ස්වර්ණවාහිනියේ manners පාඩම
ස්වර්නවාහිනිය හිතන හැටියට මේ රටේ පොදු ජනයා නිතරම වැරදි කරන පිරිසකි. ඒ නිසා කවදාවත් වැරදි නොකරන ස්වර්නවාහිනියේ සෝමා නෝනා ඇතුලු කට්ටිය එයාලගේ ලයිව් ඇට් 8 ප්රවෘත්ති ප්රචාරයේදී මේ රටේ ජනයාට වැරදි නොකර ජීවත් වෙන හැටි කියාදෙන්නට පටන් ගෙන තිබේ.
ඒ සඳහා රටේ මිනිස්සු කනකොට ,බොන කොට ,ඇවිදින කොට, වාඩි වෙනකොට, නාන කොට නිදාගන්නකොට සහ තව තව දේවලදී කරන වැරදි හොරෙන් වීඩියෝ කරගෙන ඇවිත් පෙන්වා මේ වැරදි කරන්න එපායැයි කියති.
ඊයේ ඔවුන් මේ සඳහා තෝරාගෙන තිබුනේ අපේ රටේ ජනයා කෝච්චියට නගින කොට කරන වැරදිය. ඊයේ ලොකේෂන් එක වුනේ වැල්ලවත්ත ස්ටේෂන් එකයි.
ඉතින් ස්වර්නවාහිනිය අපිට ප්ලැට්ෆොර්ම් එකේ සිට කෝච්චියට නොනැග රේල් පාරට බැස පාරේ අනිත් පැත්තට ගොස් කෝච්චියට ගොඩ වෙන මිනිසුන් පෙන්වා එහෙම කරන එක හොඳ නැති බව කියයි.ඊලඟට නියමිත ගේට්ටුවෙන් ස්ටේෂමට ඇතුල් නොවී වෙනත් තැන් වලින් ඇතුල් වී කෝච්චියට නගින මිනිස්සු හා අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන මිනිස්සු පෙන්වා ඔවුන් හොරෙන් යන අය බවත් , ඔවුන්ට දඩ වදින බවත් කියයි.
ඇත්තය. සහතික ඇත්තය. ප්ලැට්ෆොර්ම් තියෙද්දි රේල් පාරට බැසීම හොඳ නැත. එය අනතුරුදායකය. ඒත් මේ වැඩිහිටි මිනිසුන් එසේ කරන්නේ විනෝදයට නොවෙන බව සුවර්නවාහිනියේ සර්වතෝභද්‍ර මහත්වරුන් නොදන්නවා නොවේ. ඔවුන් එසේ කරන්නේ ප්ලැට්ෆෝම් එක පැත්තේ හිටියොත් සමහර විට කෝච්චියට නගින්නටද බැරි වන නිසාය. කෝච්චිය එතෙන්ට එන්නේ පෙට්ටිය ඇතුලේ ඉන්නවාට වඩා පිරිසක් දොරවල් වල එල්ලා ගෙන නිසාය. පලමුවෙන් එන කෝච්චියේ කොහොම හරි යන්න හදන්නේ ඊ ලඟට එන කෝච්චිය ෂුවර් නැති නිසාය. කෙටියෙන් කිවහොත් ලංකාවේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ෆේල් නිසාය.
ඒ අසමත් කම ගැන වචනයක්වත් නොකියන ස්වර්නවාහිනිය මුලින්ම එන කෝච්චියේ කොහොම හරි ගෙදර යන්න උත්සාහ කරන මිනිස්සු පෙන්වා පොරවල් වීමට හදයි.
ඊ ලඟට මෙයාලා කියනව මිනිස්සු අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්නේ ටිකට් ගන්නේ නැතිව කෝච්චියේ යන්නලු. අනේ හාමිනේ ඔහේ දන්නේ නැත්ද හැමදාම කෝච්චියේ වැඩට එන මිනිස්සු , ගෑනු හැමදාම ටිකට් ගන්නේ නැතිය, ඒ වෙනුවට එයාලා මාසෙකට හරි මාස තුනකට සැරයක් සීසන් ටිකට් එකක් ගන්නවා කියලා. ඒ මිනිස්සු හොරෙන් වීඩියෝ කරලා පෙන්නලා ඔවුන්ට අපහාස කරනවා ටිකට් නැතිව හොරෙන් යනවා කියලා.
අනේ අපි නොදන්න හරින්දයාගේයි සෝමගෙයි මැනර්ස් පාඩම්
උපුටා ගත්තේ
ස්වර්නවාහිනියේ මැනර්ස් පාඩම
Swarnawahini Teaches How

. 