සාධාරන සමාජයක් හදන්න කෑ කෑම

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    සාධාරන සමාජයක් හදන්න කෑ කෑම

    සාධාරණ සමාජයක් හදන්න කෑ ගහපු අය ජනතා මුදල් ලක්ෂ ගණනික් කාලා… වැලම එළියට…


    එක්සත් ජාතික පක්ෂයට සමීපව කටයුතු කරනා සිවිල් සංවිධාන දේශපාලන ක්රියාකාරිකයන් පසුගිය යහපාලන රජය යටතේ රජයේ මුදල් ලක්ෂ ගණනින් ලබා ගෙන තිබෙන බවට දැන් දැන් හෙළිවෙමින් තිබෙන අතර, මෙලෙස දූෂණය, වංචාව නොමැති පිරිසිදු රටක් වෙනුවෙන් යැයි කියා සිවිල් සංවිදාන මුවාවෙන් දේශපාලනයේ නිරතවූ මොවුන් තමන්ගේ රජයක් පත්කරගෙන මුදල් ගසා කෑම සමාජජාලා මාධ්යන්හී දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ.

    සධාරණ සමාජයක් උදෙසා ජාතික ව්යාපාරයේ කැදවුම්කරු ලෙසින් කටයුතු කරන, සිවිල් සංවිධාන නියෝජිත දඹර අමිල හිමි රජයේ ආයතනයක් වන ලිට්රෝ ගෑස් සමාගමෙන් ලබා ගෙන තිබෙන මුදල මාසිකව 95,000කි. දඹර අමිල හිමිට ලිට්රෝ සමාගම මෙම මුදල් ලබා දී ඇත්තේ රහස් ගිණුමකිනි.

    මේ අතර සිවිල් සංවිධාන ක්රියාකාරිකයෙක් ලෙසට කටයුතු කළ මහාචාර්ය සරත් විජේසූරියද සිය ග්රන්ථ දොරට වැඩීමේ උත්සව සදහා යැයි කියමින් ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ලබා ගෙන තිබෙන බවට හෙළිව තිබේ.

    තවද පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ, ඔහුගේ බෑනා ඇතුලු සගයන්ද රාජ්ය ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් ලබා ගැනීමේ සිදුවීමක් පිළිබඳව අල්ලස් කොමිසමේ විමර්ෂණය කරමින් පවතී. මෙම ලක්ෂ විසි හතේ වංචාවේදි මුදල් කොටසක් ලෙසට දේශපාලනයට සම්බන්ධ ප්රසිද්ධ යොවුන් නිළියක් ඇතුලු දේශපාලනයට සම්බන්ධ කලාකරුවන් පිරිසකට බෙදා දී තිබෙන බව සදහන්.
    46936989-2033779403377853-1857371908668915712-n.jpg

    දඹර අමිල හිමි මාසිකව අනූ පන්දහසක මුදලක් ලබා ගෙන තිබෙන අයුරු,
    47320539-2033803403375453-4364517101583466496-n-1.jpg

    ගාමිණි වියන්ගොඩ සම්බන්ධ සැලසිනේ ලක්ෂ 27ක වංචාවට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
    47260417-1732304000207944-7872760647971241984-n.jpg

    ගාමිණි වියන්ගොඩගේ බෑනා සුභාෂ් පින්නපොලගේ ආයතනයටද රාජ්ය ආයතනවලින් කොන්ත්රාත් හිමිව තිබූ අයුරු,

    Source:http://www.colombotoday.com/58067-26/
     
    Last edited:
    • Like
    Reactions: SuperX

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako labagena thiyena eka hari, dunne kohomada ?? kauwda denne kiuwe kiyala hoyala belauwanam harine
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දබර අමිලට 95000,විජේසූරියට 350000,සමනලීට 2700000 තවත් 40කට අයතා ලෙස මුදල් ගෙවලා.මේක දෙවෙනි වෙන්නෙ මහ බැoකු හොරකමට විතරයි වගේ
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Matanan penna ba kohomath oya kiyana eun tika
    un hithan inne unta wada eun na kiyala
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දබර අමිල හිමි JVP භික්ෂු පෙරමුණේ හිටියා නේද?? තාමත් ජවිපෙ ද?