“නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වෙරමණී සික්ඛාපදං සමාදියාමි.”
තේරුම:-
නැටීම ගී කීම බෙර ආදිය වැයීම හා විසුළු දැකීමෙන් ද මල් සුවඳ ද්‍රව්‍ය විලවුන් දැරීමෙන් ද ඒවායින් සිරුරේ අඩුතැන් (කැලල්) පිරවීමෙන් ද සම පැහැපත් කිරීමෙන් ද වැළකීම වූ සිකපදය සමාදන් වෙමි.
විස්තරය:-
මේ සිකපදය ඇත්තේ ඉතා කොටිනි. එයට අයත් කරුණු බොහෝ ය. සිල් සමාදන් වූවහු විසින් නැටීම ගී කීම බෙර ආදිය වැයීම නො කළ යුතු ය. අනුන් ලවා නොකර විය යුතු ය. අනුන් කරන කල්හි නොබැලිය යුතු ය. නො ඇසිය යුතු ය.