සාරිය වූ කලී.........

oshini88

Member
Apr 29, 2008
25
11
0
This is especially for Ladies.......

වෙනදා නම් 8 ට ආරම්භ වෙන දේශනයට යාම සඳහා මා අවදි වෙන්නේ 7.15 පමණය. මුණ කට සෝදා තියන දෙයක් ගිල දමා ඩෙනිමක් ඇඳගෙන අහුවෙන ටී ෂර්ට් එකක් ඊට උඩින් දමාගෙන ගෙදරින් පිට වෙන්නේ 7.45 ටය. ෆුට් බෝඩ් එකේ හෝ එල්ලී ගොස් ගලහා හන්දියෙන් බැස ඉතිරි ටික වල ගොඩැලි සහිත ෂෝට් කට් වලින් දමා කෙසේ හෝ 8.15 පමණ දේශන ශාලාවට සැපත් වෙමි. දැන් 7.15 වෙනතුරු නිදා ගැනීමට නොහැකිය.

සාරිය වූ කලී ජරා ඇඳුමකි. මා වැනි බිළින්දන්ගේ නිදාගන්නා කාලයට හෙනහුරා ගැසූ භුතයෙකි. විශ්ව විද්‍යාලයට යා යුත්තේ 8 වුවත් දැන් 5.30 අවදි විය යුතුය. අඩුම ගානේ 6 ට වත් සාරි ඇඳීමේ ව්‍යාපෘතිය දියත් කළ යුතුය.

සාරිය නමා පොටවල් සෑදිය යුතුය. අතේ පොට යන තුරු නැමුවත් ඒ පොටවල් කෙලින් හිටින්නේ නැත. බැරිම තැන කටු සීයක් විතර ගසා පොටවල් ටික සාදා ගෙන ඉස්තිරික්කය රත් කොට දෙන්නම් වැඩක් කියා සාරිය උඩින් තැබුවෙමි. සාරියක් පිච්චීමට ගතවන්නේ තත්පර කීයක්ද යන ගැටලුවට නිවැරදි පිළිතුර මා සොයා ගත්තේ එදාය. සාරිය විතරක් ඉස්තිරික්ක ගත කළාට වැඩක් නැත. හැට්ටයද, සායද ඉස්තිරික්ක කළ යුතුය. මේ විකාර ගැන කියන්නට ඇත්තේ මළ සමයන් සාරි ඇඳන් යනවා කියාය. සරසවි සිසුවියෙක්ව සිටි කාලයේ ජීවිතේට ඇඳුමක් මැද්දේ නැති මට මේවා මැජික් යැ. ඩෙනිමට මල් තියා වදින්නට සිතෙන්නේ දැන්ය.

පොටවල් සාදා ගත් පසු ආරම්භ වන්නේ යුද්ධයේ දෙවැනි කොටසය, එනම් මානුෂික මෙහෙයුමය. එයට මානුෂික මෙහෙයුම යැයි කියන්නේ යුද්ධයේ ඉතිරි කොටස සඳහා මනුස්සයන් කිහිප දෙනෙක් අවශ්‍ය නිසාය.

කාපුවා උගුරෙන් ඉහළට එන තරමට තද කළ පටියක් ඉණ වටේ බැඳේ. ඒ පටියේ සාරිය පැටලේ. සාරිය කකුලේ පැටලේ. මම වැටේ. සාරිය කැඩේ. පළවෙනි දිනයේ දින චරියාව මෙසේ වූ හෙයින් තත්වය analyse කර බැලුවෙමි. දැන් ඉණ වටා කටු ගසමි. කටු ඇනී ඇනී දවසම ගත කරමි. ඩෙනිමක් නම් කඩෙන් ගත හැකිය. ඕනෑ සරීරයකට ගැලපෙන ඕනෑ සයිස් ඩෙනිමක්, ටී ෂර්ට් එකක් කඩෙන් සොයා ගත හැක. නමුත් මා සිතා සිටියේ සාරී ඔක්කොම එක සයිස් කියාය. ඒ නිසා දුටු සැනින් හිත ගිය සාරියක් මිලදී ගත්තෙමි. දහ දුක් විඳ හැට්ටයත් මහා ගත්තෙමි. එක්තරා දිනක උදේ පාන්දර ඒ සාරිය ඇඳීමට පටන් ගත්තෙමි. කාලා හමාරය, සාරිය කොටය. ඒ අස්සේ සාරිය මැදින් නූල් ගැලවිලාය. මම උස නිසා උසට ගැලපෙන සාරි තෝරා ගත යුතු බව එදා අපේ නැන්දා කීවාය. මලා යැ. මීට පස්සේ සාරී ගන්න විට උස බැලිය යුතුය. කඩේ එක කොණක සිට අනික් කොන දක්වා සාරිය එළා එහි නූල් ගැලවී ඇත්දැයි බැලිය යුතුය. twitter භාෂාවෙන් කියනවා නම් #NoteToSelf යැ.

සාරි හැට්ට මසා ගැනීමද සංසාරේ එපා වෙන වැඩකි. මිනුම් දිය යුතුය, සල්ලිත් දිය යුතුය. නමුත් මේ වන තුරු මගේ හිතට අල්ලන එක හැට්ටයක් වත් මසා ගැනීමට නොහැකි විය. ඒ නිසා සැමටම රැකවරණය දෙන කඩේ හැට්ටයක් ගත්තෙමි. වැඩේ ලෙසිය, රේඩි මේඩ් යැ. නමුත් එය ලිස්සා වැටේ. සාරියේ පොට අල්ලා හැට්ට කට්ටක් ගැසූ විට හැට්ටය අත දිගේ රූරා වැටේ. ඇඩෙනවා යැ. කඳුළු එනවාය.

එක තැනකට කට්ටක් ගසා අනිත් තැන හදන විට තවත් තැනකින් රැළි ඇද වේ. රැළි ටික එක ගානට හදන විට පොට දිග මදිය, එසේ නැත්නම් දිග වැඩිය. කට්ටක් ගැසීමට අමාරුවෙන් පොටවල් ටික අල්ලා ගත් නමුත් කට්ට ගැසූ විට සාරිය රැළි ගැසී ඇකිලී යයි. එවිට මතක් වෙන්නේ සාරිය සොයාගත් කෙනාගේ මාමා ය.

සාරිය වූ කලී ජරා ඇඳුමකි. කාලය නිකරුණේ වැය කරවන වදකාරී ඇඳුමකි.

කෙසේ හෝ රෙද්ද පටලවා ගෙන ගෙදරින් එළියට බැසීමට සුදානම් වෙද්දී දෙවියන් සිහිවෙන්නේ සාරිය පෑගීම නිසා වැටීමට යෑම නිසාය. සාරි පොට කරට දමා ගත යුතුය. එක අතකින් බස් එකට සල්ලි ගත යුතුය, අනිත් අතින් සාරිය ඔසවා ගත යුතුය. පොඩ්ඩක් උස අඩියක් ඇති සෙරෙප්පු දෙකක් දැමිය යුතුය. නැතහොත් දවස අවසානයේ සාරිය ඌරු කොටුවක දොර රෙද්දක් සේ දිස්වනු නියතය. අමතක වුණාය, කෑම, බීම, පොත්, පැන්සල් සහිත බෑගයද කරට දාගත යුතුය. මේ බෑගයද එක කරකට පමණක් බර දැනෙන hand bag යන ජාතියේ එකක් නිසා කරත් රිදෙන්නේය. කරන්නට දෙයක් නැත, කුම්බලා කෑවා නම් විදවපිය බළලෝ ලු යැ . ඔය අස්සේ වැස්සා නම් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත මේ ලෝකෙත් නැත. බසයට නැගීම මී ළඟ යුද්ධය යැ. එක අතකින් සාරියය, අනිත් අතේ බසයට සල්ලිය, එසේ නැත්තම් කුඩය යැ. බස් එකට නගින විට අල්ලා ගැනීමට දැන් අතක් නැත. පිරිමි වාසනාවන්තය කියා සිතෙන්නේ මේ වෙලාවටය. බසයට නැගගත්තත් උඩ පොල්ලේ එල්ලී යෑමට හැකියාවක් නැත. සාරියක් හෝ ඔසරියක් ඇඳ බස් එකේ මැද පොල්ලේ එල්ලී වැඩට යන කාන්තා පාර්ශවය මේ ගැන දන්නවා ඇතැයි සිතමි. බස් එකේ යෑම සේම බැසීමද බයානකය. වෙලාවකට මම බස් එකෙන් පිටය, සාරි පොට බස් එක ඇතුළේය. වෙලාවකට පොට එළියේය, මම ඇතුළේය. එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර සාරි පොට උඩය. දුෂ්කර ක්‍රියා කර බසයෙන් පොළවට මාරු වී සාරිය දෙස බැලූ විට බොහෝ දිනවල තරු පෙනෙන්නේය.
සාරි පොට ගෙදරින් එන විට තිබු තැන නැත.
සාරියේ යට හරියේ සපත්තු පොලිෂ් පහරවල්ය.
සාරියේ රැළි ටික පිලිවලකට නැත.
බස් එකෙන් බැස ගත්තද වෙනදා සේ දැන් මීටර් සීය දිවීමට නොහැකිය. අඩි උස සෙරෙප්පු මළ වදයක් යැ.ගල් වල පැටලේ, වලවල් වල වැටේ, පැය කිහිපයක් ඒවා දාගෙන සිටින විට කොන්දත් රිදෙන්නේය. දුකට හේතුව සාරියය. දුක නැති කරන මාර්ගය වැටී තිබෙන්නේ ඩෙනිම් මාවත හරහා ටී ෂර්ට් දක්වාය. නමුත් එය මේ දිනවල වසා ඇති පාරක් ය.
ඩෙනිම් මාවතේ යනවිට කරාඹු, මුදු, මාල කිසිවක් අවශ්‍ය නැත. කැමති නම් කොණ්ඩය නොපීරා වුවද ගෙයින් පිට යා හැකිය. නමුත් සාරියක්/ ඔසරියක් අඳින්නේ නම් කරාඹු දැමිය යුතුය, මාලයක් දැමිය යුතුය, පිළිවෙලකට කොණ්ඩය පීරිය යුතුය. රත්තරන් වලට ඇති අකමැත්ත නිසා සාරියට ගැලපෙන පාට වලින් මාල , වළලු සෙවීමද කළ යුතුය. ඒවාද අස්ප ගණන්ය. වෙනත් වචනයකින් කියනවා නම් සාරිය මහම මහා වදයකි.

ඔය මොනවා කිව්වත් සාරිය/ ඔසරිය අපේ රටේ වැඩ කරන කාන්තාවගේ ජාතික ඇඳුමය. එය සංවර ඇඳුමකි, හොඳ තැනකට යනවිට ඇඳගෙන යා යුතු ඇඳුමකි. පිටත් පේනවා නම්, බඩත් පේනවා නම්, කොන්දත් පේනවා නම්, කරත් පේනවා නම් සාරිය/ ඔසරිය සංවර ඇඳුමක් වන්නේ කෙසේද යන්න කවුරුවත් කතා නොකරන මාතෘකාවකි. හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත.

ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය!

සම්පූර්න උපුටා ගැනීම: DeepS ගේ ලෝකය | My world as it is
http://deepsgelokaya.blogspot.com/2011/11/blog-post.html
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
පිරිමි ලමයින්ට මොකක් අලි හොයා ගත්ත එකාගේ අම්ම මතක් වෙනකොට, ගෑනි ලමයින්ට මතක් වෙන්නේ මාම කියලා දැන ගත්ත එකත් ලොකු දෙයක්.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සාරියෙන් චතුරාර්‍ය සත්‍ය වටහාගෙන නිවන් සුව ලැබිය හැකිය..:lol:Btw nice post.
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    kalin kiyawa athi namuth newatha newathath kiyewwemi :D welawata biriya sari andagena karayalayata noyai, mage pereththayata ida hitha denima samaga batawada damagena wedata yai..... :lol::lol::lol::lol::lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Pissuda ban kammalikamata karanna deyak naa, mage wife hamadama sari hadan thamai wadata yanne, 15min walin sariya hadala iwarai. oka machan amaru mulinma witharai passé gemak naa.

    Abai machan oya kiyala thiyana widiyata badai, pitai, papuwai pena ekanam nawaththanna baa. saree hadinawanam oya seen ekata muna panna wenawa. thawath chaa bus ekey yanawanam. apey inna gobilayo badawal ballanna dannane:P ai oya FB eke page ekakuth thiyenne saree badawal kiyala.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මට ගැටළුවක් ඇත. මීට පෙරද මා එය කොහේදී හෝ පැවසුවා මතකය.
    සාරිය හෝ ඔසරිය යනු අපේ පාරම්පරික ඇඳුමකි. අපේ අම්මලා තාමත් වැදගත් ඕනෑම ගමනකට අඳින්නේ සාරිය හෝ ඔසරියය. මළගෙයක් වේවා, මගුල් ගෙයක් වේවා අඳින්නේ සාරිය හෝ ඔසරියය. අම්මගෙන් පසු හමුවන්නේ ගුරුතුමියයි. ඇය අඳින්නේද සාරිය හෝ ඔසරියය. ඉන්පසුව ඉහලට ඉහලට ගොස් අන්තිමට රටේ හිටපු අගමැතිනිය සහ ජනාධිපතිනිය ඇන්ඳෙ ද සාරිය හෝ ඔසරියය. එයට ඒ තරම් වැදගත් කමක් හිමිය. කව්රුන් කෙසේ කීවත් මගේ මතය නම් මගුල් දිනයේදී මනමාලියකට ඇඳීමට ඇති සුපිරිම ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියය. ඊට වඩා සුන්දර ඇඳුමක් මට මතක් වෙන්නේ නැත.

    මෙතරම් ඉපැරණි ඇඳුමේ එදා සිටම බඩ, සහ පිට පෙනුනි. නමුත් එය ඒ කාලයේ ගැටළුවක් නොවීය. දැන් ද අපේ දෙමව්පියන්ට, ආච්චිලාට, සීයලාට එහි ගැටළුවක් නැත. ගැටලුව ඇත්තේ මොලේ විකාර වූ තරුණ පරපුරටය (මමත් ඒ පරම්පරාවේමය). සාරිය වදයක් බව පිලිගනිමි.නමුත් ඩෙනිම හිරට ඇඳ, අහවල් එකේ ප්‍රමාණය මෙන්ම හැඩය පෙන්වන, Tube Top අඳින, Low Cut Tops, Mini Skirts අඳින නුතන පරම්පරාවට මෙතරම් පිළිගත් ඇඳුමක් විවේචනය කිරීමට ඇති සදාචාරාත්මක (වචනේ ගැලපුනාද මන්දා..) අයිතිය කුමක්ද? :confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: Minion

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව හරි ඇදපල්ලා බං...වද නොදී................
    අහවල් තැන් වැහෙනව නම් එච්චර නේහ්.....................
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    හිරට ඩෙනිමක් අඳින විට කෑ ගසන තාත්තලා, ඔවුන්ගේ දුවලා සාරියක්/ ඔසරියක් අඳින විට කවදා වත් බනින්නේ නැත. ඒ ලංකාවේ හැටිය. ඕවා ගැන දුක් වී වැඩක් නැත. :yes: :yes: