සාර්ථක ගැහැණිය...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සාර්ථක ගැහැණිය...

    gahaniya.jpg
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අමුතු කල්පනාවක්
    මට හිතෙන්නේ සාර්ථක වෙන්න ලේසියි
    නමුත් හොද මවක් බිරිදක් සහෝදරියක් වෙන්න
    හිතන තරම් ලේසි වේයිද?

    අගනා නිර්මාණයක් සහෝ වෙනදා ‍වගේම
    කාලෝචිතයි.. ස්තුතියි ඔබට මිතුර :)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අමුතු කල්පනාවක්
    මට හිතෙන්නේ සාර්ථක වෙන්න ලේසියි
    නමුත් හොද මවක් බිරිදක් සහෝදරියක් වෙන්න
    හිතන තරම් ලේසි වේයිද?

    අගනා නිර්මාණයක් සහෝ වෙනදා ‍වගේම
    කාලෝචිතයි.. ස්තුතියි ඔබට මිතුර :)

    ස්තූතියි සහෝ.. පොතක අත්සන් කරලා කරන්න තියෙන ඉතිරි ටික කලාම ඕනෙ ගැහැනියක් බිරිඳක්, මවක් වෙනවා. නමුත් ඒ වගකීම හරියටම හැම ගැහැණියක්ම අතින් ඉටු වෙනවද කියන එකයි ගැටලුව...
    ජය !
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    සතුටක් දැනුන ඔබෙ නිර්මානය දුටුවිට. මෙතනදි අම්මා කියන චරිතය තමයි ඉතාම වැදගත් වෙන්නෙ. අම්මා දෙස බලාගෙන ගුන ධර්ම ඉගෙන ගන්නා දියනිය ඒ අාභාශයෙන් තමයි තම සැමියා රකින්නෙත් තම දරුවන් රකින්නෙත්. අම්මා වරෙදහි යෙදෙමින් තම දියනියට හරි දෙය කරන්නැයි කීමෙන් පමනක් වැඩක් නැහැ. අම්මා අම්මා කියන වචනයෙ පරිසමාප්තයෙන්ම අැයගෙ වගකීම ඉටු කරයි නම් ලොවම සුන්දර වනු නියතයි. මෙතනදි අමතක කරන්නත් බැහැ නරක අම්මලගෙ ඉතාම වටිනා දරුවනුත් සමාජයෙදි අපට මුනගැසෙන බව.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගැහැණියකට සාර්ථක විය හැකි බොහෝ මාර්ග තිබෙනවා...ඒ වගේම නිර්මානයේ දැක්වෙන පරිදි අනෙක් ජීවිත සාර්ථකත්වය කරා පමුණුවන්නත් ගැහැණියට ප්‍රබල ශක්තියක් තියෙනවා....

    ඔය ගැහැණියටම නොවේද සමාජය පරිභව කරන්නේ මගෙ මුලු ජීවිතයම විනාශ කලේ මෙ ගෑණී තමයි කියල....
    එතැනදි ගැහැණිය ඒ ප්‍රකාශය කල තැනැත්තාට සාපේක්ෂව බොහෝ අසාර්ථකයි..ඔන්න ඔය වෙනසටයි අපි විසඳුම් සොයා ගත යුත්තේ....

    සාර්ථකත්වය වඩවා ගත හැක්කේ උපතින් ගෙනෙනා වාසනා පිං මහිමයෙනුත්, ජීවිත පන්නරය තුලින් නොසැලී සිටිනා තිරසාර අදිටනේ සුපිරිසුදු ගුණාංඟ මතිනුත් කියලයි මගේ හැඟීම.....

    අද දවසට සොයා බැලිය යුතු කාලෝචිත තේමාවක්....මල්ලියා හරිම අපුරු නිර්මානයක් කරල තියෙන්නේ...මල්ලී අත පත ගාන ඉසව් හරිම ප්‍රබලයි...

    මං ගොඩක් රස වින්ඳා...

    මල්ලිට ජය...
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    සතුටක් දැනුන ඔබෙ නිර්මානය දුටුවිට. මෙතනදි අම්මා කියන චරිතය තමයි ඉතාම වැදගත් වෙන්නෙ. අම්මා දෙස බලාගෙන ගුන ධර්ම ඉගෙන ගන්නා දියනිය ඒ අාභාශයෙන් තමයි තම සැමියා රකින්නෙත් තම දරුවන් රකින්නෙත්. අම්මා වරෙදහි යෙදෙමින් තම දියනියට හරි දෙය කරන්නැයි කීමෙන් පමනක් වැඩක් නැහැ. අම්මා අම්මා කියන වචනයෙ පරිසමාප්තයෙන්ම අැයගෙ වගකීම ඉටු කරයි නම් ලොවම සුන්දර වනු නියතයි. මෙතනදි අමතක කරන්නත් බැහැ නරක අම්මලගෙ ඉතාම වටිනා දරුවනුත් සමාජයෙදි අපට මුනගැසෙන බව.

    ow mamath chandi kiyana deta ekaga wenawa ayye,tawa deyak kochchara minissu sarthaka unath gahaniyak nisa,eyala kamathi naa piliganna eyala sarthaka une e gahaniyama nisa bawa.e mona hethuwak hindada kiyalanam kiyanna mata therenne naa. ath gahaniya godak loku dewal pirimiyekgen balaporoththu wenne naa, eyalawa sathutu karanna harima lesi.e kalawa pirimi kenek therum gannawanam, eyalata shakthiyak wena gahanaiya ,eyalawa tawath ehalata gena enna uthsaha karanawa noanumanai.

    lassana nirmanayak ayye.
    tawath lassana nirmana karanna hadawathinma subha pathanawa.
     
    *~*Kaushi*~*

    Member
    Nov 4, 2009
    615
    50
    0
    ~ නුගේගොඩ ~
    සාර්ථක ගැහැනියක් වෙන්න නම් ඒ ඒ භූමිකාව තුළ ඉටු කළ යුතු කැප කිරීම් බොහොමයි. ඒ කැපකිරීම් සතුටින් කළ හැකි ගැහැනිය අනිවාර්යෙන්ම
    සාර්ථක මවක්
    සාර්ථක බිරිදක්
    සාර්ථක පෙම්වතියක්
    සාර්ථක සොයුරියක්
    සාර්ථක යෙහෙලියක්

    සාර්ථක නිර්මාණයක් ‍
    අපූරුයි යාලු
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හොඳ අම්ම කෙනෙක් වෙන්නෙ කොහොමද කියල නම් මම දන්නව අපේ අම්ම හින්දා.ඒත් හොඳ බිරිදක් වෙන්නෙ කොහොමද කියන එකට මම ළග උත්තර නෑ...

    වෙනද වගේම හරිම අපුරුයි මින්දද.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සතුටක් දැනුන ඔබෙ නිර්මානය දුටුවිට. මෙතනදි අම්මා කියන චරිතය තමයි ඉතාම වැදගත් වෙන්නෙ. අම්මා දෙස බලාගෙන ගුන ධර්ම ඉගෙන ගන්නා දියනිය ඒ අාභාශයෙන් තමයි තම සැමියා රකින්නෙත් තම දරුවන් රකින්නෙත්. අම්මා වරෙදහි යෙදෙමින් තම දියනියට හරි දෙය කරන්නැයි කීමෙන් පමනක් වැඩක් නැහැ. අම්මා අම්මා කියන වචනයෙ පරිසමාප්තයෙන්ම අැයගෙ වගකීම ඉටු කරයි නම් ලොවම සුන්දර වනු නියතයි. මෙතනදි අමතක කරන්නත් බැහැ නරක අම්මලගෙ ඉතාම වටිනා දරුවනුත් සමාජයෙදි අපට මුනගැසෙන බව.

    හැබැයි චන්දි මට එක තැනකදි ඔයත් එක්ක එකඟ වෙන්න බැහැ. මේ ලෝකෙ නරක අම්මලා කියලා ජාතියක් නැහැ. එහෙමනම් දරුවෙක් වදාපු ගැහැණියක් විතරයි...
    අදහසට ගොඩාක් ස්තූතියි චන්දි...
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    සෑම සාර්ථක මිනිසෙක් පිටුපස වගේම අසාර්ථක මිනිසෙක් පිටුපසත් ගැහැණියක් ඉන්න බැව් කියවෙනවා. තනිකඩයන් වශයෙන් සාර්ථක වුණු මිනිසුන් ඉන්නවා. ඒත් ඔහු තනිකඩ නම් එතනම ඔහුගේ යම් අසාර්ථක බවකුත් තියෙනවා. අපි සාර්ථකත්වය සල්ලි වලින් මනින එක නැවැත්විය යුතු කාලය දැන් ඇවිත් තියෙනවා. ගැහැණුන් විතරක් නෙවෙයි අපේ සාර්ථකත්වය පිටුපස බොහෝ දෙනා ඉන්නවා. එය ගැහැණු පිරිමි කියලා බෙදන්න මං කැමති නෑ.

    තර්කයට බඳුන් විය යුතු කාරණාවක් ලස්සනට පද බැඳලා.... නියමයි මල්ලී...