සැමදෙනාගේම දැනගනීම පිණිසයි......

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සැමදෙනාගේම දැනගනීම පිණිසයි......

    සැමදෙනාගේම දැනගනීම පිණිසයි......
    තමන් පාවිච්චි කරන සියලූම වාහන අද දින වෙනකොට තමන්ගේ නමටනැත් නම් මේ දවස් වල රජය විසින් දීල තියෙන සහන කාලය තුල තමන්ගේ නමට හරවා ගැනීමට කටයුතු කරගන්න.විශේෂයෙන්ම ඕපන් පේපර්ස් ලග තියාගෙන ඉන්න අය මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.මේ සහන කලයෙන් පස්සේ දැනට පවතින MT 06 පේපර් සෙට් එක වෙනුවට ඉදිරියේදී අලුත් ට්‍රාන්ෆර් පේපර් සෙට් එකක් හදුන්වා දෙන්න යනව කියලයි ආරංචිය.ඒත කොට වෙන්නේ ඕපන් පේපර්ස් තියගෙන ඉන්න අයට නැවතත් වාහනයේ ලියාපදිංචි හිමිකරු සොයා ගොස් නැවත අලුත් පැවරීමේ ලියවිලි වලට අත්සන් ලබා ගතයුතුවීමයි.එහිදී සමහරවිට ගැටලුකාරී තත්වයන් උදාවිය හැක.එයට හේතුව එකක් එම අවස්තාවේදී නැවතත් එමලියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරයි.අනිත් කාරණය වාහනය විකුනන අවස්තාවේදී තමන් සතු වාහනය වෙනත් පුද්ගලයෙකුට පවරා ඇතිබව සදහන් කල ලියවිල්ල විකුණුම්කරු විසින් rmv එකට එව තිබීමයි.ටෙන්ඩර් ක්‍රමයට හෝ වෙනත් අයුරකින් යම්කිසි ආයතනයක් සතු වාහනයක් විකිණීමේදීද මෙම ක්‍රියාපටිපටියම සිදුවේ.එවිට ටෙන්ඩර් කරු විසින් ඔහුගේ නමට එම වාහනය පවරාගැනීම සිදුකල යුතුය.
    මෙතෙක් එසේ පවරාගැනීම් නොකර ඇති සියලු රථ වාහන සදහා සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 31 දක්වා කිසිදු දඩ මුදලක් අය නොකර තමන්ගේ නමට වාහනය පවරාගැනීමට සහන කාලයක් ලබා දී තිබේ.ඉතින් තව දින කිහිපයක් එම ක්‍රියාවලිය වලංගුයි.ඒ නිසා රජයේ හෝ වෙනත් ආයතන වලින් අරගෙන තවමත් ඒ ආයතන නමින්ම ආදායම් බලපත්‍රය අලුත් කරමින් පාවිච්චි කරන වාහන ඇත් නම් එම වාහන මේ දින කිහිපය ඇතුලත තමන්ගේ නමට හරවා ගැනීමට කටයුතු කරගන්න.මේ බව තමන්ගේ යළුවන්ටත් කියල ඒ අයව දැනුවත් කරන්න.වැඩි විස්තර rmv එකෙන් දැනගන්න පුලුවන්.මා මේ පැවසුවේ මා දන්න තරමින් වම අතර මේ දේවල් ඔබලාට වැදගත් වේ යැයි සිතුන නිසා.....මං දන්නා තරමින් අනාගතේ වාහන සම්බන්ද නීතිරීති තවත් ක්‍රියාත්මක වේයැයි අනුමාන කරමි.....
     
    • Like
    Reactions: sanumadu and jempyz
    දන්න එකෙක් කියපල්ලකෝ..මගේ බයික් එකක් තියෙනවා..ඒක තියෙන්නේ කෑගල්ල පැත්තට..මම ගම්පහ..ඉතිං මට මේක WP වලට නම්බර් ප්ලේට් එකත් එක්කම මාරු කරගන්න ඕනේ..මට එකෙක් කිව්වා බයික් එකට දෙන ස්ටිකර් එක නැතුව ඒක කරන්න බැහැ කියලා..මට ස්ටිකර් එකක් හම්බුනේ නැහැ..ඇත්තටම නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් ඒක අනිවාර්යයි ද..? ඒක නැත්නම් මොකද කරන්න ඔනේ??
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    යකොව් මට මුන් සති 2කට 200ක් දඩ ගැහුවනෙ දැන් සති 2කට කලින්. මොන හුයන්නටද දඩ ගහන්නෙ.? මම ඔහොම සීන් එකක් දන්නෙ නෑනෙ දන්නවනම් මම බැනල එන්නෙ ඔතන ඉන්න හුයන්නලට.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දන්න එකෙක් කියපල්ලකෝ..මගේ බයික් එකක් තියෙනවා..ඒක තියෙන්නේ කෑගල්ල පැත්තට..මම ගම්පහ..ඉතිං මට මේක WP වලට නම්බර් ප්ලේට් එකත් එක්කම මාරු කරගන්න ඕනේ..මට එකෙක් කිව්වා බයික් එකට දෙන ස්ටිකර් එක නැතුව ඒක කරන්න බැහැ කියලා..මට ස්ටිකර් එකක් හම්බුනේ නැහැ..ඇත්තටම නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් ඒක අනිවාර්යයි ද..? ඒක නැත්නම් මොකද කරන්න ඔනේ??

    ස්ටිකර් එකක් දෙනව බන්. ඒක අනිවා. උඹේ බයික් නොම්මරේ ගහල. ප්ලේට් මාරු සීන් එකනම් දන්නෙ නෑ හැබැයි.
     

    Similar threads