සැබෑ අරගලය අවසානයි මචන්ලා
දැන් අරගලයේ ඉන්නේ කලින් වගේ සැබෑ අරගලකරුවෝ නෙමෙයි
දැන් අරගලයේ ඉන්නෙ තමන්වම පොර කර ගන්න සෙට් එකයි, බුකියෙන් සල්ලි එකතුකරන සෙට් එකයි, හොරුයි අසහනකාරයොයි විතරයි
1. මම කලින් කිව්වා වගේ උදේට වැසිකිලියට ගියාම හරියට වතුර නොගහා එන උන් නිසා දවසම කුජීතයි
2. මුල් කාලේ අපී ෆෝන් එක චාර්ජ් එකට දාලා ලයිබ්‍රි එකට වෙලා පත්තරේ කියවනවා. අපි කවුරුවත් චාජර් අරන් ගියේ නැහැ එතනම තියෙන ඒවා යූස් කලේ. ලඟකදි ඉඳලා ෆෝන් එකක් තියා චාජර් එකක් තියන්න බැහැ එක එකා උස්සනවා. කලින් නොදන්න මෙතනදිම අඳුර ගත්ත Nishan Madusanka , Ashoka Pradeep Kumara , Kanchana Kumara Thilakarathna යන අයගේ ෆෝන් & චාජර් නැති උනා පහුගිය සිකුරාදා දවස ඇතුලත
3. මේ Namalee Almeda කියන මහත්මිය අරගලයට කෑම දෙන්න අරන් ආපු බත් කිලෝ 6ක් පමන උණුවෙන්ම තියා ගන්න රුපියල් 14000ක් වටිනා ලොකු භාජනයක් අතුරුදහන් උනා. මේ මහත්මිය සුපුරුදු පරිදි භාජනය කෑම හට් එකක් ගාවින් තියලා ගෙදර ගිහින් හවස ඇවිත් බලද්දි භාජනය නැහැ. එතුමිය ගෙනාපු කෑම වන් ගෝල්ෆේස් සංකීරණය අසල කුණු බක්කියකින් හම්බුනා
4. ඉස්සර හවස 4.30ට විතර එන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අරගල කරන්න නෙමේ අරගලේ සිරි නරඹලා ලොකු කෑම එකක් බෙදන් කාලා උදේ වැඩට අරන් ගිය බාස්කට් එකටත් ලොකු කෑම එකක් බෙදාගෙන අරන් යන. අරගලයට කෑම එන එක අඩු උනායින් පස්සෙ මේ ඔෆිස් ක්‍රවුඩ් එකත් එන එක අඩු වෙලා නැත්තටම නැති උනා. උඹලා කන එක අපිට අවුලක් නැහැ හවස ඉඳලා පැය 3ක් 4ක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවට අපි කැමති
5. Prabash Indika කියන මහතා අරගලයේ වැඩ වලට කියලා එවපු ලැප්ටොප් උපකරණයක් අරගල භූමියේ ලයිබ්‍රියෙන් අතුරුදහන් උනා ඊයේ හවස. ලක්ෂ 4කට වඩා වටින ඒලියන්වෙයා වර්ගයේ උපකරණයක්
6. අරගල භූමියක හමුනොවිය යුතු බීඩී කොට, සිකරට් කොට, බියර් කෑන්, පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවා, මළපහ සහිත ලමා පැම්පර්ස් හැම තැනම. ඒවා ක්‍රමවත්ව බැහැර කරන්න Awantha Rasipraba (පෞද්ගලික ඉල්ලිමක් නිසා ප්‍රොෆයිල් ලින්ක් පළ නොකරමු) මහතා පරිත්යාග කරපු කුණු බඳුන් තිබියදී තමා මේවා තැන තැන දාන්නෙ!
මේ සියලුම කරුණු නිසා තමා දැන් සැබෑ අරගලයක් නැහැ කියන්නෙ.
අරගලය නිසිමගට එනතෙක් බලා සිටිමි!