උඹලා විස්වාස කරනවා නම් විස්වාස කරපන් මේ මටම උනු දෙයක්
මම කාලෙකට කලින් ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ ස්ටාටප් එකක ජොබ් එක කරා, එතන කරේ චැට් ඇප් එකක් එන්ඩ් ටු එන්ඩ් එන්ක්‍රිප්ශන් තියන එකක්. ඒ කාලෙ iOS ඇප් එක කරේ මම. ඔය VOIP වල වලට යූස් කරන ප්‍රොටොකෝල් එකක සෙකියුරිටි සීන් එකක් තියනවා SRTP කියලා
මම ඒ දවස් වල ඕක හද හදා හිටියෙ මට පට්ට චාටර් බග් එකක් සෙට් උනා සිමියුලේටරේ වැඩ කරනවා ඒත් ඩිවයිස් එකේ වැඩ කරන්නෙ නැහැ. සාමාන්‍යෙන් ඔහොම අවුලක් ආවම එක්කො linker error එකක් එන්න ඕන එහෙම නැත්නම් කෙලින්ම කම්පයිලේශන් එරර් එකක් එන්න ඕන. මෙතනදි ඔය දෙකම එන්නෙ නැහැ අවුලක් නැතිව බිල්ඩ් වෙනවා ලිනක් වෙනවා වැඩ කරන්නෙ සිමියුලේටරේ විතරයි
සිමියුලේටරේට තියන කන්ඩිශනල් කම්පයිලේශන් එහෙම අකුරක් නෑර බැලුවා ඒවයෙ කිසි අවුලක් නැහැ. මාසයක් විතර හොයනවා හොයනවා හොයා ගන්න බැරුව ෆුල්ම ලොස් වෙලා හිටියෙ
ඔය කාලෙ මම යාලු වෙලා හිටියෙ මාතර පැත්තෙ කෙල්ලෙක් එක්ක. ඉරිදා දවසක කෙල්ල මීට් වෙලා ආපහු කොලඹ එන්න ඇවිත් නිකමට ස්ටෑන්ඩ් එක ලග තියන බීච් එකේ බංකුවක වාඩි වෙලා හිටිය. ඔය වෙලාවෙ පවා හිතේ තිවුනෙ අර බග් එක
ඔය වෙලාවෙ සාස්තර කියන ගෑනියෙක් ඇවිත් මට බලෙන්ම සාස්තර කියන්න ලෑස්තිය, මම කෝකටත් කියලා අත දුන්නා
බලල කිවුවා ජොබ් එකේ කරන වැඩක තියන ප්‍රශ්නෙයක් හිතේ තියනවා නේද කියලා. මම පුදුම වෙලා තව විස්තර ඇහුවා, එතකොට මටත් අර වගේම පොතක් දීල කැමති මලක් හිතාගෙන කැමති පිටුවක් පෙරලන්න කියලා කිවුවා
එතකොට මට කිවුවා මෙහෙම
පුතා ඔයාගෙ ඔය අවුල තියෙන්නෙ පුතා බලන තැන නෙමයි, පුතා යූස් කරලා තියන gcrypt ලයිබ්‍රී එක වෙන කවුරු හරි iOS වලට කම්පයිල් කරලා ගිට්හබ් එකට දාපු එකක් නේද කියලා. මට එතකොට මතක් උනා ඔවු නේද මම එහෙම නේද යූස් කරේ කියලා. මම ඔවු කියලා මොකද්ද ප්‍රශ්නෙ සහ මෙක විසදන්න කොහොමද මෑණියනි කියලා ඇහුවා
එතකොට කිවුවා අවුල තියෙන්නෙ ඔය ලයිබ්‍රීය කම්පයිල් කරපු එකා කම්පයිල් කරද්දි හරියට ආකිටෙක්චර් එක සෙට් කරලා නැහැ ඒක නිසා ARM-S ප්‍රොසෙසර් වල ඔය ලයිබ්‍රිය හරියට වැඩ කරන්නෙ නැහැ ඒ උනාට හෙඩර් ෆයිල් ටික තියන නිසා අපි කම්පයිල් කරද්දි කම්පයිලේශන් එරර් එකක් එන්නෙත් නැහැ කියලා
ඕකට විසදුම විදියට gcrypt ලයිබ්‍රීඑක සෝස් එකෙන් කම්පයිල් කරලා ෆැට් ලිබ් එකක් හදාල ප්‍රොජෙක්ට් එකට දාපන් පුතා එතකොට සේරම හරි කියලා කිවුවා.
මම එවලෙම අතේ තිවුනු රුපියල් 1000ක් ඒ මනුස්සයට දීලා වැද නමස්කාර කරලා කොලඹ ඇවිත් බෝඩිමට යන්නෙ නැතුව ඔෆිස් එකට ගිහින් බොසාට කතා කරලා ඒකෙ දොර ඇරගෙන රෑම අර කියපු ටික කරලා බැලුව වැඩේ හරියටම හරි ගියා
එදා ඉදන් අද වෙනකන් මම SE ඉදන් TL වෙනකන් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ හිටියා, world class කම්පැනි වලට ඇප් හැදුවා ඒ කාලෙ පවා බග් එකක් ආපු ගමන් මාතර ගිහින් සාස්තරයක් අහනවා සමහර වෙලාවට ෆයිල් නේම් එකයි ලයින් නම්බර් එකයි කියනවා බග් එක තියන.
ඔන්න ඕක තමයි මගේ එක්ස්පීරියන්ස් එක, මටම උනු ඇත්ත කතාවක්. ඉතින් කොහොමද ඕව බොරුයි කියන්නෙ