සැමට සරසවි වරම්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සැමට සරසවි වරම්

    Z -අගය වෙනසින් අසහනයට පත් අයට සරසවි වරම්
    President-chats-with-the-students-of-the-Colombo-Law-College.jpg

    ඉසෙඩ් අගයන් වෙනස්වීම නිසා අසහනයට පත් දරුවන් පිළිබද සොයා බලා ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය ලයිස්තු මේ වන විට සකස් කරමින් සිටින බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ ලයිස්තුව සකස් කරන බවත් ඉදිරි‍ දින කිහිපයේ දී එය ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගන්නා බවත් දිසානායක මහතා පැවසීය.

    මේ වන විට‍ එක් එක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට අමතරව ඇතුළත් කර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණදැයි යන්න එම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා කීවේය. එසේ ඇතුළත් කර ගන්නා සිසුන්‍ට අවශ්‍ය පහසුකම් ආදිය පිළිබදව ද උපකුලපතිවරු සමඟ සාකච්ඡා කරන බව කී ඇමැතිවරයා එම සිසුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපාදන ලබා දෙනු ඇති බවද කීවේය.
     
    • Like
    Reactions: saurtech

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    sb-new.jpg

    2011 උසස් පෙළ විභාගයේ නැවත නිකුත් කරන ලද ඉසෙඩ් අගයන් හේතුවෙන් කිසියම් සිසුවෙක් යම් අසහනයකට පත්ව ඇත්නම් ඔවුන්ට සහනයක් වීමට සූදානම් තමන් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    නව ඉසෙඩ් ලකුණු සමඟ ඇතැම් දරුවන් අසහනයට ලක්ව ඇති බව පෙනෙන්නට ඇති බවත් එම දරුවන් ආරක්‍ෂා කර ගැනීමටතමන් බැදී සිටින බවත් පවසන අමාත්‍යවරයා මෙවර විශ්ව විද්‍යාල ප්‍රවේශයේ දී වැඩි දරුවන් සංඛ්‍යාවකට අවස්ථාව ලබාදීමට ද සූදානම්ද කියා සිටී.

    මේ සඳහා උසස් පෙළ පැරණි විෂය නිර්දේශ යටතේ තුන්වැනි වරටත් විභාගයට පෙනී සිටි සිසුන්ට යළිත් සිව්වැනි වරටද විභාගයට පෙනී සිටීමට අවස්ථාවක් ලබා දීමට පියවර ගන්නා බවත් ඊට අවසර ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

    කිසියම් අසහනකාරී තත්ත්වයකට පත්ව සිටින සිසුන් ඇත්නම් ඔවුන් පිළිබඳ තොරතුරු ගනිමින් ලැයිස්තුගත කිරීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා‍ගේ උපදෙස් පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයිස දිසානායක මහතා පෙන්වා දෙයි.
     

    tinhoo

    Member
    Oct 6, 2010
    5
    1
    0
    හැමෝටම සදාරනය ඉටු කල ජනාධිපතිතුමාට 2011 AL එළකිරි කොල්ලෝ කෙල්ලොන්ගේ ස්තුතිය.
     
    • Like
    Reactions: .:Zoro:.

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තොරතුරැ අරන් පුක් ගහන්නද දන්නේ නෑ .නිදහස් අධ්‍යාපනය වල පල්ලට යවලා සල්ලි දීලා ඉගෙන ගන්න කියලා තමයි මුන් කියන්නේ .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොරයි ලබ්බක්....... :lol: ඔය කොල්ලෝ කෙල්ලන්ගේ නම් ගම් අරන්, උන්ට සුදු වෑන් පෙන්වයිද දන්නේ නෑ....... :frown: :angry: