සාරිය වූ කලී.........

deepsishere

Member
Dec 21, 2008
6
1
3
You are welcome... Are you the real Deeps?? I love your blog!
ඔව් ඔව් මම තමා මේක ලිව්වේ..විශ්ව විද්‍යාලයේ රැකියාව ලැබුණු කාලයේ සාරී අඳින එක අනිවාර්ය වුණා. සාරියක් ඇඳගෙන බස් එකේ ගිහින් කොන්දොස්තර සාරි පොට උඩ හිටගෙන මම බස් එකෙන් එළියේ හිටපු දවසේ තමා හිතේ ඇති වුනු තරහට ඔය ලිපිය ලියාගෙන ලියාගෙන ගියේ.... :D :D දැන් නම් ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා.

බ්ලොග් එකට එක පාරට හිට් වැඩිවෙන්න ගත්ත නිසා පොඩ්ඩක් හොයලා බැලුවා මොකක්ද කේස් එක කියලා. එතකොට තමයි මේක දැක්කේ...

කාලෙකට කලින් ලියපු ලිපියක් තාම කවුරු හරි කියවලා හිනා වෙනවා කියලා දකිද්දී ඇත්තටම සතුටුයි :) ස්තුත්යි ලිපිය ෂෙයාර් කලාට :)
 
  • Like
Reactions: genius_EK

maheerulz

Member
Jun 5, 2013
587
95
0
Maharagama
එක දවසක් මම එළියේය, සාරි පොට බස් එකේ දොරේය, කොන්දොස්තර සාරි පොට උඩය.

ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා ය!
:lol::lol::lol: සිරා කතාව.. සාරිය වනාහී කරුමයකි.. ඩෙනිම, ටී ෂර්ට් එක සහ රබර් සෙරෙප්පු වලට ජය වේවා..!
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මට ගැටළුවක් ඇත. මීට පෙරද මා එය කොහේදී හෝ පැවසුවා මතකය.
සාරිය හෝ ඔසරිය යනු අපේ පාරම්පරික ඇඳුමකි. අපේ අම්මලා තාමත් වැදගත් ඕනෑම ගමනකට අඳින්නේ සාරිය හෝ ඔසරියය. මළගෙයක් වේවා, මගුල් ගෙයක් වේවා අඳින්නේ සාරිය හෝ ඔසරියය. අම්මගෙන් පසු හමුවන්නේ ගුරුතුමියයි. ඇය අඳින්නේද සාරිය හෝ ඔසරියය. ඉන්පසුව ඉහලට ඉහලට ගොස් අන්තිමට රටේ හිටපු අගමැතිනිය සහ ජනාධිපතිනිය ඇන්ඳෙ ද සාරිය හෝ ඔසරියය. එයට ඒ තරම් වැදගත් කමක් හිමිය. කව්රුන් කෙසේ කීවත් මගේ මතය නම් මගුල් දිනයේදී මනමාලියකට ඇඳීමට ඇති සුපිරිම ඇඳුම වන්නේ සාරිය හෝ ඔසරියය. ඊට වඩා සුන්දර ඇඳුමක් මට මතක් වෙන්නේ නැත.

මෙතරම් ඉපැරණි ඇඳුමේ එදා සිටම බඩ, සහ පිට පෙනුනි. නමුත් එය ඒ කාලයේ ගැටළුවක් නොවීය. දැන් ද අපේ දෙමව්පියන්ට, ආච්චිලාට, සීයලාට එහි ගැටළුවක් නැත. ගැටලුව ඇත්තේ මොලේ විකාර වූ තරුණ පරපුරටය (මමත් ඒ පරම්පරාවේමය). සාරිය වදයක් බව පිලිගනිමි.නමුත් ඩෙනිම හිරට ඇඳ, අහවල් එකේ ප්‍රමාණය මෙන්ම හැඩය පෙන්වන, Tube Top අඳින, Low Cut Tops, Mini Skirts අඳින නුතන පරම්පරාවට මෙතරම් පිළිගත් ඇඳුමක් විවේචනය කිරීමට ඇති සදාචාරාත්මක (වචනේ ගැලපුනාද මන්දා..) අයිතිය කුමක්ද? :confused::confused:

ඇයි කතාකරන්න අයිතියක් නැද්ද?:angry:
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ;)