ස්‌ටීව්_ජොබ්ස්‌ගේ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ස්‌ටීව්_ජොබ්ස්‌ගේ

    ඇපල් නිර්මාතෘ ස්‌ටීව් ජොබ්ස්‌ගේ ජීවිතය හා මරණය


    Steve-Jobs-1.jpg



    සුප්‍රකට ඇපල් සමාගමේ කෝටිපති සම-නිර්මාතෘ මෙන් ම පෞද්ගලික පරිගණකය, දුරකථනය හා සංගීත කර්මාන්තය විප්ලවීය ලෙස වෙනස්‌ කළ ස්‌ටීව් ජොබ්ස්‌ 2011 ඔක්‌තෝබර් 6 වන දින වයස අවුරුදු 56 දී ඇමරිකාවේ කැලිෆෝනියාවේ අභාවප්‍රාප්ත වූවේ ය. ජොබ්ස්‌ගේ බිරිඳ ලොරෙන් ය. ඔවුන්ට දාව දරුවන් 4 දෙනෙකි. බෞද්ධාගමිකයෙකු වූ ජොබ්ස්‌, 1991 දී විවාහ වූ අතර එකී උත්සවය පැවැත්වූයේ කොබුන් චිනෝ එටොගාවා නම් සෙන් බෞද්ධ භික්‌ෂුවගේ ප්‍රධානත්වයෙනි.

    රෝගී තත්ත්වය හේතුකොටගෙන පසුගිය අගෝස්‌තුවේ දී, තමා විසින් ම 1976 දී පිහිට වූ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්‌වන ජොබ්ස්‌ අසාමාන්‍ය තත්වයේ අග්න්‍යාස පිළිකාවකින් පෙළෙමින් සිටියේ ය. 2003 වසරේදී පිළිකාව පළමුවරට සොයාගත් අතර 2009 වසරේදී ඔහුට වකුගඩු බද්ධ කිරීමක්‌ ද සිදුවිය. ජොබ්ස්‌ තම ඉල්ලා අස්‌වීමේ ලිපියේ මෙසේ ලියන්නේ ය. මා සැමවිට ම කීවේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක තනතුරේ රාජකාරි හා අපේක්‌ෂා නිසිපරිදි ඉටු නොකළ හැකි දිනයක්‌ පැමිණෙන්නේ නම්, ඔබ වෙත එය දැනුම් "මට ඉදිරිපත් වන පළමුවැනියා මම වෙමි. අවාසනාවන්ත ලෙස එම දිනය පැමිණ තිබේ.

    මයික්‍රෝසොfට්‌ සමාගමේ හිටපු ප්‍රධාන විධායක බිල් ගේට්‌ස්‌ ප්‍රකාශයක්‌ නිකුත් කරමින් කීවේ තමා ජොබ්ස්‌ගේ මරණය අසා සැබෑ ලෙස ම දුකට පත් වූ බව ය. ස්‌ටිව් ලෝකයට කළ බලපෑම වන් බලපෑම්කාරී අය ලෝකයට එන්නේ කලාතුරකිනි. ඔහුගේ බලපෑම තව පරම්පරා ගණනාවක්‌ පවතිනු ඇත යන්න ය. බරක්‌ ඔබාමාගේ ප්‍රකාශය තුළ සටහන් වූයේ මෙවැන්නකි. ඔහු අපේ ජීවිතය හාත්පසින් වෙනස්‌ කළේ ය. සියලු ක්‌ෂේත්‍රයන් නැවත නිර්වචනය කළේ ය. මිනිස්‌ ඉතිහාසයේ දුර්ලභ ම ගණයේ සාර්ථකත්වයක්‌ අත්කර ගත්තේ ය. ඔහු අප ලෝකය දෙස බලන ආකාරය වෙනස්‌ කළේ ය. චීනයේ බිජිං නුවරට ද ජොබ්ස්‌ගේ අභාවය ඉතා තදින් දැනී තිබේ. ඔහුගේ මරණය අසා චීනය පුරා පිහිටි ඇපල් වෙළඳසල් ශෝකී ජනයාගෙන් පිරීගිය අතර ඒවා ඉදිරිපස තැබූ දහසක්‌ මල් හා ශෝක ප්‍රකාශ අත§න් එකක මෙවැන්නක්‌ සටහන් වියඃ ඔබ අපගේ ජිවිතය පොහොසත් කර ඇත. ලෝකය වෙනස්‌ කිරීම පිළිබඳ ස්‌තුතියි. අපි ඔබට ආදරය කරමු.

    ජොබ්ස්‌ගේ ළමාවිය රෝසමල් යහනාවක්‌ නොවේ. ඔහු දරුකමට හදාගත් අයෙකි. වැඩකරන පන්තියට අයත් ඔහුගේ දෙමාපියන් හට ජොබ්ස්‌ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට මුදල් නොතිබුණේ ය. මේ බව තේරුම් ගත් ඔහු රීඩ් කොලීජියට ඇතුළු ව මාස 6 කට පසු එය හැර යන්නේ ය. සතියකට වරක්‌ හෝ කටට රහට ආහාර වේලක්‌ සොයා එවකට කැලිෆෝනියාවේ හරේ ක්‍රිෂ්ණා පන්සල වෙත ඔහු සැතපුම් 7 ක්‌ පයින් ගියේ ය.

    ඇමරිකාවේ සිලිකන් මිටියාවතේ පුරෝගාමී චරිතයක්‌ වන ජොබ්ස්‌ එකී කලාපය තාක්‌ෂණයේ මර්මස්‌ථානයක්‌ කිරීමට විශාල ලෙස දායක වූවේ ය. වයස 20 දී පමණ තම කුඩා කල මිතුරෙකු වූ ස්‌ටීව් වොස්‌නියෑක්‌ සමග එක්‌ ව ඇපල් සමාගම පිහිට වූ ජොබ්ස්‌, ඇපල් 2 නම් ලෝකයේ පළමු පෞද්ගලික පරිහරණය නිර්මාණය කළේ ය. පළමු ඇපල් පරිගණකය මට සිලිටු නොකළ අමු දැවයෙන් කළ පෙට්‌ටියක දැමූ යන්ත්‍රයක්‌ වූ අතර එය අතින් නිමවා තිබුණේ තම දෙමාපියන්ගේ ගරාජයේ ය. එය විකුණනු ලැබූයේ ඩොලර් 666.66 කට ය.

    කිසි දිනෙක සාම්ප්‍රදායික දැනුම සමග ඉදිරියට යාමට සූදානම් නොවූ ජොබ්ස්‌ 2005 වසරේදී ස්‌ටැම්µර්ඩ් උපාධිධරයන්ට දුන් උපදේශය අනුව ම තම ජීවිතය ද ජීවත් වූවේ යුග පැරණි සම්ප්‍රදායේ උගුලට හසු නොවන්න- එය අන් මිනිසුන්ගේ චින්තනයේ ප්‍රතිපලයෙන් ජීවත් වීමයි. අන් මිනිසුන්ගේ මතවල ශබ්දය විසින් ඔබගේ අභ්‍යන්තර හරෑ යටපත් වීමට ඉඩ නොහරින්න... කුසගිනි ව සිටින්න. මෝඩ ව සිටින්න. ලෝක යථාර්ථය හොඳින් අවබෝධ කරගෙන ජීවත් වූ ජොබ්ස්‌ එම අවබෝධය විසින් ම තම ජීවිතය සාර්ථක කළ බව ඔහු නොවලහා කියන්නේ ය. මා ඉක්‌මනින් ම මියයැමට යන බව සිහිපත් කිරීම මගේ ජීවිතයේ විශාල ප්‍රමාණයේ තේරීම් කිරීමට මට සහාය වූ වැදගත් ම අවිය වන්නේ ය.

    1985 දී පමණ ජොබ්ස්‌ තමාගේ ම සමාගමෙන් නෙරපා හැරෙන්නේ දරුණු අධ්‍යක්‌ෂ මණ්‌ඩල සටනකින් පසු ය. ඔහු විසින් ම පෙප්සි සමාගමෙන් ගෙනා ජෝන් ස්‌කලේ නම් ප්‍රධාන විධායක නිලධාරියා විසින් තමාට එරෙහි ව අධ්‍යක්‌ෂ මණ්‌ඩලය තුළ කළ සටනකින් ජොබ්ස්‌ පසු බැස්‌සේ ය. ජොබ්ස්‌ පසුව කිවේ එකී නෙරපා හැරීම තම ජීවිතය සම්බන්ධයෙන් සිදු වූ හොඳම දෙය බව ය. මෙකලදී ඔහු විසින් පික්‌සාර් නම් පරිගණක සජීවිකරණ සමාගම මිළට ගන්නා අතර පික්‌සාර් යනු සිනමා ඉතිහාසයේ දැවැන්ත ගනයේ සජීවිකරණ චිත්‍රපට නිපදවූ සමාගමකි. ජොබ්ස්‌ නැවතත්, වසර 11 කට පසු ඇපල් වෙත එන්නේ එම සමාගමට එරෙහි ව හතර වටින් ව්‍යාපාරික අභියෝග එල්ල වෙමින් පැවති විට ය. ඒ වන විට ඇපල් සමාගම වසරක්‌ ඇතුළත ඩොලර් බිලියනක්‌ අහිමි කරගත් අතර බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම සඳහා සමාගමට තිබුණේ තවත් දින 90 ක්‌ පමණි. ඔහුගේ නැවත පැමිණීම ඕනෑ ම ව්‍යාපාර ආයතනයක පුනරාගමනය පිළිබඳ කදිම නිදසුනකි. ජොබ්ස්‌ගේ අලෙවිකරණ හැකියාව අති විශිෂ්ට විය. ලෝකයේ ධනවත් ම පුද්ගලයා වන බිල් ගේට්‌ස්‌ පවා එහි ගොදුරක්‌ විය. ගේට්‌ස්‌ විසින් ජොබ්ස්‌ගේ එකී අලෙවිකරණ හැකියාව විස්‌තර කර තිබුණේ "එයා විශ්මයජනකයි. එයා විකුණුමෙහි ඔස්‌තාද්වරයෙක්‌" යනුවෙනි. ඒ ඇපල් සමාගම බංකොලොත්භාවය අබියස සිටියදී මයික්‍රොසොfට්‌ හරහා ජොබ්ස්‌ විසින් නැවතත් තම සමාගම බේරා ගැනීමෙන් පසු ය.

    මේ වසරේ මුල් භාගයේදී ලෝකයේ හොඳ ම සමාගම වූයේ ඇපල් ය. ඒ ප්‍රකට තෙල් සමාගමක්‌ වන එක්‌සොන් මොබිල් සමාගම දෙවැනි තැනට පත්කරමින් වන අතර මේ වන විට ඇපල් සමාගම ඩොලර් බිලියන 65. 2 ලාබයක්‌ ලබයි. තම ප්‍රථම අයිමැක්‌ස්‌ පෞද්ගලික පරිගණකයට පසු ඇපල් විසින් වැල නොකැඩී පරිගණක හිට්‌ ලෝකයට හඳුන්වා දුන්නේ ය. අයිමැක්‌ස්‌වලින් පසු අයිපෝඩය ද ඉන්පසු Itune ද ඇපල් හි සාර්ථකත්වයේ රහස්‌ ය. අයිපෝඩ් ලෝකයට හඳුන්වා දීමත් සමග ම සීඩි අලෙවිය වීශාල කඩා වැටීමකට භාජනය වූ අතර ස්‌ටීව් ජොබ්ස්‌ මෙම කර්මාන්තයේ ප්‍රබල හඬක්‌ බවට පත්විය. මිනිසුන්ට අවශ්‍ය දෙය නිර්මාණය කිරීම ජොබ්ස්‌ගේ සාර්ථකත්වයේ රහස වන අතර මෙහි පුදුමය වන්නේ ඔහු කිසිවිටෙක මෙම නිර්මාණයන් හඳුන්වාදීමට පෙර වෙළඳපොල මත විමසුම්වලට නොයාම ය. මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් ජොබ්ස්‌ කීවේ "බොහෝ වේලාවට තමාට පෙන්වන තුරු මිනිසුන් තමාට අවශ්‍ය වන්නේ කුමක්‌දැයි නොදන්නා බව ය.



    source
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ‎"Because The People Who Are Crazy Enough To Think They Can Change The World, Are The Ones Who Do"



    this is the best thing i have heard in my life...