බොහොමයක් ප්‍රසිද්ධ ගත් කතුවරු, සාහිත්‍යකරුවෝ, කලාකරුවෝ සුරාව..දුම් වැටිය ඔහුන්ගේ අදහස් හා පන්හිඳට පස්සෙ ජීවිතයත් එක්ක ලඟින්ම ඇසුරු කරපු හා තුරුල් කරගත්තු දේවල් බවට පත්කර ගත්තා....
ඒ ඇයි කියන එකට මම හේතුව නම් දන්නේ නැහැ..
උදාහරනයක් වසයෙන් අපි කාගේත් හිතේ ගැඹුරුම තැන් ඉතාමත් සරලව ගීත රචනයෙන් අත පත ගාපු "ප්‍රේමකිර්ති ද අල්විස්" බහුතරයක් ගීත ලියල තියෙන්නේ යාලුවන් සමඟ මදු විත තොල ගාමින්..........
හැබැයි උපයාගත් මුදලක් නම් නැහැ..ඔහුව සාහසිකව මරා දැමු මොහොතේ ඔහුගේ මරන කටයුතු කරගැනීමටවත් ඔහු කිසිවක් ඉතුරු කරලා තිබිලා නැහැ..බහුතරයක් ජනතාවාදී නිර්මාන කරුවන් අයත් වන්නේ ඔය මුදල් නැති ගොඩට..
මහගමසේකර අපේ යුගයේ හොඳම කවියා...ගුණදාස කපුගේ අපේ කාලයේ ජනතාවාදී ගායකයා මේ අය අයත් වන්නේත් ඔය ඉහත කී ගොඩටමයි......
කසි කබල් සුරංගනා කතාවලට ලිංගිකත්වය උඩින් තවරා උසස් කෘති බවට සමාජයට බිහි කරමින් තමන්ගේ උදර පෝෂණය සඳහාම පොත් ලියමින් තරුන පරපුරේ මනස ඔද්දල් කරන කොටසකුත් ඔය අතරේ මහා ගත් කතුවරු වසයෙන් සමාජය ඉදිරියේ ගරු බුහුමන් ලබමින් ඉන්නවා...
අන්න ඒ අයව රසික සහෝදරයා මෙම නිර්මානයෙන් විමසුමට ලක් කොට ඇතැයි මා උදක්ම විස්වාශ කරන අතර ඔබගේ මෙම නිර්මානය මා අගය කරමි..
සහෝදරයට ජය!!