සැමට සරසවි වරම්
Z -අගය වෙනසින් අසහනයට පත් අයට සරසවි වරම්
ඉසෙඩ් අගයන් වෙනස්වීම නිසා අසහනයට පත් දරුවන් පිළිබද සොයා බලා ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය ලයිස්තු මේ වන විට සකස් කරමින් සිටින බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ ලයිස්තුව සකස් කරන බවත් ඉදිරි දින කිහිපයේ දී එය ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගන්නා බවත් දිසානායක මහතා පැවසීය.
මේ වන විට එක් එක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට අමතරව ඇතුළත් කර ගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණදැයි යන්න එම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවද ඇමැතිවරයා කීවේය. එසේ ඇතුළත් කර ගන්නා සිසුන්ට අවශ්‍ය පහසුකම් ආදිය පිළිබදව ද උපකුලපතිවරු සමඟ සාකච්ඡා කරන බව කී ඇමැතිවරයා එම සිසුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපාදන ලබා දෙනු ඇති බවද කීවේය.

ඔය කොල්ලෝ කෙල්ලන්ගේ නම් ගම් අරන්, උන්ට සුදු වෑන් පෙන්වයිද දන්නේ නෑ.......