ස්විස් නාටකය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කන්දප්පා පැනගිය පසු කරළියට ගෙන ආ ස්විස් නාටකය


    පසුගිය කාලයේ බුද්ධි අංශවලට එරෙහි සීඅයිඞී විමර්ශනවලදී වධකයාගේ චරිතයට පණ දුන් ඒඩි‍්‍රයන් නිශාන්ත සිල්වා කන්දප්පා නව රජය බලයට ඒමත් සම`ග ඉකුත් 24 වැනිදා හොර රහසේම ස්විට්සර්ලනත්යට පලා ගියේ ය.

    සිය දරු පවුලද සම`ග එසේ පලා ගිය නිශාන්ත සිල්වා කන්දප්පා පසුව එරට සිට විදේශ මාධ්‍යයකට ප‍්‍රකාශයක් කරමින් පවසා තිබුණේ තමන්ට මරණීය තර්ජන එල්ල වීම නිසා ස්විට්සර්ලන්තයට පලා ආ බවකි.

    මෙකී මරණීය තර්ජන කතාව වෙනුවට රාජිත සේනාරත්න ප‍්‍රමුඛ නඩය පසුගිය කාලයේ නීතිය නවමින් සිදු කළ දඩයම හමුවේ තමන්ට වැලිකඩ බෝඩිමේ යකඩ කූරු සහ ජම්පර සිහිනෙන් පෙනුන නිසා ස්විට්සර්ලන්තයට පැන ආ බව නිශාන්ත කන්දප්පා කීවේ නම් අපටද ඒ කතාව පිළිගත හැකිව තිබිණි.

    එහෙත් ඔහු කීවේ වෙනනකි. නිශාන්ත කන්දප්පා එසේ මරණීය තර්ජන කතාවක් කියද්දී මාතෘ භූමියට ද්‍රෝහී වූ ඔහුව අත්පොළසන් දෙමින් වැළ`ද ගත්තේ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සහ විජාතික ක`දවුරය.

    නීතියේ දෙව`ගන සතුව ඇති තරාදිය ගෙන පංචිකාවත්තට විකුණන ආකාරයෙන් බුද්ධි අංශවලට එරෙහි විමර්ශන සිදු කළ ඔහු ද්‍රෝහීන්ගේ වීරයා බවට පත්විය.

    මෙහිදී ද්‍රෝහීන් වෙතට කන්දප්පා යැවීමේ වගකීම මුළුමනින්ම වත්මන් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව භාරගත යුතුව ඇත.

    එයට හේතුව වන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ හිටපු ඒඑස්පී තිසේරා විසින් නිශාන්ත කන්දප්පා පැන්නීමේ මෙහෙයුම දියත් කළ බව මේ මොහොත වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළින්ම හෙළිවෙමින් තිබීමය.

    කෙසේ වෙතත් නිශාන්ත සිල්වා කන්දප්පා මෙසේ ස්විට්සර්ලනතයට පැන යෑමත් සම`ග තවත් පැත්තකින් සිදුවූ දෙයක්ද තිබිණි. නිශාන්ත කන්දප්පාගේ පලා යෑම මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ අනුග‍්‍රහය සහිතව සිදුව තිබුණකි.

    ඒ අනුව ඔහුගේ පලා යෑමත් සම`ග එම සිද්ධිය ශී‍්‍ර ලංකාව පාර්ශ්වයෙන් ආන්දෝලනාත්මක එකක් බවට පත්වීම හේතුවෙන් අවසානයේ ස්විට්සර්ලන්ත රජයේ ඇ`දිවත ගැලවී නිරුවත ලෝකයට හෙළිවන සිදුවීමක් බවට එය පත්වූයේ මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා ඇතුළු කිසිවෙක් නොසිතූ පරිදිය.

    මෙහිදී රාජ්‍ය තාන්ති‍්‍රක විශ්වසනීයත්වය අවභාවිත කර තිබීම හේතුවෙන් මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයාද සිටියේ බරපතළ උභතෝකෝටිකයකට මැදිවය. මුලදී සරල තැනක තිබුණද නිශාන්ත කන්දප්පාගේ පලා යෑම මොහොතින් මොහොත සංකීර්ණ කරුණක් බවට පත් වෙමින් තිබිණි.

    නිශාන්ත සිල්වා කන්දප්පා යනු මෙරට ජනතාවගේ මානව අයිතීන් කඩ කළ බවට චෝදනා එල්ල වී

    ශී‍්‍ර ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරු වූවෙකි. එසේම ස්විට්සර්ලන්තයට පැන යන මොහොත දක්වාම ශී‍්‍ර ලංකාවේ නීතිය අවභාවිත කරමින් ආන්දෝලනාත්මක විමර්ශන ගණනාවක් සිදු කළ අයකු බවටද ඔහුට චෝදනා එල්ල වී තිබිණි. නිශාන්ත සිල්වා කන්දප්පා මෙරට අධිකරණයක් හමුවේ මිනී මැරුම් චෝදනා එල්ල වූ චූදිතයකුද වේ.

    එවන් තත්ත්වයක් තුළ ඉහළින් මානව හිමිකම් කතා කරන ස්විට්සර්ලන්තය වැනි රාජ්‍යයක් නිශාන්ත සිල්වා කන්දප්පා වැන්නකුට දේශපාලන රැුකවරණ දෙන්නට තරම් ළ`ද බොළ`ද තැනකට ඇදවැටීම ලෝකය ඉදිරියේ ස්විට්සර්ලන්තයේ රෙදි ගැලවී යන කරුණක් වීමටත් සියල්ල මෙරට ස්විස් තානාපතිවරයා වන හාන්ස් පීටර් මොක් මහතාගේ නහයට උඩින් යෑමටත් හේතු විය.

    ඇතිවූ මේ තත්ත්වය තුළ ඊළ`ගට සිදුවූයේ කුමක්ද? හෙළිවූ නිරුවත වසා ගනු වෙනුවට ශී‍්‍ර ලංකාවේ ස්විස් තානාපතිවරයා කරනු ලැබුවේ තවත් නාටකයක් කරළියට ගෙන ඒමය. ඒ අනුව නිශාන්ත කන්දප්පා මෙරටින් පලා ගොස් දෙදිනකට පසුව තානාපති කාර්යාලයේ සේවය කරන ශී‍්‍ර ලාංකික කාන්තාවක පැහැරගෙන ගොස් ඇතැයි කියමින් රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමින් ශී‍්‍ර ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කිරීමට ස්විස් තානාපතිවරයා කි‍්‍රයාකරනු ලැබීය.

    මෙහිදී අදාළ කාන්තාව සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඇතැයි මුලදී කී ස්විස් තානාපති හාන්ස් පීටර් මහතා පසුව එය බැහැරකර ඇයව සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් නිශාන්ත කන්දප්පාට වීසා ලබා දීම සහ තානාපති කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු පිළිබ`ද ප‍්‍රශ්න කර ඇති බවත් ඇයට දැඩි ලෙස තර්ජනය කර ඇති බවත් විදේශ අමාත්‍යාංශයට කළ පැමිණිල්ලේ ස`දහන් කර තිබිණි.

    මෙසේ පැහැර ගැනීමට ලක්වූ බවට ස`දහන් කර තිබුණේ ගාලියා බැරිස්ටර් ප‍්‍රැන්සිස් නමැති ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ මෙරට නිලධාරිනියකි. ඇය ශී‍්‍ර ලාංකික දෙමළ කාන්තාවකි.

    නව රජය බලයට පැමිණීමත් සම`ග එල්ලවූ මෙම චෝදනාව ඉතා බරපතළ එකක් විය. එසේම එමගින්

    ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල කළුපැල්ලමක් ඇතිවීම ද සැලකිල්ලට ගත් රජය කළේ ස්විස් තානාපතිවරයාගේ එම පැමිණිල්ල ලද විගස ඒ පිළිබ`ද වහාම විධිමත් විමර්ශනයක් ඇරඹීමය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්, සීසීටීවී තාක්‍ෂණය පිළිබ`ද විශේෂ පොලිස් කණ්ඩායමක් සහ අපරාධ විමර්ශනයෙහිලා පුහුණුව ලැබූ පොලිස් කණ්ඩායමක් එම විමර්ශනයට එක්ව තිබිණි. මෙහිදී සිද්ධියට මුහුණ දුන් තානාපති කාර්යාලයේ කාන්තාවගේ ප‍්‍රකාශයක් නොමැතිව සියල්ල සිදු කිරීමට වීම විමර්ශකයෝ මුහුණු දුන් බරපතළ තත්ත්වයක් වූහ.

    එහෙත් අවසානයේ ඔවුහු පැය විසිහතරක් තුළ සිද්ධිය වූ බව කී ප‍්‍රදේශය අවට ඇති සියලූම සීසීටීවී කැමරා නිරීක්‍ෂණය කරමින් දුරකථන දත්ත විශ්ලේෂණ සහ ජීපීඑස් දත්ත ඔස්සේ පුළුල් විමර්ශනයක යෙදී විද්‍යාත්මක කරුණු රාශියක්

    එක්රැුස්කර තානාපති කාර්යාලය කියන ආකාරයේ

    පැහැරගැනීමක් සිදුව නොමැති බවට තහවුරු කරනු ලැබූහ.

    තානාපතිවරයා කළ අදාළ පැමිණිල්ලේ ස`දහන්ව තිබුණේ සිය කාර්යාල නිලධාරිනිය පාසලකට යන අතරතුර පැහැරගැනීමට ලක්ව තිබූ බවය. එහෙත් විද්‍යාත්මක දත්ත මත සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ තානාපති කාර්යාල සේවිකාවට අදාළ පාසලට යෑමට කිසිදු හේතුවක් තිබී නොමැති අතර ඇය පැය දෙකක පමණ කාලයක් සිය මිතුරියකගේ නිවසක රැු`දී සිට ඇති බවය. ඇය එසේ මිතුරියගේ නිවසේ රැු`දී සිට ඇත්තේ පැහැර ගැනීම සිදුවූ බව කියන කාලපරාසය තුළය.

    මේ තත්ත්වයත් සම`ග විමර්ශන කණ්ඩායමේ ඊළ`ග නිගමනය වූයේ පරීක්‍ෂණ ඉදිරියට ගෙන යෑමට නම් අනිවාර්යයෙන්ම පැහැරගැනීමට ලක් වූ බව කියන කාන්තාවගේ ප‍්‍රකාශයක් ලබාගත යුතුයැයි යන්නය.

    පසුව මෙම විමර්ශනයෙන් හෙළිකරගත් තොරතුරුද සම`ග මෙරට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා හමුවූ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සහ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවතින

    සත්‍ය තත්ත්වය පිළිබ`ද තානාපතිවරයා දැනුවත් කරමින් ඉදිරි විමර්ශන ස`දහා වහාම පැහැර ගැනීමට ලක්වූ

    කාන්තාවගෙන් ප‍්‍රකාශයක් ලබාගත යුතු ඇතැයි තානාපතිවරයාට දැනුම් දෙනු ලැබිණි.

    එහෙත් ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා සහ විදේශ ලේකම්වරයා එසේ පවසද්දී ගැසු තුරුම්පුව වැරදී සියල්ල හත්පොළේ ගෑවී ඇති බව වටහා ගත් ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ ප‍්‍රතිචාරය වූයේ අදාළ කාන්තාව දැඩි මානසික පීඩනය නිසා ප‍්‍රකාශයක් ලබාදිය නොහැකි තත්ත්වයට රෝගීව සිටින බැවින් ඇය සහ පවුලේ සාමාජිකයන් සියලූ දෙනා ගිලන් සේවා ගුවන් යානයකින් ස්විට්සර්ලන්තයේ

    රැුකවරණ ස`දහා රැුගෙන යා යුතුව තිබෙන බවය.

    ශී‍්‍ර ලංකාවට විශාල අපකීර්තියක් ගෙන දෙමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් එල්ල වූ මෙකී චෝදනාවේදී යම් අපරාධයක් සිදු තිබේ නම් ඒ පිළිබ`ද අනාවරණය කරගැනීමකින් තොරව මෙසේ වින්දිතයා රැුගෙන යෑම ස`දහා ඉල්ලීමක් කිරීමට තරම් ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා ඒ වන විට අන්තයටම ඇදවැටී හාන්සි වී සිටියේ එසේය.

    සැබැවින්ම ලොව රාජ්‍යතාන්ති‍්‍රක නියෝජිතයකු මෙතරම් කො`දු බි`දගත් අවස්ථාවක් අපි දැක නැත්තෙමු. මෙරට ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මහතා මෙවන් පහත් තත්වයකට ඇද වැටුණේ ඇයි?

    කෙසේ වුවත් තානාපතිවරයාගේ ඉල්ලීමට අනුව අදාළ කාන්තාව සහ පවුලේ සාමාජිකයන් ස්විට්සර්ලන්තයට රැුගෙන යෑම ස`දහා අවසර දීමට

    ශී‍්‍ර ලංකා රජය සූදානම් නොවිණි. රජයේ මතය වූයේ යම් අපරාධයක් සිදුව තිබේනම් ඒ පිළිබ`ද සත්‍ය අනාවරණය කර ගැනීමකින් තොරව ඇයට රටින් පිටව යෑමට අවස්ථාව දිය නොහැකි බවය.

    ඒ අනුව සිය තානාපති කාර්යාල නිලධාරිනිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය තුළ ර`දවා තබා ගැනීමට මේ වන විට තානාපතිවරයා පියවර ගෙන ඇත. ඒ හේතුවෙන් මේ දක්වා ඇගෙන් ප‍්‍රකාශයක් ගැනීමට නොහැකි වීම නිසා අදාළ නිලධාරිනියට රටින් පිටව යෑම තහනම් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ නියෝගයක් ලබා ගැනීමටද පොලිසිය ඊයේ (3 වැනිදා* කටයුතු කළේය.

    එහෙත් සත්‍ය මෙසේ වෙද්දී පෙරේදා (2 වැනිදා* සුපුරුදු ලෙස පච මාධ්‍ය හමුවක් පැවත්වූ හිටපු ඇමැති රාජිත සේනාරත්න රටට කීවේ කුමක්ද?

    තානාපති කාර්යාල නිලධාරිනිය පැහැරගත් කණ්ඩායමේ සිටි එක් අපරාධකරුවකු ලෙස මාධ්‍යයට අදහස් දැක්වූ රාජිත ස්විස් තානාපති නිලධාරිනියගේ කටට පිස්තෝලයක් ඔබා තර්ජනය කර ප‍්‍රකාශ ලබාගෙන ඇති බව කිසිම විලිලැජ්ජාවක් නැතිව පැවසීය.

    මේ හේතුවෙන් භීතියට පත්වූ එම නිලධාරිනිය නිවසට ගොස් මේ දක්වා සිය පවුලේ සාමාජිකයන් සමග පවා කතාබහ කර නොමැති බවද කට උල් කරමින් රාජිත සේනාරත්න රට හමුවේ ස`දහන් කළේය. එසේම පරාජිත ජනාධිපතිවරණ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාද යළිත් දුවන කෝච්චියට බෙල්ල තැබුවාක් මෙන් මෙම සිද්ධිය පිළිබඳ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ තානාපති නිලධාරිනිය පැහැර ගැනීම ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකවට විශාල අපකීර්තියක් බවය.

    පසුගිය කාලයේ කිඹුල් රැුවුලා මාධ්‍ය ඉදිරියට

    රැුගෙනවිත් මේ වනවිට පඹගාලක පැටලී සිටින රාජිත මෙන්ම අපේකමට එරෙහිවන සජිත්ගේ දේශපාලනයේ ඇති කුහක බව පෙන්වා දීමට ඔවුන් කරනු ලැබූ මේ ප‍්‍රකාශම ප‍්‍රමාණවත්ය.

    රාජිතලාගේ දේශපාලන හැසිරීම මෙසේ වෙද්දී යම් අන්දමකින් මේ කියන තානාපති නිලධාරිනිය අදාළ චෝදනාව කිරීමෙන් පසු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රැුකවරණ මැද විදේශගත වූයේ නම් මේ රටට අත්වන ඉරණම කෙසේ විය හැකිව තිබිණිද?

    එසේ වූයේ නම් ලබන මාර්තු මාසයේ මේ රට තුළ මැතිවරණ උණුසුම පවතිද්දී ජීනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු රජයට එරෙහිව නැගී සිටින ප‍්‍රධාන චරිත දෙකක් බවට රටින් පැන ගිය නිශාන්ත සිල්වා කන්දප්පා සහ ගාලියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් නමැති මෙම තානාපති නිලධාරිනිය මතුවීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.

    මෙතෙක් කලක් ජීනිවා මානව හිමිකම් කවුන්සිලය තුළ ශී‍්‍ර ලංකාවට එරෙහිව කරන ලද චෝදනාවලට ද්‍රෝහීහු සාධක කරගනු ලැබුවේද මෙවන් නාටක වූහ. ඒ සියල්ලෙහි නිසි සාක්‍ෂි කිසිත් නොවුණද චෝදනා බොහෝ තිබිණි.

    යම් ලෙසකින් මේ කුමන්ත‍්‍රණය සාර්ථක වූයේ නම් එළැඹෙන මැතිවරණ සමයේ රාජිත සේනාරත්න වැන්නවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු වත්මන් රජයට එරෙහිව ඊළ`ග මඩ ව්‍යාපාරය දියත් කිරීමේ මෙවලම බවට එය තෝරාගෙන තිබුණාද විය හැකිය. එහෙත් වත්මන් රජයේ ¥රදර්ශී කි‍්‍රයාදාමය හමුවේ මේ මොහොත වන විට සියල්ල ඇත්තේ ව්‍යර්ථව ගොසිනි.

    හන්සයෝ පැන්ස දෙකට වැටී ඇති අවස්ථාවක මතුවී සිටින සැබෑ රාජ්‍ය නායකයකු ඉදිරියේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා සම`ග මේ වන විට රාජිත සජිත් වැන්නවුන්ද කුජීතවී අවසන්ය. සැබැවින්ම නිශාන්ත සිල්වා කන්දප්පා මෙරටින් පලා යෑමත් සම`ග ස්විට්සර්ලන්ත තානාපතිවරයා කරළියට ගෙන ආ මේ නාටකයේ පිටපත නම් හරිම අපූරුය.

    එහෙත් රංගනය ගොබ්බ එකක්ම වූ වග මේ මොහොත වන විට ලෝකයට හෙළිවෙමින් ඇත.

    සමන් ගමගේ - දිවයින
     
    • Like
    Reactions: KDH

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හත්පොලේ ගාගෙන ඉන්නෙ...
    රාජිත කිව්වා ඒ තැනැත්තිගෙ කටට දීලලු පිස්තෝලෙ.. කම්පනෙන්ලු ඉන්නෙ කට උත්තරත් නෑලු...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දිවයින.. :lol::lol::lol:
    ඊ නිව්ස් කොපි..

    ජේන් දෝ ඇන්ඩ් අගහරු ගඩොල් ප්ලීස්.

    එකම keyboard එකේ කොටන උඹල දෙන්නට හිතෙන්නේ මේක මොකක් වෙන්න ඇතිද ? රාජිත කියන දේ ඇත්ත කියලද ? :shocked: :shocked: :lol:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඇයි දෙයියනේ ගූ ඇන් පී හීන එකින් එක මේ විදිහට කුජීත වෙලා යන්නේ...
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,493
    113
    රූකඩ රාජ්ජේ
    දිවයින.. :lol::lol::lol:
    ඊ නිව්ස් කොපි..

    ජේන් දෝ ඇන්ඩ් අගහරු ගඩොල් ප්ලීස්.

    මේ ඉස්සුවා කියන ගෑනි උබලටත් කිව්වද පිස්තොලේ ඒකිගේ කටට දුන්නා, කට පිරිලා නිසා තවමත් කතාකරගන්න බෑ කියලා ? රාජිත දෙයියට පහන පත්තුකරාද අද උදේ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක් වූ බව කියන කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ සවිකර තිබූ සියලූම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කළ ද එවැනි සිදුවීමකට අදාළ දර්ශන කිසිවක් සටහන්ව නොතිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. 04 - පිටුවට

    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටස් ෆ‍්‍රැන්සිස් නමැති දෙමළ ජාතික කාන්තාව පැහැර ගනු ලැබුවේ කොළඹ කුරුඳුවත්ත ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අසලදී බවට වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබුණේ තානාපති කාර්යාල නිලධාරියකු විසිනි.

    ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පැහැර ගැනීම සිදු වූ බව කියන ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අවට ප‍්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, නිවාස, වෙළෙඳසල් සහ මහාමාර්ගයේ සවිකර තිබූ සියලූම සී.සී.ටී.වී. කැමරා දැඩි පරීක්‍ෂාවකට ලක් කර තිබිණි.

    එහෙත් මෙවැනි පැහැර ගැනීමකට අදාළ දර්ශන කිසිවක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අසමත් වී ඇත.

    මෙම පැහැර ගැනීමට ලක් වූ බව කියන තානාපති කාර්යාලයීය නිලධාරිනියගෙන් ප‍්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක නිරත වුවද ඇය ඒ සඳහා ඉදිරිපත් වී නැත.

    මෙම කාන්තාවගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මියගෙන් පෙරේදා (3 දා) ඉල්ලීමක් කර තිබිණි.

    ඒ අනුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය මෙම කාන්තාව විදේශගතවීම ලබන 09 වැනිදා දක්වා වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර එදිනට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ද නියෝග කර ඇත.

    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජකාරි කළ මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ලිංගික හිංසනයක් කර පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නමැත්තා රටින් පලායෑමට අදාළ තොරතුරු විමසූ බවට වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබුණේ ඉකුත් 27 වැනිදා ය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.


    දිවයින - හේමන්ත රන්දුණු