සැමියා කොලේ වසා බිරිඳගේ යතුරුපැදිය පෙම්වතියට දීලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බිරිඳගේ යතුරු පැදිය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට භාරදිය යුතු බව පවසා එය තම අනියම් පෙම්වතියට පාවිච්චිය සඳහා ලබාදී තිබියදී බිරිඳගේ නැගණියට තෙල් පෝලිමේදී හොරේ අසුවීමෙන් සැමියාට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.

    සැමියා සහ බිරිඳ රජයේ රැකියාවල නිරත වන අතර රජය විසින් සහන මිලට ලබාදුන් යතුරුපැදි දෙකකට හිමිකම් කීමට දෙදෙනාම සමත්වූහ. දෙදෙනා යතුරු පැදි දෙකෙන් රාජකාරි සඳහා ගියද ඉන්ධන අර්බුදය හේතුවෙන් එක් යතුරු පැදියකින් එම කාර්ය ඉටුකර ගැනීමට දෙදෙනා කතිකා කරගත්හ.

    නිවසේ සිට කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පිහිටි කාර්යාලයට බිරිඳ රැගෙන ගොස් ප්‍රධාන නගරයේ ඇති තම සේවා ස්ථානයට යාම සැමියාගේ දෛනික දින චරියාව විය. කඩවසම් ශරීරයකින් හෙබි සැමියා තහනම් ගසේ ගෙඩි කෑමට රුසියකු බව මිතුරන් අතර ප්‍රකට කරුණකි. එය සනාත කරමින් කාර්යාලයේ තරුණ නිලධාරිනියක සමගද මොහු අනිසි ආදරයක පැටලී සිටියේය.

    රටේ ඇතිවූ කලබලකාරී වාතාවරණය නිසා සිය අනියම් පෙම්වතියට රාජකාරියට පැමිණීමේදී ගැටලුවක් ඇතිවිය. බිරිඳගේ යතුරු පැදිය නිවසේ ඇති නිසා එය සිය අනියම් පෙම්වතියට ටික කාලයකට දීමට සැමියා ප්‍රයෝගයක් යෙදුවේය. බිරිඳගේ යතුරු පැදියෙන් වැඩට ගිය ඔහු සවස පැමිණියේ තවත් යාළුවකු සමග වෙනත් යතුරු පැදියකිනි. යතුරු පැදිය හදිසියේම ආපදාවකට ලක්වූ බැවින් එය අලුත්වැඩියා කිරීමට ගරාජයකට භාරදුන්නා යැයි සැමියා බිරිඳට කීය.

    පසු දිනෙක පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි බිරිඳගේ නැගණිය සිය අක්කාගේ යතුරු පැදිය ඉදිරියෙන් තිබෙන අයුරු දුටුවාය. ප්‍රදේශයේ ඇති කාර්යාලයක නමක් සඳහන් ටී ෂර්ට් එකකින් සැරසී සිටි සුන්දර යුවතියක් යතුරු පැදිය රැගෙන තෙල් පෝලිමේ සිටියාය. දුරකථන ඇමතුමක් ගෙන යතුරු පැදිය පිළිබඳව විමසීමේදී එය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට දී ඇතැයි අක්කා පැවසුවාය. මස්සිනා පිළිබඳව දන්නා නෑනා යතුරු පැදි පෝලිමේ ඡායාරූපයක්ද ගත්තාය. පසුදින නිවාඩුවක් ලබාගෙන අක්කාගේ නිවසට ගිය නැගණිය ඇයට විස්තරය කීවාය. තම යතුරු පැදියේ දෙවන යතුරද රැගෙන සැමියාගේ අනියම් පෙම්වතිය සේවය කරන කාර්යාලයට දෙදෙනාම ගියහ. කාර්යාලය ඉදිරිපස ඇති අඹ ගස යට තම යතුරු පැදිය ඇති බව බිරිඳ දුටුවාය. එම ස්ථානයේ ටික වෙලාවක් රැඳීසිටි දෙදෙනා රැගෙන ආ යතුර යොදා එය පණගන්වාගෙන ඇය තම මහගෙදරට ගියාය.

    සේවය නිමවී නිවසට යාම සඳහා පැමිණි කාන්තාවට දෙවියන් සිහිවූයේ යතුරු පැදිය නොමැති නිසාවෙනි. සිය පෙම්වතාට ඇමතුමක් ගෙන සිද්ධිය පැවසූ අතර යතුරු පැදිය අතුරුදන් වීමේ කතාව කාර්යාලය පුරාම පැතිරයාමට වැඩි කාලයක් ගත නොවීය.

    යතුරු පැදිය අතුරුදන් වීම පිළිබඳව පොලිසියට යාමට කාන්තාව මැලිකමක් දැක්වීම පිළිබඳව සියලු දෙනා මවිතයට පත්වූහ. මේ පිළිබඳව බිරිඳට පැවසීමට නොහැකිව දස අතේ කල්පනා කළ සැමියා බිරිඳගේ නැගණියට විස්තරය කීවේය.

    පසුදින යතුරු පැදිය පාවිච්චි කළ කාන්තාව සිටි කාර්යාලයට ගිය බිරිඳ එහි ප්‍රධානියා හමුවී සිද්ධිය පිළිබඳව සියලු විස්තර ඔහුට පැවසීය. සැමියාගේ පෙම්වතියද එම ස්ථානයට කැඳවා තිබූ අතර යතුරු පැදියේ අනෙක් යතුරද ඉල්ලාගෙන බිරිඳ පිටව ගියාය.

    ආයතන ප්‍රධානියාගෙන්ද ලු‍ණු ඇඹුල් ඇතිව කාන්තාවට අවවාද ලැබුණු අතර ඇය වෙනත් කාර්යාලයකට අනුයුක්ත කිරීමක්ද සිදුකළේය.
    බිරිඳ දරුවාද රැගෙන මහගෙදර යාම නිසා සැමියා නිවසේ තනිවම කල්ගෙවන අතර බයිසිකලයක් රෙපයාර් කරගන්න තැනක් නැද්ද කියා මිතුරන් විමසීම නිසා ඔහු සිය සිම්පතද මාරුකර ඇති බව පැවසේ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ආයතන ප්‍රධානියාගෙන්ද ලු‍ණු ඇඹුල් ඇතිව කාන්තාවට අවවාද ලැබුණු අතර ඇය වෙනත් කාර්යාලයකට අනුයුක්ත කිරීමක්ද සිදුකළේය.
    ehema puluwanda baninna. office eke hukala ahu une naane
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825

    මේ අර ලංකාදීපයේ අනේ අපොයි ලියන එකා මෙහෙම උනොත් හොඳයි කියලා හිතෙන එකෙක් මිසක් මේවා ඇත්තටම සිද්ධ වෙච්ච ඒවා නෙමෙයි. සෝස් එක අහල නඩුවක් උනත් දාන්න පුලුවන් බොරු ලියනවා ඕකා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආයතන ප්‍රධානියාගෙන්ද ලු‍ණු ඇඹුල් ඇතිව කාන්තාවට අවවාද ලැබුණු අතර ඇය වෙනත් කාර්යාලයකට අනුයුක්ත කිරීමක්ද සිදුකළේය.
    ehema puluwanda baninna. office eke hukala ahu une naane

    Pissu da ban private dewal walata baninna ba

    දෙයියෝ සාක්කි ද? පට්ටපල් බොරු ඕකේ යන්නේ

    Ara Normal ayya gasapu eka baddaka vistarey mun eli kara da mehema. Eka baddaka namak kiwwada nane. Gamey godey samanya ewunge nam redi kadanawa sonna mediaveedin
    ------ Post added on May 29, 2022 at 7:57 AM
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    oic sandy fernando ගැන මේ කියන්නේ. පොලිසියේ තියන් කොල්ලොන්ට පුක් පාර දීලා දැන් ගැනිගේ බයික් එක කෙල්ලෙක්ට දීලා. පුදුම බල්ලෙක් මු. දැන් ගෑනි යොගා කරන්න යන්නේ පයින්ද? මං ගිහින් දාන්නද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පසු දිනෙක පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි බිරිඳගේ නැගණිය සිය අක්කාගේ යතුරු පැදිය ඉදිරියෙන් තිබෙන අයුරු දුටුවාය. ප්‍රදේශයේ ඇති කාර්යාලයක නමක් සඳහන් ටී ෂර්ට් එකකින් සැරසී සිටි සුන්දර යුවතියක් යතුරු පැදිය රැගෙන තෙල් පෝලිමේ සිටියාය. දුරකථන ඇමතුමක් ගෙන යතුරු පැදිය පිළිබඳව විමසීමේදී එය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට දී ඇතැයි අක්කා පැවසුවාය. මස්සිනා පිළිබඳව දන්නා නෑනා යතුරු පැදි පෝලිමේ ඡායාරූපයක්ද ගත්තාය. පසුදින නිවාඩුවක් ලබාගෙන අක්කාගේ නිවසට ගිය නැගණිය ඇයට විස්තරය කීවාය. තම යතුරු පැදියේ දෙවන යතුරද රැගෙන සැමියාගේ අනියම් පෙම්වතිය සේවය කරන කාර්යාලයට දෙදෙනාම ගියහ. කාර්යාලය ඉදිරිපස ඇති අඹ ගස යට තම යතුරු පැදිය ඇති බව බිරිඳ දුටුවාය. එම ස්ථානයේ ටික වෙලාවක් රැඳීසිටි දෙදෙනා රැගෙන ආ යතුර යොදා එය පණගන්වාගෙන ඇය තම මහගෙදරට ගියාය.
    මේකිගේ නංගණ්ඩිව උල තියන්න ඕනනේ
    photo එකකුත් අරන් ඒක පෙන්වන්න නිවාඩුවකුත් දාලා තව ගෙදරත් ගිහිල්ලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    ඕක සිරාවමට උනා මම දන්න එකෙක් ට,

    උගෙත් ගැනි ටීචර් කෙනෙක්, ඒකිගෙ බයික් එක නිකං තියෙන්නෙ කියලා හොර ගැනිට දිලා බයික් එක, හොර ගැනිගෙ මිනිහට ඕක මාට්ටු වෙලා ඌ ඕක කැලිවලට ගලවලා විකුනලා,
    චැසිය වලදාලා,
    අන්තිමට මගෙ යාලුවා නඩු දැම්මා, ඌට පොලිසිය බැලන්ස්, අන්තිමට පොලිසිය මූට වාසි වෙන විදියට නඩුව ඇදලා දුන්නා...
    ටික දවසක් යද්දි නඩුව අනිත් පැත්ත ගිහින්,, බලද්දි අර ගැනි අල්ලලා පොලිසියේ ඔක්කොටම,,,
    මූට හොර ගැනිත් නැ, බයිසිකලෙත් නැ :D