සැපයට හේතුවන කරුණු 4 ක්

hpalpola

Well-known member
  • බුදු දහම මාර්ගය සාදා දෙන්නේ නිවනටම පමණක් නොවේ. මෙලොව ජීවත් වෙද්දී සැප විඳීම සඳහා අවශ්‍ය කරන අවබෝධය ද එයින් ලබා දෙයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බත උපහත සුත්‍රය එවැනි කරුණු හතරක් දක්වන සූත්‍රය කි.

    මේ සූත්‍රයට අනුව කරුණු හතරකින් යුතු අඥානයා මෙලොව දුකට පත් වෙයි. එම කරුණු හතර නම්,
    1. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ නොකිව යුත්තාගේ ගුණ කියයි.
    2. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ කිවයුත්තාගේ අගුණ කියයි.
    3. නොදැන, පරීක්‍ෂා නොකොට නොපැහැදියයුතු තැන පහදියි.
    4. නොදැන, පරීක්‍ෂා නොකොට පැහැදියයුතු තැන නොපහදියි.

    නමුත් තවත් කරුණු හතරක් ඇති ඥානවන්තයා මෙලොව සැප විඳියි. එම කරුණු නම්,
    1. දැන, පරීක්‍ෂාකොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි.
    2. දැන, පරීක්‍ෂා කොට ගුණ කිවයුත්තාගේ ගුණ කියයි.
    3. දැන, පරීක්‍ෂා කොට නොපැහැදියයුතු තැන නොපහදියි.
    4. දැන, පරීක්‍ෂා කොට පැහැදියයුතු තැන පහදියි.

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ යමෙක් නින්‍දා කටයුත්තෙකුට ප්‍රශංසා කරයිද? යමෙක් ප්‍රශංසාවට සුදුසුද, ඔහුට නින්‍දා කෙරේද? හෙතෙම වචනයෙන් පාපයක් රැස් කරන බවයි. ඔහු ඒ පාපයෙන් සැපයක් නොවිඳී. තවදුරටත් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ දාදු ක්‍රීඩා ආදියෙන් යම් ධනයත් සමග තමන්ගේ විනාශය වේද, ඒ විනාශය ස්වල්ප එකක් වන බවත්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයන් කෙරෙහි සිත නොපහදවයිද, එයම අතිශයින් මහත් විනාශයට හේතු වන බවයි. වචනයද, සිතද පාපයට යොදා යමෙක් ආර්‍ය්‍යයන්ට ගරහන්නේද, ඔහු නිරබ්බුද ගණනින් එක් ලක්‍ෂ සතිසක් සහ අබ්බුද ගනනින් පසක්ද, නිරයෙහි පැසෙන බවත් බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. මේ දහම මනසට ම කතා කරන්නා දහමකි.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    බුදු දහම මාර්ගය සාදා දෙන්නේ නිවනටම පමණක් නොවේ. මෙලොව ජීවත් වෙද්දී සැප විඳීම සඳහා අවශ්‍ය කරන අවබෝධය ද එයින් ලබා දෙයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බත උපහත සුත්‍රය එවැනි කරුණු හතරක් දක්වන සූත්‍රය කි.

    මේ සූත්‍රයට අනුව කරුණු හතරකින් යුතු අඥානයා මෙලොව දුකට පත් වෙයි. එම කරුණු හතර නම්,
    1. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ නොකිව යුත්තාගේ ගුණ කියයි.
    2. නොදැන, පරීක්‍ෂා නොකොට ගුණ කිවයුත්තාගේ අගුණ කියයි.
    3. නොදැන, පරීක්‍ෂා නොකොට නොපැහැදියයුතු තැන පහදියි.
    4. නොදැන, පරීක්‍ෂා නොකොට පැහැදියයුතු තැන නොපහදියි.

    නමුත් තවත් කරුණු හතරක් ඇති ඥානවන්තයා මෙලොව සැප විඳියි. එම කරුණු නම්,
    1. දැන, පරීක්‍ෂාකොට නුගුණ කිව යුත්තාගේ නුගුණ කියයි.
    2. දැන, පරීක්‍ෂා කොට ගුණ කිවයුත්තාගේ ගුණ කියයි.
    3. දැන, පරීක්‍ෂා කොට නොපැහැදියයුතු තැන නොපහදියි.
    4. දැන, පරීක්‍ෂා කොට පැහැදියයුතු තැන පහදියි.

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ යමෙක් නින්‍දා කටයුත්තෙකුට ප්‍රශංසා කරයිද? යමෙක් ප්‍රශංසාවට සුදුසුද, ඔහුට නින්‍දා කෙරේද? හෙතෙම වචනයෙන් පාපයක් රැස් කරන බවයි. ඔහු ඒ පාපයෙන් සැපයක් නොවිඳී. තවදුරටත් බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ දාදු ක්‍රීඩා ආදියෙන් යම් ධනයත් සමග තමන්ගේ විනාශය වේද, ඒ විනාශය ස්වල්ප එකක් වන බවත්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයන් කෙරෙහි සිත නොපහදවයිද, එයම අතිශයින් මහත් විනාශයට හේතු වන බවයි. වචනයද, සිතද පාපයට යොදා යමෙක් ආර්‍ය්‍යයන්ට ගරහන්නේද, ඔහු නිරබ්බුද ගණනින් එක් ලක්‍ෂ සතිසක් සහ අබ්බුද ගනනින් පසක්ද, නිරයෙහි පැසෙන බවත් බුදුරජාණන්වහන්සේ දේශනා කරයි. මේ දහම මනසට ම කතා කරන්නා දහමකි.
    සොවාන් වුනා අයට අදාලයිද? අපි හිතමු සොවාන් වෙච්ච් කෙනෙක් රිලව් මරන එකට තම්බ්ස් අප් දුන්නාම එක දැකල අපිට හිතුනොත් "අන්න මැණියනි සොවාන් වු හෙතෙම කියපු දෙ රිලව් ප්‍රාණ ගාතයට රුකුලක් වුනා," වගෙ සීන් එකෙදි වගෙ?
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සොවාන් වුනා අයට අදාලයිද? අපි හිතමු සොවාන් වෙච්ච් කෙනෙක් රිලව් මරන එකට තම්බ්ස් අප් දුන්නාම එක දැකල අපිට හිතුනොත් "අන්න මැණියනි සොවාන් වු හෙතෙම කියපු දෙ රිලව් ප්‍රාණ ගාතයට රුකුලක් වුනා," වගෙ සීන් එකෙදි වගෙ?

    සෝවාන් කෙනා කියන්නේ විද්යා බූමියෙ ඉදන්

    පෘටක්ජනයා හිතන්නේ අවිද්යා බූමියේ ඉදන්, පෘටක්ජනයා අවිද්යාව තුල ඩදන් සෝවාන් කෙනා කියපු දේ ගැන මොනා හිතුවත් සෝවාන් කෙනාට ඒක අදාල වෙන්නැහැ, අඩුම තරමේ වචන අර්ථයවත් නොපනවන සෝවාන් කෙනා ආතල් එකේ ඕන දෙයක් කියලා ඉන්නවා

    වචන තියෙන්නේ අවිද්යා බුමිය තුල
     
    • Like
    Reactions: NRTG