සාමාන්‍යකරණය වෙන සමාජ සිද්ධි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,172
    12,096
    113
    qr එකට තෙල් ගැහිල්ල
    දවසකට දෙකකට සැරයක් කරන්ට් කැපිල්ල

    ඕවත් සාමාන්‍ය කරණය වෙච්ච අසාමාන්‍ය දේවල් තමයි...
    yes
     
    • Like
    Reactions: PHBhagya

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ළමයින්ව ලිංගික කටයුතුවලට යොදාගැනීම ඒ කාලේ විවිධ සංස්කෘති තුළ සිද්ධ වෙලා තියෙනවා. අද කාලෙත් ඒක සීයට සීයක්ම නැති වෙලා ගිහිල්ල නැති බව ඇත්ත. ඒ වුනත් ඒ කාලේ ළමා අපයෝජකයෙකුට ලැබෙනවයි කියල හිතන්නවත් බැරි දඩුවම් අද කාලේ නීතියෙන් ලැබෙනවා. ලෝකේ ලිබරල්ම රටවල් තමයි එතනත් ඉස්සරහින්ම ඉන්නේ. ඒවාට සාපේක්ෂව ලිංගික නිදහසට දැඩි සීමා පනවපු සවුදිය වගේ රටවල ග්‍රාමීය පළාත්වල ළමා විවාහ කෙරෙනවා විතරක් නෙමෙයි, ඒවාට නීතිමය තත්වයක් පවා ලබාදීල තියෙනවා. ඒ නිසා සමාජයක් ලිබරලයිස් වුනයි කියල සත්තු වගේ හැසිරෙන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා හැම දේම සාමාන්‍යකරණය වෙනවයි කියල පිළිගන්නත් බැහැ.
     
    • Like
    Reactions: Shamal3001