ජාතීවාදී ප්‍රශ්න ගැන ගොඩක් අය කතා කරන නිසා මේ ගැන ලියන්නේ. උදාහරණයක් ලෙස ඇමරිකානු ජාතික ඕල්කට් තුමා හා රුසියාවේ බ්ලැවස්කි මැතිනිය ගන්න. මේ අය තම රට අතහැර මෙහි ආවේ ඇයි? මේ රට ගොඩනැගීමට ඔවුන් වෙහෙසුනේ ඇයි? ඔවුන් තම රට ජාතියට ද්‍රෝහී වූ අයද? නැත. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඔවුන් දැන ගෙන හිටිය තමන්ගේ රටේ ජාතියේ අනාගත පරපුරට සියළු දුකින් මිදීමේ මාර්ගය වූ නිර්මල බුදු දහම පවතින්නේ මෙහෙ බව. දුර්ලබව ලෝකයට පහල වන
එම වටිනා දහම ආරක්ෂා කිරීමේ වටිනාකම බුද්ධිමත් ඔවුන් තේරුම් ගත්ත. ජාති බේදයකින් තොරව කැප වුනා.
තව දෙයක් තියෙනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ඇයි ටිබෙට් වැසියන්ට හැදෙන්න කවි කියනවා වෙනුවට සිංහලුන්ට හැදෙන්න කිව්වේ? ටිබෙට් රට වැසියන් ගැන නොසලකන නිසාද? නැහැ. එයටත් හේතුව තුන් ලෝකයට කලාතුරකින් පහල වූ වටිනා දහම ආරක්ෂා කිරීමය. තවත් උදාහරණයක් ගන්නවානම්, ඉන්දියාවේ අශෝක රජතුමා වෙනත් රහතුන් සිටියදී තමාගේම පුතණුවන් මෙහි එව්වේ ඇයි?
සිද්ධාර්ථ බෝසත් තුමා මේ ලෝකයට ආවේ දෙවිවරුන්ගේ ආරාධනාවෙන්ය. ධර්ම දේශනා කිරීම ආරම්බ කලේ සහම්පති
බ්‍රහ්මයාගේ ආරාධනාවෙන්ය. එසේ වී ඇත්තේ දෙව් ලොව දෙවියන්ටයි බඹ ලොව බ්රහ්මයින්ටයි බුද්ධ දේශනාවේ වැදගත්කම තේරුණ නිසාය. තුන් ලෝකයටම පහළ වූ ඒ නිර්මල බුදු දහම පෙර කී ඕල්කට්තුමා වැනි අය රැක ගැනීමට වෙහෙසුනේ තම රටේ ජාතියේ අනාගත පරපුර වෙනුවෙනි. ඔවුන් කිසි විට ජාතියට ද්‍රෝහී වී නැත. එහෙත් වටිනා දේ වටිනා ලෙස
පිලිගැනීමට අකමැති අය කරන්නේ තම ජාතියේම අනාගත පරපුරට වල කැපීමකි. සැබෑ ජාතිවාදීන් මෙන්ම ජාති ද්‍රෝහීන්ද ඔවුන්ය

Last edited: