ස්වර්ණමාලි මහ සෑ පූජා පෙළහර

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ස්වර්ණමාලි මහ සෑ පූජා පෙළහර

    ස්වර්ණමාලි මහ සෑ පූජා පෙළහර



    ලක්‍ෂ සංඛ්‍යාත සැදහැතියන්ගේ සහභාගිත්වයෙන් 2018. 05. 12 දින උදෑසන 5.30 සිට රාත්‍රී 12. 00 දක්වා පැවැත්වේ.



    පිංකම් මාලාව


    ශ්‍රී සර්වඥධාතු වන්දනාව
    මහ සෑ මළුව වටා ඇති කොඩි කණුවල බෞද්ධ කොඩි පැළඳවීම
    සම්බුද්ධ පූජාව, අෂ්ට පරිෂ්කාර සහ ස්වර්ණ වර්ණ කඤ්චුකය ථූපාරාමය අසල සිට දර්ශනීය පෙරහැරකින් වැඩම කරවීම
    ස්වර්ණ වර්ණ කඤ්චුකය මහ සෑයට පැළඳවීම, මහසෑයේ පේසා වළලු 3, පරිවාර චෛත්‍යය 4, කඤ්චුකවලින් සැරසීම හා මහසෑයේ පේසාවේ මල් ඇතිරීම
    විදුලි බුබුළු ආලෝක පූජාව (මහසෑයේ සහ පරිවාර චෛත්‍යවල පේසාවළලු, සෑ මළුව සහ පිවිසෙන මාර්ගය)
    මව්බිම වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක අංශයේ රණවිරුවන් වෙනුවෙන් එකී අංශවල නිළධාරී මහතුන් විසින් විශේෂයෙන් පිළියෙල කළ පහන්වලින් සිදු කෙරෙන පහන් ආලෝක පූජාව හා එම රණවිරුවන්ගේ දෙමව්පියන් විසින් නිවසේ දී සිඳගත් පහන් තෙලින් සිදු කෙරෙන පහන් 20,000ක විශේෂ ආලෝක පූජාව
    යුද්ධයේ දී ආබාධිත වූ රණවිරුවන් විසින් සිදු කෙරෙන නෙළුම් මල් කළඹ 10,000ක විශේෂ පූජාව
    ගුවනින් මල් ඉසීම හා මල්වෙඩි පූජාව (අභයවැව ඉස්මත්තේ සිට)
    විශේෂ ශබ්ද පූජාව (108 දෙනෙකුගෙන් සැදුම්ලත් හේවිසි කණ්ඩායම)
    අසිරිමත් සත්බුදු වන්දනාව හා මහාස්තූප වන්දනාව (අතිපූජ්‍ය පිටිගල ගුණරතන හිමිපාණෝ)
    මහ සෑ මළුව සුවඳ පැනින් දෝවනය කිරීම හා පහන් ගෙවල් පිරිසිදු කිරීම
    සෙත්පිරිත් සජ්ඣායනය
    ක්‍ෂීරපායාස සම්බුද්ධ පූජාව
    1000ක් නමක් වෙත හීල් දානය, සංඝගත දක්‍ෂිණාව හා ධම්මසංගණී විවරණ ග්‍රන්ථ පූජාකිරීම
    ග්‍රාමීය විහාරස්ථාන 100ක් වෙත සිදු කෙරෙන ත්‍රිපිටක පූජාව හා පොත් කබඞ් පූජාව. (පොත්
    කට්ටල සියයක්)
    විශේෂ ධර්ම දේශනය (අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ)
    විමසීම්:
    රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමි,
    ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර.


    Email: [email protected]
    Telephone: 0772774640 / 0764417311 / 0714079712
    Facebook: ලබුනොරුවකන්ද ආරණ්‍යය සේනාසනය
    පිංවත් ඔබගේ සියලු ආධාර කිරීම් පහත දැක්වෙන ගිණුම් අංකය සඳහා පමණයි:

    Mr. Y.A.D.M. Panduka
    Sampath bank,
    Kohuwala,
    A/C No. 009450006332
     
    Last edited: