන්න පංසලේ හාමුදුරුවන්ගෙන් අහන්න.
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    සර්වඥ ධාතු කියන්නේ මොනාද බන්.

    බුදුරදුන් පරිහරණය කළ බෝධිය හා උන්වහන්සේ වෙනුවෙන් තැනූ බුදුපිළිම දැක්විය හැකි ය. ආගමික ශාස්තෘවරයකු හා බැඳුණු පූජනීය වස්තූන් හැඳින්වෙන්නේ ධාතු යන වචනයෙනි. සිරුරේ කොටස් සහ පරිහරණය කළ දේවල් එයට අයත් වෙයි. :)
     
    • Like
    Reactions: Mr:Virus

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ධාතු වන්දනාව ප්‍රචලිත වීමට පටන් ගත්තේ බුදුරදුන්ගේ පිරිනිවන් පෑමෙන් පසුව ය. උන්වහන්සේගේ ආදාහනය උත්සවයෙන් පසු සහල්, මුංපියලි වැනි විවිධ ප්‍රමාණයේ ශාරීරික ධාතු නොදැවී ඉතිරි වුණි. ඒ අතර දන්ත ධාතු හතරක්, ගී‍්‍රවා ධාතුව, අකු ධාතුව හා ලලාට ධාතුව ද තිබුණි. දේහය ආදාහනය නිමා වූ කෙණෙහි ම සරභු මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතුව රැගෙන වුත් මහියංගණ සෑයෙහි තැන්පත් කළ බව දාඨාවංසය කියයි. ඛේම මහ රහතන් වහන්සේ ද ඉතිරිව තිබුණ වාම දන්ත ධාතුව රැගෙන කළිඟු රට බඹදත් රජුට භාර දී ඇත. පූජනීය වස්තුවක් ලෙස වැඳුම් පිදුම් ලද වම් දළදාව ලබා ගැනීමට මෙන් ම වැනසීමට ද නොයෙක් පුද්ගලයන් වෑයම් කළ අයුරු දාඨාවංශයේ විස්තර කර ඇත. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වම් දළදාව ලක්දිවට වැඩම කළේ එයට රැකවරණය සැලසීම සඳහා ය.


    ඉතිරිය කියවන්න ..... :)


    http://www.silumina.lk/punkalasa/20100613/_art.asp?fn=ar1006138
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මේ වගේ Thread දානවට බොහොම පිo සහෝදරයා, මේ වගේ ත්‍රේඩ්ස් ඉතින් කවදත් BookMark තමා ඉතින්, :love::love::love:
    රෙප් දෙන්න විදිහක් නෑ බන්, :no::no:
    ලෑබුනු ගමන් දෙන්නම්
    ;);)
    (You have given out too much Reputation in the last 24 hours, try again later)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ වගේ Thread දානවට බොහොම පිo සහෝදරයා, මේ වගේ ත්‍රේඩ්ස් ඉතින් කවදත් BookMark තමා ඉතින්, :love::love::love:
    රෙප් දෙන්න විදිහක් නෑ බන්, :no::no:
    ලෑබුනු ගමන් දෙන්නම්
    ;);)
    (You have given out too much Reputation in the last 24 hours, try again later)

    මේ වගේ සිංහල කොල්ලො ටිකක් එලකිරියෙ ඉන්න එක ගැන මාර සතුටුයි....:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැක්ස මචන් වටින ත්‍රෙඩ් එකක් කියල වැඩක් නෑ
    උපරිමයි රුවන්වැලිමහ සෑය බලන්න ආපු සෙනග නේද ඔය උඩින් බැලුවම පේන්නෙ පිස්සු හැදෙනව නේ

    ජය වෙවා
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් කවුරු උනත් දැනගනින් මට මේ - රෙප් එකේ ඇති වැගත් කමක් නෑ. උබට එකක් බැරිනම් 10 ක් දියන්. මට මොකද කියල බලන්න. රෙප් හිගන්නෙක් නෙවෙයි මම. මට දැනගන්න ඔනේ මොකක්ද මෙහෙම කරන්න හේතුව කියල. උබ බෞද්ධයෙක් නෙමෙයිද? අන්‍යාගමිකයෙක් නම් කියපන් කෙලින් ඇවිත්. උබ වෙනුවනේ මට කරන්න පුලුවන් දෙයක් කරන්නම්. හැබැයි මචන් කෙලින් වරෙන්. ඇවිත් කියපන් මට උබත් එක්ක තියෙන්නෙ මෙන්න මේ වගේ තරහක්. ඒකයි උබේ ත්‍රෙඩ් වලට හොරෙන් ඇවිත් රෙප් කපන්නෙ කියල. මේ ත්‍රෙඩ් එක මගේ ආගමේ සියලුම ජනයාට වැගත් දෙයක්. උබ කවුරු උනත් උබට මේකෙන් වැදගත් කමක් නැත්නම් වැදගත් දෙයක් බලාගෙන හිටපන්. මට උබට අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ යාලුවා. දිගටම කරගෙන යන්න. මගෙන් සුභ පැතුම්. බොහෝම ස්තුතියි....

    26991564.jpg

    සිංහල බෞද්ධ කවුරුත් කලබල වෙන්නෙපා. මේ ජාතියක් ජම්මයක් නැති කෙනෙකුගෙ වැඩක්. මම මේ බොරුවට දගලනව කියල කවුරුත් කියන්නෙපා. මගෙ ත්‍රෙඩ් කීපයකම මෙහෙම කරල තිබුනා. පුද්ගලයා කවුද කියල දැන ගන්නයි උවමනා...
     
    • Like
    Reactions: crazyhorse

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ධාතු වන්දනාව ප්‍රචලිත වීමට පටන් ගත්තේ බුදුරදුන්ගේ පිරිනිවන් පෑමෙන් පසුව ය. උන්වහන්සේගේ ආදාහනය උත්සවයෙන් පසු සහල්, මුංපියලි වැනි විවිධ ප්‍රමාණයේ ශාරීරික ධාතු නොදැවී ඉතිරි වුණි. ඒ අතර දන්ත ධාතු හතරක්, ගී‍්‍රවා ධාතුව, අකු ධාතුව හා ලලාට ධාතුව ද තිබුණි. දේහය ආදාහනය නිමා වූ කෙණෙහි ම සරභු මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතුව රැගෙන වුත් මහියංගණ සෑයෙහි තැන්පත් කළ බව දාඨාවංසය කියයි. ඛේම මහ රහතන් වහන්සේ ද ඉතිරිව තිබුණ වාම දන්ත ධාතුව රැගෙන කළිඟු රට බඹදත් රජුට භාර දී ඇත. පූජනීය වස්තුවක් ලෙස වැඳුම් පිදුම් ලද වම් දළදාව ලබා ගැනීමට මෙන් ම වැනසීමට ද නොයෙක් පුද්ගලයන් වෑයම් කළ අයුරු දාඨාවංශයේ විස්තර කර ඇත. දන්ත කුමරු සහ හේමමාලා කුමරිය වම් දළදාව ලක්දිවට වැඩම කළේ එයට රැකවරණය සැලසීම සඳහා ය.


    ඉතිරිය කියවන්න ..... :)


    http://www.silumina.lk/punkalasa/20100613/_art.asp?fn=ar1006138

    වටිනව වටිනව ගොඩාක් වටිනවා... ගොඩාක් පිං....