සැපයෙන් එහා ගිය නිදහස්‌වීමක්‌

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සැපයෙන් එහා ගිය නිදහස්‌වීමක්‌

    විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක්‌ ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එම පිංවතුන් එහෙම කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්‌තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට ගිය පිංවත් පිරිසක්‌ නොවේ. ඒ නිසා ඒ අය දිව්‍ය සැප රූපී අරූපී බ්‍රහ්ම සැප උපාදානය කොටගත්තා. ඉන් ඔබ්බට යන්න ඒවායේ අනිත්‍ය දකින්න එම පිංවතුන්ට හේතු සකස්‌ උනේ නැහැ. ඉහත සැප කෙරෙහි ඇති කරගත් ඡන්දරාගය නිසා එම පිංවතුන් දිව්‍යතල බ්‍රහ්මතලවල කොටුවුණා හිරවුණා. එහි ප්‍රතිඵලය නැවත භවයක්‌ සකස්‌වීමයි. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වල හිමිකරුවන් වීම. ලෝකයේ යම් පුරුෂයෙක්‌, ස්‌ත්‍රියක්‌ දෙවියෙක්‌ ළඟට බ්‍රහ්මයෙක්‌ ළඟට යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඔහු ප්‍රාර්ථනා කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් යුත් භවයක්‌. මෙහි භයානක කම වන්නේ මොවුනට ලැබෙන්නේ මිථ්‍යදෘෂ්ටික භවයක්‌ වීමයි. අප බෝධිසත්වයන් වහන්සේද සංසාරයේ අනන්තවත් මිථ්‍ය දෘෂ්ටිකව ඉපදිලා තිබෙනවා. මේ යථාර්ථය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැක්‌ක නිසයි දෘෂ්ටින් හැටගණනාවක්‌ තිබුණ ඉන්දියාවේ මේ සෑම දෘෂ්ටියකටම එහි නිර්මාතෘවරුන්ට කරුණාව, මෛත්‍රීය දැක්‌වුවේ. අපටත් කරුණාව, මෛත්‍රීය දක්‌වන්න උගැන්නුවේ. මේවා ලෝකයේ ස්‌වභාවය. ලෝකයේ බහුතරයක්‌ පිංවතුන් දිව්‍යතල, බ්‍රහ්මතල උපාදානය කරගැනීම සාධාරණයි. මන්ද දිව්‍ය, බ්‍රහ්ම සංඥාවලින් ඔබ්බට ගිය ලෝකය එම පිංවතුන් නොදැක්‌ක නිසා. ඒක එම පිංවතුන්ගේ වරදක්‌ නොවේ. එයත් ජයග්‍රහණයක්‌. නමුත් මේ ජයග්‍රහණයේ ආශ්වාදය කෙලවර වන්නේ දුකෙන්. ඒ ඔවුන් සතර අපායෙන් නොමිදී ඇති නිසා.
    මනුෂ්‍යයා ආශ්‍රිතව ජීවත්වන සතරඅපායෙන් නොමිදුනු දෙවිවරු භික්‍ෂුන්ට අරමුණුවී ඇත. මේ දිව්‍යතල බ්‍රහ්මතලවලින් නවතින කථාවක්‌. ඉන් ඔබ්බට ගිය දර්ශනයක්‌ මේවායේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යතල බ්‍රහ්මතල ඉක්‌මවා ගොස්‌ ලෝකයෙන් එතෙරවන මාර්ගය දේශනා කළ ශාස්‌තෘන්වහන්සේ නමක්‌. ගෞතම බෝධීසත්වයන් වහන්සේ ජයශ්‍රීමා බෝධිමූලයේදී ඔය දිව්‍යතල බ්‍රහ්මතල සැපයන්ට මුලාවුණේ නැහැ. වසවර්ති මාරයාගේ මාර දූවරුන් නොඑක්‌ කාමාභිනන්දන රැඟුම් දර්ශන ඉදිරිපත් කරමින් මෙම දිව්‍යතල බ්‍රහ්මතල සශ්‍රික බව සැපය ගැන විසිතුරු පෙන්නුවද උන්වහන්සේ ඒවාට මුලාවුණේ නැහැ. උන්වහන්සේ සෑම දිව්‍ය, බ්‍රහ්ම තලයක්‌ම ප්‍රඥාවෙන් පීර පීරා බැලුවා. යම්තැනක හෝ ඉඳිකටු තුඩක්‌ ගැසීමට තරම්වත් ප්‍රමාණයේ නිත්‍ය සැපයක්‌ තිබෙනවාද කියලා. උන්වහන්සේ ප්‍රඥාවේ ඥානදර්ශනයන් ලබමින් අවබෝධ කළා මේ සියල්ල අනිත්‍ය බව. ජාති, ජරා, ව්‍යාධි, මරණවල තෝතැන්නක්‌ බව. සියලු ලෝකයන්ගේ අනිත්‍යභාවය ප්‍රඥාවෙන් අවබෝධ කර මේවාට ඇති කැමැත්තෙන් මිදෙන විට සිත පිහිටන්න උන්වහන්සේට වෙන තැනක්‌ තිබුණේ නැහැ. ඒ සිත නැවතුනේ ලෝකයෙන් එරෙහි වුණ නිවන අවබෝධය තුළමය.
    ඉහත සටහනට උපකාර වශයෙන් භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට දුටු දර්ශනයක්‌ මෙහි සටහන් තබනවා. භික්‍ෂුවක්‌ සිංහරාජයට යාබද ආරණ්‍යයකට පැමිණි දෙවැනි දින රාත්‍රියේ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියේ හැඩිදැඩි අඩි හයාමාරක්‌ පමණ උසැති හොඳින් මස්‌පිඬු තදින් පිහිටි තේජස්‌ සහිත ව්‍යායාම කළ ශරීරයක්‌ සේ ශක්‌තිමත් ශරීරයක්‌ සහිත දිව්‍යරූපයක්‌ දර්ශනය වුණා. සුදු අත්කොට කමිසයක්‌ සහ සුදු සරමක්‌ ඇඳගෙන සිටියා. ප්‍රභාෂ්වර, දිලිසෙන සුදු පැහැයක්‌ ඇඳුමේ තිබුණා. ලා කහ පැහැති ප්‍රසන්න මනබදනා රූපයක්‌. ඔහු භික්‍ෂුව දෙස නොසෙල්වී සෘජුව විනාඩි තුනක්‌ පමණ නිහඬව බලාසිට නොපෙනී ගියා. මේ දිව්‍යරූපය කාගේද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එකක්‌ විශ්වාසයි. මේ කන්දට ආරණ්‍යයට අධිපති අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ බව. භික්‍ෂුව මේ ආරණ්‍යයට ආගන්තුක නිසාත් මෙවැනි දිව්‍ය ස්‌වභාවයන් මීට පෙර ආරණ්‍යයේ කිසිවෙක්‌ දැක නොතිබු නිසාත් මෙම දිව්‍යබලය කවරෙක්‌ද යන්න භික්‍ෂුව දන්නේ නැහැ.
    සතියක්‌ පමණ ගත වෙද්දී උදෑසන 4.30 ට පමණ භික්‍ෂුව පිටුපස විශාල ආලෝකයක්‌ හැටියට ද දිව්‍ය ආලෝකයක්‌ පැමිණියා. මෙම ආලෝකය බස්‌ රථය ඉදිරි ප්‍රධාන විදුලි ලාම්පුව තරම් විශාල ආලෝකයක්‌. එහෙත් මොහොතකින් මෙම ආලෝකය අතුරුදන්වීම නිසා මෙම ආලෝක වශයෙන්ද පැමිණියේ ඉහත දිව්‍යස්‌වභාවයම බව භික්‍ෂුව අනුමාන කරයි. අවශ්‍ය විටක මනුෂ්‍ය ස්‌වරූපයේ සියුම් ස්‌වභාවයනුත් අවශ්‍ය විටක ආලෝකයක ස්‌වභාවයනුත් පෙනී සිටීමට මෙම දෙවිවරුන්ට හැකියාව ඇතැයි ඉහත සිද්ධියෙන් භික්‍ෂුව අනුමාන කරයි.
    ඉහත ආරණ්‍යයේ සති දෙකක්‌ පමණ වැඩසිටියදී දිනක්‌ දහවල් දානය පූජා කළ පිරිස පිංඅනුමෝදන් කිරීමට අවශ්‍ය අයගේ නම් කොළ කැබැල්ලක සටහන් කළ නායක ස්‌වාමීන් වහන්සේ අතට දුන්නා. මෙහි සඳහන් වෙනවා මියගිය අම්මා, තාත්තාගේ නම් සහ වීදියබණ්‌ඩාර සෙනවිතුමාට පිං පිණිසයි කියලා. අන්න ඒ අවස්‌ථාවේ භික්‍ෂුව සොයල බැලුවා කවුද මේ වීදියබණ්‌ඩාර සෙනවිතුමා කියලා. මේ ආරණ්‍යයේ පිහිටි ගල්පර්වතයේ තමයි අතීතයේ වීදියබණ්‌ඩාර සෙනවිතුමා තම හේවාබලඇණි සමග පලා ඇවිත් කඳවුරු බැඳගෙන තිබෙන්නේ. මේ ගමේ සමහරු එම හේවා භටයින්ගෙන් පැවතෙන අය. ඒ නිසා මොවුන් වර්තමානයේදීත් සෙනවිතුමා සිහි කරලා පිං දෙනවා. මේ කරුණු ටික ඇසෙනවිට භික්‍ෂුව අනුමාන කළා ඉහත ප්‍රතාපවත් දිව්‍ය ස්‌වභාවය සහ දිව්‍ය ආලෝකය වීදියබණ්‌ඩාර සෙනවිතුමාගේ පරලොව දිව්‍ය ජීවිතය බව. එම සෙනවිතුමා ජීවත්ව සිටි ස්‌වරූපයේ රූපයට සමාන ප්‍රතාපවත් රූපයක්‌ සහිත සම්‍යදෘෂ්ටික අල්පේශාඛ්‍ය දෙවියෙක්‌ ලෙස ආරණ්‍යය පිහිටි කඳුපංතිය උපාදානය කරගෙන ජීවත්වෙනවා විය හැකියි.
    දැන් අපි බලමු මේ දිව්‍ය ස්‌වභාවය ඇයි මේ කඳුගැටය උපාදානය කරගෙන මෙහි ආරක්‍ෂක දෙවියෙක්‌ වශයෙන් ජීවත්වෙන්නේ කියලා. එයටත් අනුමාන වශයෙන් හේතුවක්‌ භික්‍ෂුවට දැනගන්නට ලැබුණා. ඒ තමයි මේ කඳුපංතියේ යම් ආරක්‍ෂිත ස්‌ථානයක ආභරණ සහිත නිධානයක්‌ ඇතැයි කියන විශ්වාසය. මෙය ඇත්තක්‌ නම් මෙම ආභරණ නිදන් කරන්නට ඇත්තේ පරාජයවීමකදී හෝ පලායාමකදී ඒවයේ ආරක්‍ෂාවට වීමට පුළුවන. මැරෙන මොහොතේදී ඒවා කෙරෙහි ඇතිවූ ජන්දරාගයන් නිසා සෙනවිතුමා මරණින් මතු ආරක්‍ෂක දෙවියෙක්‌ ලෙස මෙම කඳුපංතිය උපාදානය කර උපත ලැබුවාද විය හැකියි.
    දිව්‍යජීවිත ගත කළද මේ සියල්ලෝම ජාති, ජරා, ව්‍යාධි, මරණ සමග ලෝකය තුළම ජීවත්වන්නේය. සමහරවිටක මේ අය ඔබට ලෞකික වශයෙන් උපකාරයන් කළ හැකිය. නමුත් මේ කිසිවෙකුට අන් අයෙකුට සසරදුකින් මිදීම සඳහා පිහිට විය නොහැක. මන්ද තමාද භවය උපාදානය කරගෙන ජීවත්වන නිසාය.
    ඉහත දිව්‍ය ස්‌වභාවයන් සශ්‍රික දිව්‍යලෝකවල ජීවත්වන දිව්‍ය ස්‌වභාවයන් නොවේ. යම් යම් කැමැත්තන් කෙරෙහි චන්දරාගය ඇතිකරගෙන ඒවා නිත්‍යභාවයෙන් ගැනීම නිසා මනුෂ්‍ය ලෝකයේම මනුෂ්‍යයන් ඇසුරේ පිරිසිදුභාවයෙන් ජීවත්වන දෙවිවරුන්ය. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයාට ස්‌ථීර සැප ඇති තැනක්‌ මේ ලෝකධාතුව තුළ නැතැයි පැහැදිලිව දේශනා කර ඇත. හේතුඵල ධර්මයන් නිසා සකස්‌ වුණ නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙන ලෝකය උන්වහන්සේ ප්‍රඥාවේ අවබෝධයෙන් අභිබවා ගියහ. කවදාහරි දිනයක ඔබත් මමත් අපේක්‍ෂා කරන නිවීම තුළද ඇත්තේ සැපයක්‌ නොව නිදහස්‌වීමක්‌මය. නිදහස ලබන්නේ දුක සහ සැපය යන දෙකින්මය. ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයෙන් අවබෝධ කර වදාළ මේ යථාර්ථය අන් දෘෂ්ටින් සමග කෙසේනම් සසඳන්නද? ගලපන්නද? ඉහත දෘෂ්ටින් සතර අපායවල් ඉක්‌මවා නොගිය ස්‌වභාවයක්‌ය. එහෙත් මේ සටහන කියවන ඔබ සැබෑම වාසනාවන්තයෙකි, දක්‍ෂයෙකි. සතර අපායෙන් මිදීමේ මාවත පිංවත් ඔබලාට තවම විවෘතය. සමහරවිට පිංවත් ඔබ දැනටමත් අවබෝධාත්මක සතර අපායෙන් එතෙරවූ දක්‍ෂයෙක්‌ වීමටද එම මාර්ගයේ ගමන් කරන අයෙක්‌ වීමටද පුළුවන. සැබවින්ම ඔබ එසේනම් කෝටි ප්‍රකෝටි ගණන් මිනිසුන් අදහන දෙවියන් බ්‍රහ්මයන්ට වඩා ඔබ වැඳුම් පිදුම් ලැබීමට සුදුස්‌සෙකි. අන්‍යයන්ට මාර්ගය කියාදීමට සැබෑම ලොව්තුරු බුද්ධ වචනයම, අර්ථයම කියාදෙන කළ්‍යාණ මිත්‍රයෙක්‌ වීමට සුදුස්‌සෙකි.





    සැපයෙන් එහා ගිය නිදහස්‌වීමක හිමිකරුවෙකි ඔබ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Yes , Mama eya thava sarala lesa pahadili karannam. Oba obage Mind eka Mountain ekak lesa example ekakata ganna. Oba Mountain ekak BULLDOZER ekak genella vinasa [destroy] kirimata try kaloth, Mountain eka ethana flat unath , energy[sakthiya] nasiya nohaki nisa , pas [soil] tika vena place ekaka goda gasenu atha. Ath oba Mountain eka vinasa kirimata try nokara, MOUNTAIN EKA MUDUNATA [TOP] NAGA GAATTHOTH, ATHANA MOUNTAIN EKA ATTHEDHA NOVE , NATTHEDHA NOVE. EYA NIRVANAYAI. TOP OF THE MOUNTAIN = TOP OF THE MIND= NIRVANAYA. Ema nisa Nirvanaya yanu, Manasa vinasa[destroy] kirima nova, Manasa abibava [ overcome] kara MANASE MUDUNATA YAMAI. TOP OF THE MIND = NIRVANAYAI. Eya Budun vahanse lage , Rahathun vahanse lage sadhakalika Vasasthanayai.