දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.
නිශාන්ත හට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.
කෙසේ නමුත් මෙහි වරදකරුවන් තවමත් හෙළිවී නොමැති අතර නිශාන්ත යනු තවමත් සැකකරුවෙක් පමණි.
නමුත් ස්වර්ණවාහිනී පුවත් විකාශය තුලින් නිශාන්තගේ අදෝනාව රසකොට පෙන්වූ අතර ඔහුගේ මුහුණ රටටම මාධ්‍යය ඔස්සේ නිරාවරණය කිරීම තුලින් "හරක් හොරෙක්" ලෙසද හංවඩු ගසනු ලැබිය.
මෙම ළමයාගේ මුහුණ නොපෙනෙන ලෙස බොඳ කර පෙන්වීමට තරම් මේ පොන්නයෝන්ට මාද්‍ය සදාචාරයක් තිබුනේ නැත.
මෙම ක්‍රියාව තුලින් නිශාන්තගේ ඉදිරි ජිවිතයද විනාශ විය හැක.නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙකි.
ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගෝනෙකු පසුගිය පෝය දිනයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැක පහල කරන්නේ නිශාන්ත කෙනෙකි.
නමුත් එම නිශාන්තට දේශපාලන බලවතෙකු හේතුවෙන් ස්වර්ණවාහිනියෙන් පුවත් විකාශය ඔස්සේ ප්‍රබල දේශපාලඥයෙක් මෙම සිදුවීම පිටුපස ඇති බවට පමණක් සඳහන් කිරීමට වගබලා ගත්තහ.
![]()
....................................................................................................
මේ නිව්ස් එක දෑක්ක ගමන් මට මතක් වුනේ ඒ කාලේ හිටිය බොහොම සොදුරු ගුණවත් මාද්‍ය වේදීන් ප්රෙමකිරිතිද අල්විස්, ටයිටස් තොටවත්තයන්, පාලිත පෙරේරා, සුනන්ද මාදවලා වගේ අය නෑතුව ගියා.
ඔවුන් හොද බුද්දියක්, හොද පපුවක්, සාමජය යහමගට හරවන්න ආසවක් තිබු මාධ්‍යයවේදීන්.., එකට දෑන් ඉන්න වෙ_ගේ පුතාලා අම්මා තාත්තා හරි විකුනයි මිඩියා එක උස්ස ගන්න.
මම නම් කියන්නේ මේ කොල්ලා නිදොස් උනොත්, මිලියන ගානක් වන්දි ඉල්ලලා නඩු දන්නා කියලා මේ පොන්නයෝන්ට පාඩමක් උගන්වන්න





