සාදයකදී .....

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම් පහලින් ස‍දහන් උපදෙස් පිලිපදින්න...

    ලක්ෂණය - කකුල් තෙත්වීම සහ හීතල වීම
    හේතුව - වීදුරැව ඇලයට අල්ලා ගෙන සිටීම
    ගතයුතු කි%යා මාර්ගය - වීදුරැවේ විවෘත පැත්ත සීලිම දෙසට හැරවෙන සේ අපහසුවෙන් හෝ කරකවන්න.

    ලක්ෂණය - ගල් වීදුරැව මෙලෝ රහක් නැතිවී යාම
    හේතුව - වීදුරැව හිස් වීම
    ගතයුතු කි%යා මාර්ගය - ලග සිටිනා කෙනෙකුට කියා අලුතින් වීදුරැවක් පුරවා ගන්න.

    ලක්ෂණය - එහා පැත්තේ බිත්තියේ සීලිං ෆෑන් කරකැවෙනවා පෙනීම
    හේතුව - ඔබ උඩුකුරැව බිම වැටී ඇත.
    ගතයුතු කි%යා මාර්ගය - කිසිවක් නොවුනා සේ නැගී සිටින්න.

    ලක්ෂණය - සිගරට් එකක් කට ඇතුලේ සිරවී තිබීම
    හේතුව - ඔබ මුණින් අතට බිම වැටී ඇත.
    ගතයුතු කි%යා මාර්ගය - කිසිවක් නොවුනා සේ නැගී සිටින්න

    ලක්ෂණය - ගල් රහ නැතිවීම සහ ෂර්ට් එකේ ඉදිරිපස තෙත් වීම
    හේතුව - කට විවෘත නොවීම හෝ මුහුණේ වැරදි පැත්තකට වීදුරැව හලා ගැනීම.
    ගතයුතු කි%යා මාර්ගය - ඉක්මනින් වොෂ් රැම් එකට ගොස් කණ්නාඩිය ඉදිරිපස පුරැදුවන්න.

    ලක්ෂණය - පොළොව බො‍දවී පෙනීම.
    හේතුව - ඔබ හිස් වීදුරැවේ පතුල හරහා බිම බැලීම.
    ගතයුතු කි%යා මාර්ගය - අසල සිටින අයෙකුට කියා හැකි ඉක්මනින් වීදුරැව පුරවා ගන්න.

    ලක්ෂණය - පොළොව හෙල්ලීම
    හේතුව - ඔබව කිසිවෙකු විසින් ඔසව ගෙන යෑම.
    ගතයුතු කි%යා මාර්ගය - ඔසවා ගෙන යන්නේ කොහේදැයි නිශ්චිතවම අසා දැනගන්න.

    ලක්ෂණය - කාමරය කළුවර වී තිබීම හා එක්වරම නිශ්ශබ්ද වීම
    හේතුව - සාදය අවසානවීම හා මිතුරන්ට ඔබව අමතකව සාදයේ අතැර ගොස් තිබීම .
    ගතයුතු කි%යා මාර්ගය - ජංගම දුරකථනයෙන් මිතුරෙකුට කථා කොට නිවසේ දුරකථන අංකය දැනගන්න.

    ලක්ෂණය - සියල්ලෝම ඔබ දෙස බලා සිනාසී යෑම
    හේතුව - ඔබ ටයිපටි කෝට් සියල්ල ගලවා තනිවම නර්තනයේ යෙදීම.
    ගතයුතු කි%යා මාර්ගය - ඇග පත මහත කෙනෙකු බලා හදිසියේ ඇගට පෙරලීම.

    ලක්ෂණය - ගල් වීදුරැව එහා මෙහා පෙනීම.
    හේතුව - කවුරැන් හෝ වීදුරැවට සෝඩා පමණක් දමා ඔබව හොද සිහියට ගැනීමට තැත් කීරීම.
    ගතයුතු කි%යා මාර්ගය - ගල් වෙනුවට සෝඩා දැමූ පුද්ගලයාට වැර යොදා පහරක් එල්ල කිරීම.

    ලක්ෂණය - අතක වේදනාව, මුහුණේ වේදනාව හා නාසයේ වේදනාව සමග හොද සිහිය ලැබෙන ලක්ෂණ පහල වීම
    හේතුව - ඔබ හදිසි වලියට පැටලී ඇත.
    ගතයුතු කි%යා මාර්ගය - දකින දකින සැම කෙනෙක්ගෙන්ම සමාව ඉල්ලන්න. (ඉන් කවුරැන් හෝ ඔබ සමග වලියට පැටලුනා විය හැකි බැවින්)

    ලක්ෂණය - වටපිට සිටින කිසිවකු හදුනා නොගැනීම සහ වටපිටාව එක්වරම ආගන්තුක වීම
    හේතුව - ඔබ හෝටලයේ අනිත් පස වෙනත් සාදයකට පැමිණ තිබීම.
    ගතයුතු කි%යා මාර්ගය - ඔවුන් ලග ගල් වලට වඩා හොද බ%ෑන්ඩ් එකක් තිබේදැයි බලන්න.

    ලක්ෂණය - ගායනා කරන ගීතයේ වචන අමතක වීම
    හේතුව - ගානට සළු වීම.
    ගතයුතු කි%යා මාර්ගය - ගීතයේ අගින් කියවෙන ‘ඕ‘ ‘ආ‘ වචන වලට පමණක් තාලය අල්ලන්න.


    :D

    copied from facebook
     
    Last edited: