සාගර ත්‍රෙඩ් එක

සාගර ත්‍රෙඩ් එක

සාගරය කියන්නෙ හරි අපූරු තැනක්.:cool::cool:මේ ත්‍රෙඩ් එකෙන් අපි සාගරය ගැන කතා කරමු.:yes::yes::yes:ඉතින් මේ ගැන මන් දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.:dull:ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම බලලා ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න තමයි හිතන් ඉන්නෙ.;)මුලින්ම ලෝකෙ තියෙන ගැබුරු මුහුදු සහ සාගර පිළිබදව පොඩි අවබෝධයක් ලබා ගමු.:angry:

1. පැසිපික් සාගරය - අඩි 35,837 - මීටර 10,924
2. අත්ලාන්තික් සාගරය - අඩි 30,246 - මීටර 9,219
3.ඉන්දියන් සාගරය - අඩි 24,460 - මීටර 7,455
4.දක්ෂිණ සාගරය - අඩි 23,737 - මීටර 7,236
5. කැරිබියන් මුහුද - අඩි 22,788 - මීටර 6,946
6.ආර්ක්ටික් සාගරය - අඩි 18,456 - මීටර 5,625
7. දකුණු චීන මුහුද - අඩි 16,456 - මීටර 5,016
8. බීරිං මුහුද - අඩි 15,659 - මීටර 4,773
9. මධ්‍යධරණී මුහුද - අඩි 15,197 - මීටර 4,632
10. මෙක්සිකෝ බොක්ක - අඩි 12,425 - මීටර 3,787


සාගරය කියන්නෙ පෘථිවි පෘෂ්ඨයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් අත් පත් කර ගෙන සිටින ලවණ ස්කන්ධයකට.සාමාන්‍ය භාවිතයේදී අපි මුහුද සහ සාගරය එකක් ලෙස හැදින් වුවත් භූගෝල විද්‍යාවට අනුව මුහුද යනු සාගරයට වඩා ප්‍රමාණයෙන් කුඩා අර්ධ වශයෙන් භූමියෙන් යට වූ සාගර කොටස් වන අතර සාගර යනුවෙන් හදුන්වන්නේ ඊට වඩා විශාල ජලස්කන්ධයක් සහිත ප්‍රදේශයි. :yes::yes::yes::yes:
 
Last edited:
  • Like
Reactions: hmv

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලෝකෙට කලින් අපේ සාගරය ගැන කතා කාරානම් හොදයි ඉස්සර වගේ නෙමේ මාරවිල ඉදන් හලාවතට යන මුහුදු තිරය වගේම මුහුදත් ගොඩක් අපවිත්‍ර වෙලා
     
    සොහොන;19012710 said:
    ලෝකෙට කලින් අපේ සාගරය ගැන කතා කාරානම් හොදයි ඉස්සර වගේ නෙමේ මාරවිල ඉදන් හලාවතට යන මුහුදු තිරය වගේම මුහුදත් ගොඩක් අපවිත්‍ර වෙලා

    ඒකත් ඇත්ත තමයි :yes:
     
    සාගර විද්‍යාව


    26vlYrH.jpg

    සාගරය ගැන හැදෑරීම විද්‍යාවකි.
    එය Oceanography එනම් සාගර විද්‍යාව ලෙස හැදින්වේ.
    මෙමගින් සිදු කරන්නේ සාගර සහ මුහුදු පිළිබදව විද්‍යාත්මකව අධ්‍යනය කිරීමයි.
    මේ වන විට මෙම විෂය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දියුණු වී ඇත.
    භූ හර්භ සාගර විද්‍යාව (Geological Oceanography) ලෙස හදුන්වන අතර මෙමගින් සාගර පතුළත තිබෙන විවිධ භූ ලක්ෂණ අධ්‍යනය කිරීම සිදු වේ.
    භෞතික සාගර විද්‍යාව (Physical Oceanography) මගින් සාගරයේ භෞතික තත්වය පිළිබදව අධ්‍යනය කරයි.
    සාගර තරංග ඇති වීම,සාගර ජලයේ උෂ්ණත්වය,ආලෝකය,පීඩනය වැනි කරුණු පිළිබද අධ්‍යනය ඊට ඇතුළත්ය.
    රසායනික සාගර විද්‍යාව (Chemical Oceanography) මගින් මුහුදු ජලයේ රසායනික සංයුතිය පිළිබදව අධ්‍යනය කරයි.
    සමුද්‍ර ජීව විද්‍යාව (Marine) මගින් සිදු කරන්නේ මුහුදේ ජීවය පිළිබදව එනම්,මුහුදු ශාක හා සතුන් පිළිබදව අධ්‍යනය කිරීමයි.
    කාලගුණවිද්‍යාව (Meteorology) වායුගෝලය හා මුහුදු අතර පවතින අන්තර් ක්‍රියාව අධ්‍යනය කෙරෙන්නේ මේ විෂය ක්ෂේත්‍රයෙනි.
    :nerd::nerd::nerd::nerd: