සැප්තැම්බර් 03 - ජාතික ශෝක දිනයක්!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැප්තැම්බර් 03 - ජාතික ශෝක දිනයක්!

    653639610maha-L.jpg

    අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන්ගේ ආදාහන පූජොත්සවය යෙදෙන සැප්තැම්බර් 03 වන දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    මහ නාහිමියන්ගේ දේහය මේවන විට මහජන ගෞරවය සඳහා ගම්පහ,මීරිගම ශාසනවර්ධන පිරිවෙනේ තැන්පත් කර ඇති බව සඳහන්ය.

    දේහය පිළිබඳ ආදාහන පූජොත්සවය සැප්තැම්බර් මස 03 වන දින මීරිගම රජයේ පාසල් ක්‍රීඩාංගණයේදී සවස 3.00 ට සිදුකිරීමට නියමිතය.

    කෙසේ වෙතත් එදින ජාතික ශෝක දිනයක් බැවින් සියලු සුරාසැල් වසාතැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන් රාමඤඤ නිකාය තුළ සංඝ සභා පිහිටුවමින් ශාසනික හා සමාජීය සේවාවන්හි භික්ෂුන් වහන්සේලාට ක්‍රියා කාරීවීමට ඉමහත් කාර්ය භාර්යක් ඉටුකළ බවත්, නිකාය තුළ ප්‍රජතන්ත්‍රවාදී පරිපාලන ව්‍යුහයන් පිහිටුවාලමින් අට දහසක් පමණ වූ භික්ෂුන්වහන්සේ ඒකීය නායකත්වයක් යටතේ මග පෙන්වූ බවත් ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ සමාජ සංවර්ධන සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය කරකොලේ පියදස්සි නා හිමියෝ ඉකුත් දිනයක කියා සිටියහ.

    අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වන විට අවුරුදු 104 ක් ආයු වළඳා සිටියහ.

    src : http://sinhala.adaderana.lk/news.php?nid=27015

    අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන්ට අමාමහා‌ නිවන්සුව පතමි.
     
    • Like
    Reactions: NB Diamonds