සාවින්ද්‍යා කියන්නේ මර්දනයට ලක් වූ තරුණ කාන්තාවක්ලු ඇයගේ A-level විභාගයට ඔන්න මෙන්න කියලා තිබියදී තමයිලු අරගලය තිබුනේ. ඒ කිව්වේ මේ ළමයි දැන් මොනවා හරි ගන්න කඩේ යන රාජපක්ෂලා මේ ළමයින්ගේ A-level විභාගය තියෙද්දි දවස් ගනන් කරන්ට් පවා කැපුව කාලේ ගැන මේ කියන්නේ.
සාවින්ද්‍යා වහලෙන් පැනලා ගිහිල්ලයි තමයිලු ජීවිතය බේරා ගත්තේ. ඒ් කියන්නේ ගෑස් නැතුව, තෙල් නැතුව මිනිස්සු පෝලිම් වල මැරෙද්දි මිනිස්සු ගෝල්ෆේස් එකේ සාමකාමී අරගලයක් කරානේ ඒ්කට පොහොට්ටුවේ මැරයෝ එවලා මිනිස්සුන්ට පොලු මුගුරුවලින් ගහලා සමාකාමී අරගලය රාජපක්ෂලා ගිනිගොඩක් කරලා රටම ගිනිතිබ්බට පස්සේ. රාජපක්ෂලා ගිනි තිබ්බ රටේ මේ ළමයටත් ගිනිවදින්න ගිහින්.
ඇයගේ සියලුම පොත්පත්, සිය හැකියාවෙන් ලබා ගත් සහතික, උප්පැන්න පවා ගිනි තිබ්බාලු. ඒ් කියන්නේ මේක තමයි වෙලාව කියලා රාජපක්ෂ මැරයෝ සාමකාමී අරගලයට පැනලා රටම ගිනිගොඩක් කරහම මේ ළමයගේ පොත් පතුත් මේ ගිනිගොඩට අහු වෙලා.
ඇයට පාඩම් කරන්න පොත් දුන්නේ නැහැ ඇයගේ බොහෝ මිතුරියන්. නෑදෑයන්ගෙන් ඉල්ලා ගත් ගවුමක් ඇඳගෙන ටියුෂන් පන්තියට ගියාම එතනත් ඇයට නින්දා කලාලු. ඇය කළ වරද කුමක්ද? ඇයට ඒ සියලු හිංසා කළේ මව, රටක් බංකොලොත් කර මිනිස්සු පෝලිම්වල මැරෙද්දි ඒකට විරුද්ධව සාමකාමී අරගලයක් කරද්දි ඒකටත් පැනලා මිනිස්සුන්ට ගහලා මරන්න හදපු පෝට්ටුවට දේශපාලනය කළ නිසා ලු.
සාවින්ද්‍යා විභාගයට ලීවාලු ඇය සියලුම විෂයයන්ට A සාමාර්ථ සහිතව විශිෂ්ට ලෙස විභාගයෙන් සමත් වුණාලු. දැන් ඇය ස්ටේජ් නැගලා, රජයේ රස්සා ගන්නනම් තරග විභාග ලියලා ඒ ලකුණු පිලිවෙලට අවස්ථා ගන්න කියන රජයේ සාධාරණ තීන්දු පවා ඉතාම නුගත් විදිහට විවේඡනය කරමින් සමාජයේම විහිලුවක් වෙනවා.
සාවින්ද්‍යලා තව බොහෝ ඉන්නවා. තාත්තලා, බාප්පලා බංකොලොත් කරපු රට පුතා ඇවිත් සුරපුරයක් කරයි කියලා යටිගිරියෙන් මයික් ඉස්සරහා බෙරිහන් දිදී කියනවා. මේ වගේ රටට හෙන ගැහුවත් බඩට දෙයක් දාගන්න හිතන දූ පුතුන් තව ඉන්නවා. මේ රටේ අනාගතය හිමි වන්නේ ඔවුන්ටයි. එදාට ආයේ පෝලිම් වල ඉන්න ලෑස්ති වෙන්න.
හනුමා ගිනිගේ
2025 නොවැම්බර් 23
.