සෝවියට් දේශයේ විශාලතම පරමාණු බෝම්බය
සාර් බොම්බා ( Tsar Bomba ) යනු 1961 වසරේදී සෝවියට් දේශය විසින් අත් හදා බැලු ඉතිහාසයේ විශාලතම න්‍යෂ්ටික බෝම්බය විය. එකල සෝවියට් සමුහාණ්ඩුව පැවතී සමයේ මෙම පරමාණු බෝම්බය වැඩිදියුණු කිරීම වෙනුවෙන් කටයුතු කරන ලද්දේ නිකිටා කෘෂෙව් ( Nikita Khrushchev ) විසිනි . සෝවියට් අවි අත්හදා බැලීම් සම්බන්ධයෙන් විශේෂ සන්ධිස්ථානයක් ගත් මෙම න්‍යෂ්ටික පිපිරවිම මගින් පිටවූ බලය ඇමරිකාව විසින් හිරෝෂිමාවට හෙලන ලද බෝම්බය මෙන් 1,500 ගුණයක් මෙන් විශාල විය. මෙවැනි විශාල බලයක් සහිත පරමාණු බෝම්බයක් අත්හදා බැලීම සිදු කරන්නේ කෙසේදැයි කියා සෝවියට් බලධාරීන්ට විශාල ගැටළුවක් විය.
අවසානයේදී අත් හදා බැලීම සඳහා 1961 වසරේ ඔක්තෝම්බර් 20 වෙනි දිනය යොදා ගැනුනි. මෙම බෝම්බය ගුවන් යානයක පටවාගත් සෝවියට් ගුවන් හමුදාව රුසියාවේ උතුරු ප්‍රදේශය කරා පියාසර කරවීය. බෝම්බයේ සම්පුරණ බර ටොන් 27 පමණ විය. දිගින් මීටර 8 පමණ විය ( අඩි 26 ) . අවසානයේ සාර් බොම්බා සෝවියට් දේශයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ස්ථානයක් වන නොවායා සෙම්ලියා (Novaya Zemlya ) වෙත මුදා හැරුණි. එහිදී පිට වූ බලය අති විශාල එකක් විය. මෙහි බලය හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය මෙන් ,1500 ගුණයක් වූ අතර බෝම්බය පිපිරවීමෙන් පිට වූ බලය මෙගා ටොන් 50 පමණ විය. එය ටොන් මිලියන 50 ක පමණ TNT පිපිරවීමකට සමාන විය. හත්තක හැඩය ගත් පිපිරවීම අඩි 13,000 පමණ ඉහලට දක්නට ලැබුණි. දක්නට ලැබුණු හත්තේ සම්පුර්න පරිධිය කිලෝමීටර 100 පමණ විය. පිපිරවිමේදී පිටවූ ආලෝකය කිලෝමීටර 1,000 වඩා එපිටින් සිට ජනයාට පවා දක්නට ලැබුණි.
සාර් බොම්බා පරමාණු බෝම්බය
අත්හදා බැලීමෙන් පසුව එය ලෝකය පුරා රටවල් විසින් හෙලා දැක තිබුණි. මෙම බෝම්බය නිපදවීමට සම්බන්ද වූ ප්‍රධාන භෞතික විද්‍යාඥයා වුයේ ඇන්ඩ්රෙයි සාක්රොව්ය ( Andrei sakharov ) . ඔහු පසු කාලීනව න්‍යෂ්ටික පර්යේෂණ වලින් ඉවත්වී න්‍යෂ්ටික අවි ලොවින් තුරන් කිරීමේ ක්‍රියාකාරකයෙක් වශයෙන් කටයුතු කළේය. න්‍යෂ්ටික ලොවින් අවි තුරන් කිරීමේ උත්සාහයට උපහාරයක් වශයෙන් 1975 වසරේදී සාක්රොව් නොබල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.
1989 දී සෝවියට් විද්‍යා ඇකඩමියේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටින භෞතික විද්‍යාඥ ඇන්ඩ්රෙයි සාක්රොව්
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

Last edited: