සැබෑ දේශප්‍රේමියෙකුගේ අතින් ඇල්ලීමි..

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ මොන වගෙද බන් ගංජා.අර උබ කන පුන්නකු වගෙද?අපෝ උබ වගෙ එකෙක් හිටියොත් ඇති මුලු ගමම මුස් පෙන්තු වෙන්න.තෝ මොන ගමෙද ඉන්නෙ?.


thanks :)
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඩට යන්න දෙන්නෙ නෑ බන් නවලොකේ
    මේ දැන් ඔතන ඉදල ආව විතරයි
    දුවල නම් ආවලු නේද
    ධර්මාශෝකේ කියන්නෙ වීරයන් බිහි කරන්න පාදක වෙච්ච ඉස්කෝලයක් බන්
    ඒකනෙ වීරයට බය වෙලා හිරේ දැම්මේ
    මෙතුමාව අමාරුවෙ දැම්මෙ මෙතුමාගේ බෑනම තමයි
    කවුරුත් දන්නව දැන් ඒක
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එකෙකු නොව සිය දෙනකු මැරුවත්
    නොමැත ඊළම තොපට දෙන්නේ
    දිවි පුදන අපේ සෙනෙවි විරුවන්
    නැවත මවුබිම ජනිත වන්නේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    :cool: පෝස්ට් එක පිළිබදව සෑබෑ අගය කිරීම, මේ පෝස්ටුව ලියන ලද කතෘ හට හිමිවිය යුතුය......!! :yes: :yes: :) :)




    සරත් ෆොන්සේකා හෙට නිදහස්...!!​



    Sarath%2BFonseka.jpg


    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

    ඊයේ රාත්‍රී හදිසියේම ජනාධිපතිවරයා ටිරාන් අලස් මහතාගේ ගෙදර ගොස් තිබූ අතර අනෝමා ෆොන්සේකාගේද සහභාගීත්වයෙන් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස්කිරීම පිළිබඳව එහිදී සාකච්ජා කර තිබුණා.

    ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව යුධ ජයග්‍රහණයට වසර 3ක් සපිරෙන්න දිනය ඉහලින් සැමරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. මීට පෙර එම සැමරුම් දෙකම සැමරුවේ සරත් ෆොන්සේකා මහතා සිරකර තබාගනයි.

    එම උත්සවයට සරත් ෆොන්සේකා මහතාව සහභාගී කරගනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වෙනවා.

    නිදහස ලැබීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා භටයින් වෙනුවට එස්.ටී.එෆ් බටයින් යෙදවීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන අතර ඒ සඳහා ටිරාන් අලස් මහතාගේ කැමැත්ත ලැබී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

    වසර 30ක යුද්ධය ජයග්‍රගණය කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විශාල දායකත්වයක් දැරූ නමුත් පසුගිය කාලය පුරාවටම රජය උත්සාහ දැරුවේ සරත් ෆොන්සේකාගේ නම යුධ ඉතිහාසයෙන් මකා දැමීමයයි. එතනින්ද නොනවතී මහාවංශයෙන්ද එතුමාගේ නම ඉවත් කරණු ලැබුවා.

    කොළඹ දී පැවැත්වූ "ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රි ලංකාවේ යුධ අත් දැකීම්" අන්තර්ජාතික සමුළුවේදී රජය විසින් විවිධ රටවලින් එයට සහභාගී වූ ආරක්ෂක අංශ වල ප්‍රධානින් හට වැරදි තොරතුරු ලබා දී තිබිණි.

    එහිදී ප්‍රකාශ කොට තිබුනේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවසන් සටනට නායකත්වය ලබාදුන්නේ වර්තමාන හමුදාපති ජගත් ජයසුරිය මහතා බවයි. අවසන් සටනේදී නායකත්වය ලබාදුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නම ලේඛන වලින් ඉවත්කොට තිබුණි.

    හමුදා මෙහෙයුම් සදහා නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කොට තිබූ නමුත් අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම කිසිදු තැනක සඳහන් වී තිබුනේ නැත.

    පසුගිය අගෝස්තු 01 වෙනිදා මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළි දැක්වූ අතර, පසුගිය සඳුදාද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් "ගෝඨාස් වෝ" නමින් පොතක් එළි දැක්වුවා.

    නමුත් ඒ කිසිම අවස්ථාවකදී අවසන් සටනේදී යුධ හමුදාවේ සේනාංක 20 කට බලසේනා 71 ට, සේනා ඛන්ඩ 284 කට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා ගේ නම සඳහන් නොකිරීමට රජය ක්‍රියා කළේය.

    මේ වන විට සරත් ෆොන්සේකා මහතාගේ විශ්‍රාම වැටුපද අහිමි කර ඇති අතර ජෙනරාල් නාමයද අහිමි කර තිබෙනවා


    මා මෙහි අදහසක් ඵල කරනු ලබන්නේ කාරණා දෙකක් නිසාය...
    පලමු වැන්න මෙම ත්රෙඩ් එක දැමු පුද්ගලයා මාගේ හිතවතෙකු නිසාවෙනි... දෙවැන්න මා සන්ධානයට අඛණ්ඩව ඡන්දය දැමූ කෙනෙක් නිසාවෙනි....

    මාගේ පවුල් පසුබිමත්, මා හැදුණු වැඩුණු පරිසරයත් මා සන්ධානයේ ගමන් මගට ආවඩා ආයිබෝ කිමටම යොමු කරන ලදී.. නමුත් මේ දේ නොකියාම බැරිය.. දැන් අපට රෙවී ඇත.... ඇත්තය මහාරජා නැතිනම් යුද්ධය දිනන්නට බැරිය, ගෝඨාභය නැතිනම් යුද්ධය සංවිධානය කරන්නට බැරිය, ඒ වගේම හැම සන්ධාන පාක්ෂිකයෙකුම නිහඩව සිටියාට මෙසේ පවසනා බව මා දනිමි... එනම් ජෙනරාල් නැතිනම් යුද්ධය කරන්නට වෙන එකෙකුට බැරිය යන්නයි...

    යුද්ධයක් දිනීමට නොව සාර්ථකව කිරීමට පවා ප්‍රධාන වශයෙන් මේ තිදෙනාද, විශේෂයෙන් වෙඩි උණ්ඩයට පපුව දෙන වීර සෙබලාද අත්‍යාවශ්‍යයය.... මේ හැමෝම සිය කාර්යය සාර්ථකව කරනු ලැබුහ... ඉතින් ඉන් අනතුරුව ඔවුන් දේශපාලනයට බැස්සහම ඒ ඉතිහාසය අමතක කර ඔවුන්ට ගැසීම ඉතාමත් නින්දිතය... ගසනවා නොව.. ජෙනරාල්ට ගැසුවේ එළව එළව පන්න පන්නාය... දැන් එකකින් නිදහස් කරන්න තැනුවත් ... තවත් නඩුවක් ඉන් ප්‍රෝග්‍රස්ය...

    දෙවියනේ ඡන්දය ඉල්ලීම මෙතරම් වරදක්ද... රට බේරාගන්න උරදුන් කෙනා ගස් වැද්දෙකි, පල් හොරෙකි... රට වෙනුවෙන් වරක් දෙවරක් නොව කිහිපවරක් ලේ හැළු කෙනා දේශද්‍රෝහියෙකි... රට බේරාගනිද්දී ඔවුට බෝම්බ ගැසූ, රටටම විපත් කල උන් දැන් ඇමතිලාය, දේශප්‍රේමීන්ය... ඡන්දය ඉල්ලුවේ ඔහු පමණක් නොව , පහුගිය ඉතිහාසය පුරාවටම කීදෙනෙක් ඡන්ද සටනේ නියළිණිද... ඉතින් මොහුට විතරක් මෙසේ එළව එළවා ගැසීම කොතරම් අසාධාරණයක්ද...?

    මම සන්ධානයේ සාමාජිකයෙකි.. එහෙත් වැරැද්ද වැරැද්ද ලෙස දැකිය යුතුමය... මෙය වැරදිය වැරදි නොව පට්ට වැරදිය.. දැන් සමාව දෙනවා යැයි කියති... මා සිතනා ලෙස දැන් ඇති සමාවෙන් වැඩක් නැත... අපි සන්ධානයෙන් අපේක්ෂා කලේ මෙය නොවේ.. මීට වඩා සුන්දර ලෝකයක්... ඇත්තටම කෝ කරනවා කියපු සිංගප්පූරුව... කෝ....

    එක පුතෙක් ලංකාවේ හොදම නීතිඥ මොලකාරයෙක්ලු, තව එකෙක් ගගනගාමී ඉංජිනේරුවෙක් වෙන්න මොලේ හැදිල, අනිකට තරම් රගර් එකෙක්ටවත් බෑ... උන් ගැන නොදන්න උන්ටනම් මේව හෙන වීර වැඩ වෙන්න ඇති... ඒත් අපි නොදන්න ළමයි තුන්දෙනා කියල තමා කියන්න වෙන්නෙ.... ක්‍රීඩාවට මොවුන් කැමතිය.. හැබැයි මෙහෙම අධ්‍යාපන හැකියාවක් මොවුන්ට ඇත්නම්, ඔබත් මමත් දැන් හදත් අල්ලා හමාරය... ඒකත් කමක් නැත සල්ලි ඇත්නම් ඕන දෙයක් කරගනිව්... ඒත් රට, මොවුන් සල්ලි වලින් ලංකාවේ හෝ වෙනත් රටක අනාගතයේදී ජීවත් වෙයි... ඒත් අපි... අපේ තියෙන රටට ආදරේකම වෙන්දේසියේ දානව රටට ආදරේ නැති උන් ඇවිත්... රටට ආදරේ එකා හිරේ.. රට කාපු එක ඇමති, ආණ්ඩුකාරවරු...

    මට ඉරිසියාවක්ද, ආසාවක්ද නැත... මම මේ අදහස පල කලේ පක්ස බේධ නොව යුක්තිය සාධාරණයෙන් පිරි රටක් අවශ්‍ය නිසාය... යුක්තිය සාධාරණය ස්ථාපිථ කරන්න සතියෙන් මේ රට සිංගප්පූරුව පරද්දාවි... එච්චර මහන්සිවෙන්න එපා අපිට බොරු කිය කිය... ඔය වංචා දූෂණ නවත්වන්න... සුදුස්සාට සුදුසු තැන දෙන්න... විභාග ලියල රිසට් එක පාස් එකා ජොබ් ලිස්ට් එකේ නැතිවෙන දේශපාලන අත ගැහීම් නවත්වන්න... වැරදිනම් කාට උනත් දඩුවම් දෙන්න.. අපි ඇමෙරිකාවටත් එහාගියය රටක් වෙයි අවුරුද්දෙන්.....

    මා යූඇන්පී හෝ වෙන පක්ෂකයට ඡන්දය දෙන්නේ නැත... නමුත් සන්ධානයට ඡන්දය දීමෙන් දැන් සතුටක් ලබන්නේද නැත... එය හරියට නිකන් තියෙන *කේ ටිංකිරි ගාගත්තා වැනිය... දැන්වත් සන්ධානයට ඡන්ද දුන් මිනිස්සු මේ හිතයටින් විදින වේදනාව නිවන්න... හරි දේ හරියට කරල අපිට පෙන්වන්න අපි ඡන්දය දුන්නේ හරි පක්ෂයට කියලා...

    ප.ලි. - දැන් ඉතින් පොලිමට කපපියව් රෙප්... හැමදාම ඇත්ත කීවම ඕකනේ වෙන්නෙ..
    සම්පූර්ණ ඇත්ත කතාව බන්...අපි සන්ධානයෙන් අපේක්ෂා කලේ මෙය නොවේ.. මීට වඩා සුන්දර ලෝකයක්... ඇත්තටම කෝ කරනවා කියපු සිංගප්පූරුව... ????? ඔක්කොම යු එන් පී හොරු ටික මේ ආණ්ඩුවටත් රින්ගල රට කනව....මේක තමයි ඇත්ත කතාව...... කනව නෙවෙයි ඉහ ගෙනයි කන්නෙ...... එක ඇමතියෙක් නෑ රටට වැඩක් කරපු!!! ඔක්කොම රට සවාරි,බෑන් චූන් කරයො.... සද්දෙ විතරයි වැඩ නෑ......වඩක් කරත් තමන්ගෙ කුට්ටිය බලාගෙන ඉන්න කලකන්ණි දේශපලකයො ටිකක්....වෙන රටවල දේසපාලුවො රටට 90 ක් කරල තමන් 10 ක් කරගන්නව... අපේ අවජාතක හැත්ත 99 ක්ම තමන්ට කර ගන්න බලන්නේ....ඕකයි අපිට අන්තෙටම කෙල වෙලා තියෙන්නෙ......හැබයි මම මේකෙන් අදහස් කරන් නෑ යු එන් පී එකට චන්දෙ දෙන්න ඕනෙ කියල......ආණ්ඩුව යු එන් පී වෙයි හැබයි මූණු ටික එකමයි.....ඒ නිසා අපේ රටට පක්ස දේශපාලනෙ තියෙනකම් ගොඩ ඒමක් නෑ........
     
    Apr 19, 2011
    5,700
    210
    0
    දේශප්‍රේමියෙක් බව සෑබෑය
    ශ්‍රේශ්ඨ යුද විරුවෙක් බවද සෑබෑය
    අධි තන්හා කාරයෙක් බව සෑබෑය
    මහා මාන්නක්කාරයෙක් බවද සෑබෑය
    යුද්ද කිරීමට හෑකි බව සෑබෑය
    දේශපාලනයේ 'අ' යන්න වත් නොදන්නා බවද සෑබෑය
    එල්ලෙන්නට වෑල් නෑති පරාජුතයන්ට එක්වු බව සෑබෑය
    උන්ගේ ඈමක් වු බවද සෑබෑය
    ජනතාවට එපා වු උන් සමග එක්වු බව සෑබෑය
    බල්ලන් සමග නිදිවෑද මෑක්කන් සමග නෑගිට්ට බවද සෑබෑය
    අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නෑතිවු බව සෑබෑය
    වීරයෙක් නිවටයෙක් වු බවද සෑබෑය
    හෙට අනිද්දා එලියට එන බව සෑබෑය
    එලියට එනවාට සමහර සපෝර්ට් කාරයින් අක්මෑති බවද සෑබෑය
    ගෙදර ගිහින් නිදුක් නිරෝගීව සිටින්නේ නම් හොදය
    නෑතිනම් ආයෙක් ඉල්ලන් කනු ශුවර්ය!

    :eek:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තම්බපණ්නි රාජධාණියේ
    අභිත සෙන්පතියෙකුගේ
    පුනරාගමනය



    201251884356390734_20.jpg







     
    Last edited: