සාපෙ ප්රතිඵල

අපොස සාපෙ ප්රතිඵල පාසල් නිවාඩුවට පෙර




සාමාන්*ය පෙළ විභාගයේ ප්*රතිඵල මීළග පාසල් නිවාඩුවට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා සදහන් කළේ, පිලිතුරු පත්*ර ඇගැයීම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවැති අධ්*යයන පොදු සහතික පත්*ර සාමාන්*ය පෙළ විභාගය සදහා අපේක්ෂකයන් පන් ලක්ෂ හතලිස් දහසක් පෙනී සිටියහ.
විභාගය පැවැත්වෙන දිනවල විවිධ වංචනික ක්*රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ මේ දිනවල ක්*රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
එහිදී වරදකරුවන් වන සිසුන්ගේ ප්*රතිඵල අත්හිටුවීමට පියවර ගැනෙනු ඇත.