මී පැණි පූජාවේ අනුසස්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සසර පුරා දිළිඳු නොවීමට
    මී පැණි පූජාව ඉහළ අග්‍රගණ්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා උතුමෙක් (ගෞතම බුද්ධ ශාසනයේ මෝඝ රාජ රහතන් වහන්සේ) අත්ථදස්සී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අසිරිමත් ස්තූති පූජාවක් සිදු කළා. චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ මෙම පූජාව ‘සංසාර ගමන සුවපත් ව ගමන් කරන්නට ලැබේවා’ පැතුමෙන් ගොටුවක් සකසා එයට මී පැණි යොදා පූජා කරනු ලැබුවා.
    මී පැණි පූජාව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ අහසේ ම වැඩ සිට දේශනාවක් සිදු කළා. තථාගතයන් වහන්සේට, මහා සංඝයාට චිත්ත ප්‍රසාදයෙන් ස්තූති පූජාව ද, මී පැණි පූජාව ද සිදු කිරීමෙන් මේ තැනැත්තා කිසිම දවසක දුර්ගතියකට පත් වුණේ නැහැ. දුගී දුප්පත් අසරණ වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්ද බුද්ධිකයෙක් වුණේ නැහැ. මේ තැනැත්තා මී පැණි පූජා කිරීමේ පිනෙන් වාර දාහතරක් දෙව් ලොව රජක සක්‍ර භවනේ ද, වාර අටසියයක් පොළොවට රජකම ද, වාර පන්සියයක් සක්විති රජකම ද, ප්‍රදේශයේ කුඩා රාජ්‍ය ගම්වල නායකත්වය ද ලැබුවා. මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, විඳ අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි, මෝඝ රාජ නම් රහතන් වහන්සේ නමක් වන බව ද, ත්‍රිවිද්‍යාවෙන් අග තැන්පත් ව ශාන්ත ලක්ෂණ නිවනට පත් වන බව ද එදා අත්ථදස්සී බුදුන් වහන්සේ වදාළා. එසේනම්, මී පැණි පූජාව කෙතරම් ඉහළ පූජාවක් ද යනුවෙන් සිතන්න. දඹදිව රාජ්‍ය කළ ධර්මාශෝක අධිරාජ්‍යතුමාට ද දඹදිව අග්‍ර රජ බවට පත් වෙන්නට හේතු වුණේ මී පැණි පූජාව යි.
    🍯
    පිරිසුදු සිත ඉතා වැදගත්
    🍯

    පරිනිර්වාණයට පත් වුණු ලොව්තුරා බුදුන් වහන්සේ නමකට හෝ ජීවමාන බුදුන් වහන්සේ නමකට මී පැණි පූජාව සිදු කිරීමෙන් සංසාර ගමන කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ.
    සෑම දෙනාම උක් පැණි පූජාවක්, මී පැණි පූජාවක්, කිතුල් පැණි පූජාවක් වැනි මිහිරි දෙයක් පූජා කළ යුතු යි. එය සිත, ගත නිවා සනසන පූජාවක් වෙනවා. ඒ පූජාව ම සංසාර ගමන සුවපත් වීමට හේතු වනවා. කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ. එලෙස කල්පනාවෙන් මේ ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවක් යනුවෙන් සිතාගෙන ගෞරවයෙන්, ප්‍රණීතයෙන් පූජා කළ යුතු යි. ‘අධිවාසේ තුනොභන්තෙ මධුපාණිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං’
    යනුවෙන් පූජාකළ යුතු යි. මී පැණි ‘මධුපාණිතං’ යනුවෙන් හඳුන්වනවා. එය බොහොම වාසනාවන්ත, ප්‍රණීතම පූජාවක්.
    තමන්ගේ ජීවිතයට මිහිරි දෙය ලබන්න, ප්‍රණීත දෙයක් ලබන්න, හේතු භූත වන්නේ ප්‍රණීත දෙයක් පූජා කිරීමයි. එය මී පැණි පූජාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුද්ධාදී උතුමන්ට මෙවැනි පූජාවක් සිදු කිරීම කෙතරම් අගේ ඇති වටිනා පූජාවක් වෙනවා ද? ගෞතම බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ සිටි වඳුරෙකුත් මී පැණි පූජාවක් සිදු කළා. එය ඒ සතාට වුව ද කෙතරම් සැප විපාක වන්නට ඇති ද? ඒ නිසා මී පැණි පූජා කිරීම තිරිසන් ගත සතාට වුව ද තමාගේ සිත අනුව විපාක වැඩි වෙයි. සිත පිරිසුදු නම් එහි ආනිසංස වැඩි වෙයි. මේ ගැන කල්පනාවෙන් කවුරු වුණත් පිනක් මහත්ඵල මහානිසංස දායක වීමෙන් හේතු සාධක කල්පනා කර බැලිය යුතු යි.
    🍯
    පූජාවේ පින මහත්ඵල වීමට
    🍯

    අලෝභ (තණ්හාව නැහැ) ද්වේෂ (තරහ, වෛර, ක්‍රෝධ නැති මෛත්‍රීය) අමෝහ චේතනා (මෝඩකම නොහොත් මෝහය නැති බව) පූජාවක දී හෝ වන්දනාවක දී පහළ වූවා නම්, පින බොහොම මහත්ඵල වෙයි. එහෙම නම්, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට මී පැණි පූජාව කළේ අලෝභ, අද්වේෂ අමෝහ චේතනාවන් මුල් කරගෙනයි. මේ චේතනා ඉතාම පිරිසුදුව තම සිතෙහි පහළ වුණොත්, ඒ අනුසාරයෙන් චෛතසික ධර්ම රාශියක් පහළ ව සිත ප්‍රබෝධමත් ව චෛතසිකයත් පිරිසුදුවෙ යි.
    පිනට නිග්‍රහ කරන්න එපා, අනුන් කරන පින්කම් හෙළා දකින්න එපා. පින්කම්වල සිත පහදවා ගෙන අතහිත යොමු කරන්න. සාධු නාද නඟන්න පුරුදු වන්න. තමන් ද ඒ පින්වල යෙදිය යුතු යි. ලොව්තුරා බුදුවරු ලොවේ සැමදා නැහැ. බුද්ධ ශාසනයත් අපට ලැබුණේ අපේ පිනට යි. ඒ තමාගේ ගුණ ධර්ම දියුණුවෙන් කරන පින්කම්වල විපාක අනේක ජාතික සංසාරයේ සත සහශ්‍රයන් හි ලැබෙනවා. කවදාකවත් දුකක්, පීඩාවක් නැහැ. ආයු වර්ණ, සැප, බල, ඥාන, භෝග සම්පත්, පරිවාර සම්පත්, සුගති සම්පත් ආදී සියලුම සම්පත් ගෙන දීමට සමත් වෙනවා. පූජාවෝ, වන්දනාවෝ සාර්ථක වන්නේ පූජාව නිසා නොවෙයි. සිතේ පැහැදීම නිස යි. එය අග්‍ර ගණ්‍ය පූජාවක්, වන්දනාවක් බවට පත් වෙනවා.
    🍯
    දුප්පත්කම දුරලීමට - සම්පත් උදා කර ගැනීමට
    🍯

    මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන්, සීල, සමාධි ප්‍රඥාවෙන් අපේ පින මහත්ඵල මහත් ආනිසංස කර ගන්න. කිසිම දෙයකින් අඩු පාඩුවක් කරදරයක් වන්නේ ම නැහැ. සිත දියුණු කළ විට කෙතරම් වටිනවා ද? ලොවේ කවර තැනක උපන්නත් එවැනි සැනසුමක් ලබන්නට බැහැ. ලංකාවේ උපන් අයට ඕන වේලාවක, ඕනෑ තරම් පින් දහම් කළ හැකි යි. ලොවේ අන් අය එලෙස නැහැ. කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමට, කරුණා, මෛත්‍රීය උපදවා ගැනීමට පුළුවන්. නමුත් පන්සිල් රැකීමක්, පොහොය අටසිල් රැකීමක්, බණ ඇසීමක්, භාවනාවක් නැහැ.
    ඒ අනුව අප කෙතරම් ම වාසනාවන්ත ද? දුගී දුප්පත්කම තුරන් කරන්නට, සියලු සැප සම්පත් උදාපත් කරගන්න, දුක් කරදර කම්කටොළු යට කරගන්න හේතු වන්නේ පින යි. ජීවිතය වාසනාවන්ත වන්න, ජීවිතය ආලෝකවත් වන්න , දුකෙන් නිදහස් වන්නේ පිනෙන් පමණයි. බුද්ධාදී උතුමෝ වර්ණනා කළේ දාන, සීල, භාවනා පින්කම් පමණ යි. එසේම ලොවේ යම්තාක් පින්කම් ඇතිනම්, ඒ සියල්ල දාන, සීල, භාවනා පින්කම්වලට අයත් වෙයි.
    🍯
    පවිටු සිතිවිලි සංසිඳුවා ගන්න
    🍯

    සිතේ තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පවිටු චේතනාවෝ වැඩි යි. ඒවා සංසිඳුවා ගන්නට බුදු දහමෙන් දන්දීම, සිල් රැකීම, භාවනාව, බුද්ධ වන්දනාව, මල් පහන් පූජාව ආදිය උගන්වනවා. එය පාපී සිතිවිලි නැතිකර ගැනීමට උපකාරී වනවා. ඒ නිසා කොයි කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන් සිත ගත නිවා සනසා ගත යුතු යි. කරදර, කම්කටොළු, බාධක යටපත් කරගත යුතු යි. එවිට කිසිවකින් කරදර, පීඩාවක් නැතිව තමන්ගේ සංසාර ගමන හොඳට යන්න පුළුවන්කම තියෙනවා. දුක් විඳින්න අවශ්‍ය නැහැ. යහපත් උපතක් ලබා, යහපත් සිතෙන් මරණයට පත් ව, නැවත හොඳින් උපත ලබා හොඳින් මරණයට පත් වීම පිනේ ස්වභාව ය යි. රහතන් වහන්සේලාගේ චරිත වලින් ඉහත ආත්ම භාව කල්ප ලක්ෂයක් අපායෙන් නිදහස් වී සිටීම කෙතරම් වටිනවා ද? එසේ නම් අපත් අපායෙන් නිදහස් ව සිටියොත් කෙතරම් අගේ ද? සුගතියක ම වාසයෙන් අපට මේ සංසාර ගමන දුක් සහිත වුව ද එහි කෙළවරක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වෙහෙස මහන්සි නොබලා ගුණ ධර්ම දියුණු කළ යුතු යි. එය කුමන දෙයකින්වත් කරදර, කම්කටොළු, බාධක නොමැතිව මෙලොව පරලොවට මෙන්ම සංසාර ගමන යහපත් ව ගමන් කර, සසර දුකෙන් නිදහස්වීමට හේතු වෙනවා. බුදුන් වහන්සේ අනුදැන වදාළ දස පාරමිතා සැපිරිය යුතු යි. නිවැරැදිව කළොත් පාරමිතා දහයම සම්පූර්ණ වෙයි. මෙලෙස පාරමිතාවෝ හොඳින් දියුණු තියුණුවෙන් සිත ගතත් නිවා සනසා ගෙන, බුද්ධ ශාසනයත් රැකගෙන පාරමී ගුණ, සති, සමාධි, ඥාන දියුණුවෙන් තම මෙලොව ජීවිතය හොඳින් සකසාගෙන පරලොවත් සුගතිගාමී ව බුද්ධාදී උතුමන් නිවී සැනසුණු අමා මහා නිවන් පසක් කර ගැනීම සඳහා සියලු පින් හේතු වාසනා වේවා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    Mewa nam danne netha..

    Hugak amisa puja gena loku m idea ekak ne..

    බුදුහාමුදරුවන් kiyaka tiyanawa da mehema pooja gena?
     
    • Like
    Reactions: NRTG and wqe123

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේවා නම් පට්ට පල් බොරු...බුදුන්වහන්සේ නම් මේ වගේ දෙයක් කියලා නැහැ මම දන්න තරමින්..දැන් ඉන්න සිවුරු හොරු ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ වගේ දේවල් පතුරවනවා කියලයි මට හිතෙන්නේ.

    චිත්ත ප්‍රසාදයෙන් කරන ඕනෑම පුජාවක් මහත්ඵල ආනිසංස ලබන්න හේතු වෙනවා...මෙතන මී පැණි විශේෂ කරලා දක්වන්නේ කපටිකමට වගේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මී වදය කියන්නෙ මී මැස්ස බිත්තර දාන්න හදාගන්න ගෙදර වගෙ එකක්. මී වදය කඩන වෙලාවෙ මීමැසි පිලව් බිත්තර ඔක්කොම විනාස වෙනව. එහෙම කරන ක්‍රියාවකින් ආනිසංස තියෙන්නෙ කොහොමද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් හාමුදුරුවෝ කියපු නිසා නොව මොන පොතේ ,මොන පිටකයේ ත ඕක තිබ්බේ කියලා දපාන් බලන්න.
    දැන් ඉන්න හාමුදුරුවෝ දානයේ ආනිසංස කියන්නේ නැතිව පොඩියට, ලාවට විකුර්ති කරලා කියනවා....
    අර චයිත්ය පලතුරු වලින් වහන පූජාව වගේ ඒවා..... මෙහෙ ඉන්න ගොන් වාහේ ලා ඒවා තව වෙනස් කරගෙන 10x වගේ වැඩිකරලා පවත්වාගෙන යනවා......
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මී මැස්ස උනත් කල්පගානක් පෙරුම් පුරලා මී මැස්සෙක් වෙලා මී පැණි ටිකක් පෙරන්නේ බුදුරජාණන් වහන්සේ ට පුජා කරන පුජාවකට දායක වෙන්න. ඉතින් මී මැස්සා එළවලා මී පැණි ගත්තට කම් නැත. මී මැස්සා ඊලග ආත්මේ ලංකාවේ ඉපදෙන්නට තරමේ පිනක් තමයි කරගන්නේ.

    මෝඩ නිරාගමිකයෝනට මේවා පෙන්න බෑ පොන්න හැත්ත.

    තෙරුවන් සරණයි
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මේවා නම් පට්ට පල් බොරු...බුදුන්වහන්සේ නම් මේ වගේ දෙයක් කියලා නැහැ මම දන්න තරමින්..දැන් ඉන්න සිවුරු හොරු ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ වගේ දේවල් පතුරවනවා කියලයි මට හිතෙන්නේ.

    චිත්ත ප්‍රසාදයෙන් කරන ඕනෑම පුජාවක් මහත්ඵල ආනිසංස ලබන්න හේතු වෙනවා...මෙතන මී පැණි විශේෂ කරලා දක්වන්නේ කපටිකමට වගේ
    මුලින්ම කියන්න ඔනි, ඔය කියන දෙන්න මී පෑනි දන් දුන්නේ බුදු කෙනෙක්ට සහ පසේ බුදු කෙනෙක්ට. එක නිසා ලබෙන ආනිසන්ස මහත් පලයි.
    පූජාවක් මහත් පල වෙන්න කරනන් කීපයක් බලපානව.
    1) දන් දෙන කෙනා සිල්වත් වෙන්න ඔනි
    2) දන් ලබන කෙනා සිල්වත් වෙන්න ඔනි
    3) තුන් සිත පහදවාගේන දන් දෙන්න ඔනි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුලින්ම කියන්න ඔනි, ඔය කියන දෙන්න මී පෑනි දන් දුන්නේ බුදු කෙනෙක්ට සහ පසේ බුදු කෙනෙක්ට. එක නිසා ලබෙන ආනිසන්ස මහත් පලයි.
    පූජාවක් මහත් පල වෙන්න කරනන් කීපයක් බලපානව.
    1) දන් දෙන කෙනා සිල්වත් වෙන්න ඔනි
    2) දන් ලබන කෙනා සිල්වත් වෙන්න ඔනි
    3) තුන් සිත පහදවාගේන දන් දෙන්න ඔනි
    රතුවෙන් තියන කොටසට එකගායි එකෙන් ම

    එත් මී පැණි දන් දෙන්න ඕනා. එක මහත් පලයි කියන කොටස නම් තාමත් පිළිගන්න අමාරුයි....
    දෙක එහෙම නම් අපි ඔය මී පැණි දන් දීලා වැඩක් ඇත්තෙම නැහැ.
    1)බුදු, පසේ බුදු මේ ශතවශයේ නැහැ.
    2) දන ලබන්නා කොහොමත් සිල් වත් නැහැ. අඩුම ගානේ 99% දෙනා. (විශාල ශබ්ද ඇහෙන උන්, අපිත් රැවටුනා කියන උන, කොයි දේශපාලකයට උනත් කත් අදින උන්, කවි බන් කියන අමුතු උන් යනාදී නානාප්‍රකාර චීවර ධාරීන්)
    3) අපිත් සත්‍ය වශයෙන් ම සිල්වත් නැහැ
    4) මීපැණි ගන්න හොයන්න ගියහම කොහ්මත් විකුණන එකා ගැන තුන් සිතම පහල වෙන නිසා.... හොයාගන්න කැලේ යෑමක් දැන් නැහැනේ

    මේක විහිලු ස්වරුපයෙන් ලිව්වට කරුණු කාරණා බරපතලයි..............
     
    • Like
    Reactions: Tricle_Buwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේවා නම් පට්ට පල් බොරු...බුදුන්වහන්සේ නම් මේ වගේ දෙයක් කියලා නැහැ මම දන්න තරමින්..දැන් ඉන්න සිවුරු හොරු ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ වගේ දේවල් පතුරවනවා කියලයි මට හිතෙන්නේ.

    චිත්ත ප්‍රසාදයෙන් කරන ඕනෑම පුජාවක් මහත්ඵල ආනිසංස ලබන්න හේතු වෙනවා...මෙතන මී පැණි විශේෂ කරලා දක්වන්නේ කපටිකමට වගේ
    ඇයි බන් වාහන පූජාව 😂
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මීමැස්සෝ එලවල උන්ගේ පැණි ටික ගන්න එකේ ආනිසංසත් කියමු බලන්න.

    වර්තමානයේ අප මී පෑනි බොහොඅ දුරට මිලදී ගන්නේ වෙලදපොලෙන්. එහිදී මී මස්සන් එලවීමය් සිදු වන්නේ නෑහ.අපිම මී මස්සො එලවල පනි ගනන්ව නම් එක අකුසලයක් වෙන්න පුලුවන්.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    වර්තමානයේ අප මී පෑනි බොහොඅ දුරට මිලදී ගන්නේ වෙලදපොලෙන්. එහිදී මී මස්සන් එලවීමය් සිදු වන්නේ නෑහ.අපිම මී මස්සො එලවල පනි ගනන්ව නම් එක අකුසලයක් වෙන්න පුලුවන්.
    අම්මප කියපන් බලන්න.....
    යකෝ එතකොට බුදු හාමුදුරුවෝ මස් කන්න කිව්වේ කොහොම මස් ද ? විකිණීමට තියන මස් කෑවත් පව් සිද්ද වෙනවා කිව්වා නේද. කන්න හොදයි කිව්වේ නිකන් හම්බ වෙනවා නම් නේ. උබ කියලා මස් කරෝගන්නේ නැතිව.
    උබල තමා කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්නේ.....
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    වර්තමානයේ අප මී පෑනි බොහොඅ දුරට මිලදී ගන්නේ වෙලදපොලෙන්. එහිදී මී මස්සන් එලවීමය් සිදු වන්නේ නෑහ.අපිම මී මස්සො එලවල පනි ගනන්ව නම් එක අකුසලයක් වෙන්න පුලුවන්.
    දන් දෙන කෙනා ගැන නෙවෙයි ඇහුවේ. මිමස්සෝ එලවල, උන් ජීවත්වෙන තැන කඩල මි පැණි ගන්න එකේ වැරද්දක් නැද්ද ?
    උන් ඉතින් අපිට දානෙට ගන්න කියලා පැණි ගෙනත් නෑ නේ.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අම්මප කියපන් බලන්න.....
    යකෝ එතකොට බුදු හාමුදුරුවෝ මස් කන්න කිව්වේ කොහොම මස් ද ? විකිණීමට තියන මස් කෑවත් පව් සිද්ද වෙනවා කිව්වා නේද. කන්න හොදයි කිව්වේ නිකන් හම්බ වෙනවා නම් නේ. උබ කියලා මස් කරෝගන්නේ නැතිව.
    උබල තමා කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්නේ.....
    බුදු හමුදුරුවොඅ මස් කන්න එප කිව්වේ නෑහ. බුදු හමුදුරුවොත් මස් කාල තියෙන්වා. ආමගන්ද සූත්‍රය කියවල බලපන්
    https://mahaviharaya.lk/article/24995
     
    • Like
    Reactions: Janithsl88