සැබෑ නිරාගමික - දසසිල්
1. ආගම් නොඅදහමි.
2. ආගම් නොඇදහුවත් ආගම් වල ඇති හානිකර දේ ගැන කතා නොකරමි. විවේචනය නොකරමි.
3. කොපමණ ගොන්-මෝඩ-තකතීරු විශ්වාසයක් වුනත් ඒ විශ්වාසය ආගමික නම් එයට සිනා නොවෙමි. උපහාසයට ලක් නොකරමි. සිනාව තද කරගෙනම සිටිමි.
4. කොයි තරම් අමන වැඩ කලත් යම් කෙනෙක් ආගමික නායකයෙක් නම් ඔහුට ගරු නම්බු දී කතා කරමි.
5. ආගමිකයන්ගේ ලපටි සිත් නොරිදවමි.
6. තමා ජීවත් වන සමාජයේ නීති පද්ධති, හර පද්ධති ආගමික පදනමකින් සකස් වුවත් කිසිම අවස්ථාවක ඒවාට විරුද්ධ නොවෙමි. නොදැක්කා සේ සිටිමි.
7. ආගමිකයන් සමූහයන් වශයෙන් කුමන තීරණය ගත්තද අත්දෙකම උස්සා ඒවා සියල්ලට එකඟ වෙමි.
8. ආගම් හා සම්බන්ධ කාරණා වලදී තමා හැසිරිය යුත්තේ කෙසේද යන්න තීරණය කිරීමේදී ආගමිකයන්ගේ උපදෙස් අනුගමනය කරමි. ඔවුන් කැමති ආකාරයටම ක්‍රියාකරමි.
9. ආගම හා සම්බන්ධ සියලු කාරණා වලදී නිෂ්ක්‍රීය ජීවියෙකු සේ හැසිරෙමින් ඇටිකෙහෙල් කෑ රිලවෙකු සේ බකන්නිලාගෙන සිටිමි.
10. අයින් වී පයින්ම යමි.
****
ඉහත සඳහන් වන්නේ නිරා-දසසිල් ය. හැකි තරම් ඉහත සිල්පද අනුගමනය කරන්න. ඒවා අනුගමනය කොට ඔබත් අදම සෑබෑ නිරාගමික සහතිකය ලබා ගන්න. ඉන්පසු ආගමිකයන් ඔබව පසසනු ඇත. ඔබ ගැන පැහැදෙනු ඇත. ඔබ හොඳ, පරිනත නිරාගමිකයෙක් ලෙස පිළිගැනෙනු ඇත. යම් හෙයකින් ඔබ ඉහත සිල්පද කැඩුවෝතින් ආගමිකයන් ඔබ මත අපල-උපද්‍රව-යුනිකෝඩ්-කමෙන්ට්ස්-කුණුහරප වැසි වස්සනු ඇත. ඊටත් වඩා ඔබට හිමි සෑබෑ නිරාගමික සහතිකය ඔබෙන් උදුරා ගනු ඇත.
සැ:යු - සැබෑ නිරාගමික සහතිකය නිකුත් කරන්නේද ආගමිකයන් බව සලකන්න
.
.
.
- ජේමිස් බණ්ඩා
සැබෑ නිරාගමික - දසසිල්
================

පිස්සුද ඔයි