සැගවුණු Windows 10 cache ගොනු ඉවත් කර Hard disk එක පිරිසුදු කරමු

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    සැගවුණු Windows 10 cache ගොනු ඉවත් කර Hard disk එක පිරිසුදු කරමු

    Windows 10 යනු Multiple devices වල භාවිතා කරන්න පුළුවන් OS එකක්. ඒ නිසා Hard Disk Space එක කියන්නේ ටිකක් සැලකිය යුතු කාරණයක්. ඔබගේ පරිගණකය ටික කලක් භාවිතා කරන විට Hard Disk එකේ තාවකාලික ෆයිල් (cache data) තැන්පත් වෙනවා. ඉතින් Windows භාවිතා කරන ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ තුන් වන පාර්ශවයේ මෙවලමක් (Third-party tool) භාවිතා කර Hard එකෙන් මේ cache clean කරන්න. ඒත් Windows 10 වල මේ පහසුකම OS එකේම හඳුන්වා දී තිබෙනවා.

    අපි මුලින්ම බලමු මොනවද මේ cache කියන්නේ කියලා. Cache කියන්නේ පරිගණකයේ තැන්පත් වන ස්ථිර නොවන එහෙත් අනාගතයේ දී Operating System එකට අවශ්‍ය වෙන්නට පුළුවන් files වේ. මෙම cache විවිධාකාරයෙන් ඔබේ පරිගණකයේ තැන්පත් වෙන්න පුළුවන්. එහෙත් මෙම ෆයිල්ස් වල අවාසිය තමයි Hard Disk එකේ වටිනා ඉඩකඩ ඇහිරීමයි. ඔබට ඇත්තේ SSD එකක් නම් මෙම ලිපිය ඔබට ඉතාමත් ප්‍රයෝජන වේවි.

    1 ) Windows 10 Update Cache

    ඔබගේ පහසුව තකා Windows මෙහෙයුම් පත්දතිය සෑම Update එකකම cache ෆයිල්ස් save කර තබා ගන්නවා. ඒ පහසුවෙන් නැවත update කිරීමට හැකි වෙන පරිදි. එහෙත් මෙම ෆයිල්ස් 24GB වැනි ඇති විශාල ඉඩකඩක් ගන්න පුළුවන්.

    Windows updates නිසා ඇහිරී ඇති ඉඩ කොපමණද කියා බලා ගැනීමට “C:\Windows\SoftwareDistribution\Download” යන folder එකට යන්න.

    w778Qsl.png


    මෙම ෆයිල්ස් ඉවත් කරන්න මුලින්ම Windows Updates අක්‍රිය (disable) කරන්න අවශ්‍ය වේ. ඔබේ Windows 10 පරිගණකයේ Start Button එක මත Right Click කර ලැබෙන Menu එකෙන් Command prompt(Admin) යන්න තෝරන්න. එවිට ඔබට Command prompt(Admin) Shell එක Open වනු ඇති. එහි පහත Command එක type කර enter කරන්න.

    "net stop wuauserv"

    nzK2eWb.png


    දැන් “C:\Windows\SoftwareDistribution\Download” යන folder එක යටතේ ඇති ෆයිල්ස් Delete කරන්න. ඉන්පසු නැවත Windows Updates enable කරන්න Command prompt(Admin) Shell එකේ පහත Command එක type කර enter කරන්න.

    "net start wuauserv"

    2 ) Windows Store Cache

    Store පහසුකම WIndows 8 වලදී මුලින් ම අපිට අත්දකින්න පුළුවන් වුනා. Store එකෙන් බාගත කර ගන්නා Apps වලින්ද මෙම cache data හට ගන්නවා. Apps බාගත කර ගන්නා විට බාධා වුවහොත්, වැරදි ලෙස නවතා දැමුවොත් ද cache එක් වෙනවා.

    මේ සදහා Run prompt ( WIndows + R කෙටි මගින් ලබා ගන්න) එකේ WSReset.exe ලෙස ටයිප් කර enter කරන්න. දැන් හිස් කළු තිරයක් පමණක් ඔබට පෙනේවි. මෙය background process එකක් නිසා ඔබගේ පරිගණකයේ වේගය මත රදා පවතී.

    Zd5tgpL.png


    ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ පසු Windows Store විවෘත වේ.

    3 ) Windows Store Apps

    ( සැ.යු. : Windows 10 November Update -1511 බා ගත කරගත් පරිශීලකයන් සදහා පමණයි.)

    Store Apps යනු Windows මෙහෙයුම් පත්දතියට අලුත් දෙයක්. සාමාන්‍ය මෘදුකාංග වගේ මේවා තමන්ට කැමැති ස්ථානයක ස්ථාපනය කිරීමට හැකියාවක් නොමැත. එහෙත් Windows 10 November Update -version 1511 පරිශීලකයන් සදහා මෙම පහසුකම ලබා දී ඇත.

    මේ සදහා Settings > System > Apps and features වලට ගොස් අවශ්‍ය App එකේ නම ටයිප් කර “Move” බොත්තම click කර අවශ්‍ය නව ස්ථානය තෝරන්න. මෙය Store Game Apps සදහා ඉතා වටිනා උපක්‍රමයක් වන බව නො අනුමානයි.

    ETxcFAw.png


    4 ) Hibernate cache/file

    අපි කවුරුත් දන්නවා Windows 10 boot speed එක ඉතාමත් වේගවත් කියල. එකට හේතුව Hybrid Sleep කියන feature එක. ඒ කියන්නේ Hibernation සහ Sleep කියන ක්‍රම දෙකම එකතු කරලා device එක shut down කරන්නේ නැතුව low-power state එකකට යනවා. මේ නිසා Hard disk එකේ පොඩි ඉඩක් ගන්නවා. (පොඩි කිව්වට ටිකක් ලොකු ඉඩක්)

    H2Nz3jR.png


    hiberfil.sys කියන ෆයිල් එක System ෆයිල් එකක්. මේක කල්යත්ම ඉතා විශාල ෆයිල් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. බය වෙන්න එපා අපි ඒකත් clean කරලා දාමු.

    මේ සදහා මුලින් ම ඔබේ Windows 10 පරිගණකයේ Command prompt(Admin) Shell එක Open කර එහි පහත Command එක type කර enter කරන්න.

    "powercfg -h off"

    දැන් පරිගණකය restart කරන්න. ( restart කරන නිසා පරිගණකය නැවත ස්ථාපිත වීමට ටිකක් වෙලා ගත වේවි. )

    ස්ථාපිත වූ පසු ඔබට දැක ගත හැකි වේවි hiberfil.sys ෆයිල් එක මැකී ඇති බව. දැන් නැවත Command prompt(Admin) Shell එක Open කර පහත Command එක type කර enter කරන්න.

    "powercfg -h on"

    එවිට නැවත hiberfil.sys ෆයිල් එක දැක ගන්නට හැකි වේවි. හැබැයි ෆයිල් ප්‍රමාණය කුඩා වී ඇත. ඒ වගේම අපි disable කරපු hybrid sleep එකත් ආයෙත් ස්ථාපිත වේවි.

    5 ) Temporary files සහ OS Downgrade Cache

    තාවකාලික ගොනු (Temporary files) බහාලීමට Windows මෙහෙයුම් පත්දතියේ වෙනම ඉඩකඩක් සකසා දී ඇත.

    මෙම තාවකාලික ගොනු කළමනාකරණය කිරීම සඳහා WIndows 10 වලදී,

    Settings > System > Storage යන්න තෝරන්න.

    ovv13Jd.png


    ලැබූ සැකසුමෙන් අවශ්‍ය තැටිය (Drive) තෝරන්න. එයින් පහලට scroll කර “Temporary files” යන්න තෝරන්න. එමගින් ඔබට සියලු තාවකාලික ගොනු මකා දැමීමට පහසුවෙන් අවස්ථාව ලබා දී ඇත.

    Qe4U8mU.png


    තවද ඔබගේ Windows Upgrade එක පරණ version එකකට පහළ දැමීමට අවශ්‍ය ෆයිල්ස් ද මෙම විකල්පය හරහා ඉවත් කිරීමට පුළුවන්. මේ සදහා “Temporary files” යටතේ පහලට scroll කරන්න.

    zrU5VMK.png


    6 ) DNS Cache

    DNS කියන්නේ ඉතා පුළුල් මාතෘකාවක්. මෙම සේවාව නිසාද cache විවද ආකාරයෙන් හට ගනී. මේ ෆයිල්ස් මකා දැමුවා කියා පරිගණකයටවත්, ඔබගේ සම්බන්දතාවයටවත් කිසිදු හානියක් වෙන්නේ නැහැ.

    මේ ගොනු මකා දැමීමට Command prompt(Admin) Shell එක Open කර පහත Command එක type කර enter කරන්න.

    "ipconfig /flushdns"

    y4saKn9.png


    ඉස්සුවෙ මෙතනින්.
    fiTHIVU.png




     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    windows 10 aulak nadda? bugs nadda? mama daganna hadanne.;)

    මම මේ 10 පාවිච්චි කරන්නේ.. මගේ ලැප් එකට 7 ගහන්න බැරි නිසා.... ලැප් එකට සපෝට් කරන්නේ නෑ 7..... :(:(
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    මම මේ 10 පාවිච්චි කරන්නේ.. මගේ ලැප් එකට 7 ගහන්න බැරි නිසා.... ලැප් එකට සපෝට් කරන්නේ නෑ 7..... :(:(

    aul monada tiyenne? mage dekstop ekata hariyayida danne na drivers ehema...
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113

    මම මේ 10 පාවිච්චි කරන්නේ.. මගේ ලැප් එකට 7 ගහන්න බැරි නිසා.... ලැප් එකට සපෝට් කරන්නේ නෑ 7..... :(:(
    මොකද්ද ලැප් model එක.