සැපට සැපේ ගමන් යන්න

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    සැපට සැපේ ගමන් යන්න

    කවුද අකමැති අපි කැමති ගමන් බිමන් සැපට ගිහින් ආපහු එන්න. විශේෂයෙන් දුර ගමනක් එහෙම යද්දි මේ සැපපහසුව සෑහෙන වටිනවා. කෝච්චි බස් වල හිර වෙලා,පොඩි වෙලා, දූවිලි දාඩිය නාගෙන, තෙහෙට්ටුවෙන් ගමන් ගිය කාලෙ දැන් ඉවරයි. දැන් තියනවා නියම සැපපහසු ක්‍රම ගමන් බිමන් යන්න. මහ ලොකු මුදලක් වැය වෙන්නෙත් නෑ.

    ඉතින් අපි හිතුවා සනීපෙට හැදුන ඔයාලට ඒ විදිහට සැපට කැමති ගමන් ගිහින් එන්න පහසුවෙන්න ලංකාවේ සුඛෝපභෝගී ම ප්‍රවාහන ක්‍රම ගැන විස්තර ටිකක් කියලා යන්න.


    1. එක්ස්පෝ රේල්

    Luxury-Travel-Costs-in-SL-aniwa-01.jpg


    Luxury Travel Costs in SL
    Source – exporail.lk


    ලංකා එක්ස්පෝ හෝල්ඩින්ග්ස් සමාගමෙන් පාලනය වෙන එක්ස්පෝ රේල් දුම්රිය චාරිකා පද්ධතිය මේ වන විට ධාවනය වෙන්නේ නුවර, ත්‍රිකුණාමලය සහ බදුල්ල හා බණ්ඩාරවෙල ගමනාන්ත සඳහායි. ඇති සුඛෝපභෝගී වායුසමනය කර ඇති දුම්රිය මැදිරි වලින් සමන්විත වෙන මෙහි කාර්ය මණ්ඩලය මනාලෙස පළපුරුදු සුහදශීලී සේවයක් සපයනු ලබනවා. ගමනාන්තය තෙක්ම ඔබට රූපවාහිනී සේවා, ආහාරපාන වගේම ආරක්ෂාව සහ සතුටත් එක වගේ නිදහසේ විඳිත හැකි ගමන් වාර ඇති නිසා තවත් අත්දැකීම රසවත් වේවි.

    විශේෂයෙන් බදුල්ල බණ්ඩාරවෙල, ත්‍රිකුණාමලය, මහනුවර ට පමණක් ගමන් වාර තිබුනත් ඉදිරියේදී ඔවුන් සිය සේවාවන් තවත් ප්‍රචලිත කිරීමට නියමිතයි. ආහාරපානද ඇතුලුව මේ සියලු සැප පහසුකම් විඳිමින්, කොළඹ සිට නුවරට යාමට සහ ඒමට ඔබට වැයවන්නේ රුපියල් 2900ක වගේ මුදලක්.



    ආසන වෙන්කිරීම් සහ පැකේජ :
    පහසුවෙන්ම අන්තර්ජාලය හරහා ආසන වෙන් කරන්නට පුළුවන් වාගේම, දින හතේම පැය විසි හතර පුරාම දුරකථනය (011225050) හරහාත් ආසනය වෙන් කරගන්නට පුළුවන්.

    ඔබේ ගමන් කණ්ඩායම 10 දෙනෙකුට වඩා වැඩි නම් ඔවුන් විසින් පහසුවෙන් තෝරාගන්නට හැකි පරිදි පැකේජ රැසක් හඳුවාදී තිබෙනවා. ඒවායේ මිල රුපියල් 5000 සිට 15000 දක්වා වෙනවා.

    http://www.exporail.lk/

    2. රාජධානි එක්ස්ප්‍රස්

    Luxury-Travel-Costs-in-SL-aniwa-02.jpg


    Luxury Travel Costs in SL
    Source – rajadhani.lk, exploresrilanka.lk

    රාජධානි එක්ස්ප්‍රස් කියන්නෙත් ඔබට බොහොම සුවපහසුවෙන් ඔබේ ගමන් වාරය වින්දනය කරන්නට හැකි අත්දැකීම් වලින් බහුල දුම්රිය සේවයක්. ප්‍රධාන ගමන් වාර ලෙසින් කොළඹ – මාතර , කොළඹ – බදුල්ල, කොළඹ – නුවර සඳහා දිනපතා ගමන්වාර පවත්වනවා.



    ආසන වෙන්කිරීම්
    කොළඹ කොටුව දුම්රියපොලෙන් සහ මොබිටෙල් ඊ ටිකටින් වෙතින් රුපියල් 1100 වගේ මිලකට පහසුවෙන්ම ආසන වෙන් කරගනන්ට පුළුවන් වගේම රාජධානි එක්ස්ප්‍රස් වෙබ් අඩවියෙනුත් ඔබට ඔබේ ආසනය වෙන් කරගන්නට හැකියි.



    පහසුකම්
    රාජධානි එක්ස්ප්‍රස් දුම්රිය තුලදී ඔබ ගෙවනා පොඩි මුදලට සේවාවන් රැසක් ලබාගන්නට හැකියාව තියෙනවා, ඒ අතර wi-fi, රසාස්වාදන සේවා, ආහාර, සහ සුහදශීලී කාර්ය මණ්ඩලයේ සහයත් නොපිරිහෙලා ලැබේවි.

    https://mreservation.mobitel.lk/Rajadani-Reservation/main.jsp

    3. UBER

    Luxury-Travel-Costs-in-SL-aniwa-03.jpg


    Luxury Travel Costs in SL
    Source – lankabusinessonline.com

    ලංකාවට පැමිණි අලුත්ම ටැක්සි සේවය ඌබර් වෙතින් බොහොම සුව පහසුවට ගමනාන්ත වලට ලඟා වෙන්නට පහසුකම් සලසා තිබෙනවා. ඒවගේම ඔබේ පහසුව තකා ඔවුන් සුඛෝපභෝගී SUV රථ පවා ධාවනයට යොදවලා තිබෙනවා. මෙයට අමතරව Saloon cars, Vans, Pickups පවා ඔවුන් සතු වෙනවා, වැඩි විස්තර ඌබර් වෙබ් අඩවියට සම්බන්ධ වීමෙන් ලබාගන්නට පුළුවන්.



    *ඌබර් සතුව ලංකාව සඳහා දුරකථන අංකයක් නැත, ඔබ අනිවා සම්බන්ධවිය යුතු වන්නේ වෙබ් අඩවිය හරහා හෝ ඔවුන් සපයන ස්මාර්ට් ෆෝන් යෙදුම හරහා පමණයි.

    **එසේත් නැතිනම් ගුගල් හෝ ෆේස්බුක් හරහා ලොගින් වී ඔවුන්ගේ මොබයිල් වෙබ් අඩවියටත් සම්බන්ධ වෙන්නට පුළුවන්


    4. SuperLine Bus Service

    Luxury-Travel-Costs-in-SL-aniwa-04.jpg


    Luxury Travel Costs in SL
    Source – busticket.lk

    ඔබ සුඛෝපභෝගී බස් රථ සේවයක යන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් සුපර් ලයින් බස් රථ එයට හොඳම විසඳුම වෙනවා. බදුල්ල, පස්සර, ත්‍රිකුණාමලය, කල්මුනේ අක්කරෙයිපත්තු වෙත තමන්ගේ බස් රථ මෙහෙයවන ඔවුන් අයකරන්නේ බොහොම පහසු මුදලක්.

    එහෙත් ලංකාවේ බස් සේවාවන් වල හැටියට ඔවුන්ගේ වායුසමීකරණය කල බස් රථ පෙළ ගෙනෙන්නේ බොහොම සුවපහසුවක් බව නම් නොකියාම බැහැ.

    ඔබට පහසුවෙන්ම ඩයලොග් දුරකථන හරහා මෙම සේවාවට අදාළ ටිකට් පත් සැනින් වෙන් කරගන්නට පහසුකම් සපයලා තියෙනවා.



    5. Sail Lanka Yacht Service

    Luxury-Travel-Costs-in-SL-aniwa-05.jpg


    Luxury Travel Costs in SL
    Source – calameo.com

    Sail Lanka යනු ලංකාවේ ඇති වැඩිම යොට් (yacht) බෝට්ටු ගණනක් සහිත සමාගම කියලා අවිවාදයෙන් කියන්නට පුලුවන්. ඔවුන් සතුව පවතින යොට්ස් සහ තනි පුද්ගල බෝට්ටු ප්‍රමාණය 10කට වඩා වැඩියි, 30 වඩා වැඩි පළපුරුදු සේවක ප්‍රමාණයක් සිටින ඔවුන් බෙන්තොට ගාල්ල මිරිස්ස පාසිකුඩා ත්‍රිකුණාමලය යන ස්ථාන වල ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා.

    මිල ගණන් සහ වෙන් කරගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධක වෙබ් පිටුවේ සියලු තොරතුරු දක්වා තිබෙනවා.



    6. Explore SriLanka


    Luxury-Travel-Costs-in-SL-aniwa-06.jpg


    Luxury Travel Costs in SL
    Source – srilankavacationtours.com
    එක්ස්ප්ලොර් ශ්‍රී ලංකා යනු ලංකාවේ පැරණිතම සංචාරක සමාගමක් වන අතර ඔවුන් සිය යොට් සවාරි සංවිධානය කිරීම ආරම්භ කලේ මෑතකදියි. පාසිකුඩා බෙන්තොට ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන සිය මෙහෙයුම් කටයුතු කරන ඔවුන් බොහොම පහසුවෙන් අදහසක් ගත හැකි ලෙස සිය මිල මට්ටම් තම වෙබ් පිටුවේ දක්වා ඇත්තේ මේ අයුරිනුයි.



    7. Business class at Srilankan Air Lines

    Luxury-Travel-Costs-in-SL-aniwa-07.jpg


    Luxury Travel Costs in SL
    Source – theartofbusinesstravel.com, navjot-singh.com
    ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඕනෑම රටකට පියාසර කරන ඔබට ඔවුන්ගේ ව්‍යාපාරික පන්තියේ සේවා ලබාගන්නට හැකි නම් එය අමතක නොවන මතකයක් බවට පත්වේවි.

    විවිධ මිල ගණන් යටතේ ඔබට සුහදශීලී සේවයක් නිසැකවම ලබාදෙන්නේ ඔවුන්ටම ආවේනික වූ ආචාරශීලී සේවයත් සමගින්


    http://www.aniwa.lk/
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    pirimyekk nm warenn huththo namenn .... mona mall poneyekk da mnda? koheda yako meke jathiya gawune.. yako dn kiriye thread ekk danna na ne me mall ponnayo ekka .. :angry:

    D6vikPD.png

    ඔව ගනන් ගන්න එපා මචං මොක දැම්මත් කෙලලා යනවා...... ඔන්න මන් ගානේ 5