සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක්

    සැමියා සිහිවෙන්න ලංකාවේ රෝහල් වාට්ටුවක් ඉදිකළ එළිසා බේකර් හෙබර්ඩන්

    ඉතිහාසයෙන් පිටුවක්
    image_9d122adc74.jpg

    image_6c296ed7b4.jpg


    තම ආදරණීය සමීපතයන් මියගිය විට ආගමික වත්පිළිවෙත් ඉටුකර දානමාන පුදකර පිං අනුමෝදන් කිරීම ශ්‍රී ලංකාවාසීන්ගේ සම්ප්‍රදායක සිරිතකි.

    ඇතැම් අය විශාල මුදලක් වියදම් කර දර්ශනීය වූ සිහිවටන ස්මාරක ඉදිකරති. ඒ අතර ලෝක ප්‍රසිද්ධ ටජ්මහල් වැනි ස්මාරකයන් ද වේ. ඒ ඔවුනොවුන්ගේ සිතුම්පැතුම්වල පරිමාව නිසා වන්නට පුලුවන.


    ඉංග්‍රීසින් මෙරට පාලනය කළ සමයේ තම ආදරණීය ස්වාමියාගේ වියෝවෙන් කම්පනයට ලක්වූ ඉංග්‍රීසි ජාතික කාන්තාවක් ඔහු සිහිවීම පිණිස අංගසම්පූර්ණ රෝහල් වාට්ටුවක් ඉදිකර රෝහල වෙත ප්‍රදානය කළාය. ඇය ඉංග්‍රීසි ජාතික එළිසා බේකර් හෙබර්ඩන් මහත්මියයි.


    පුංචි එංගලන්තය නැතහොත් නුවරඑළිය රෝහල් සංකීර්ණය තුළින්ද දැකගත හැක්කේ බේකර් වාට්ටුව එළිසා බේකර් මහත්මිය විසින් ඉදිකර පරිත්‍යාග කළ එම වාට්ටුවයි.

    image_c0a0079dbc.jpg
    ඉංග්‍රීසි පාලන සමයේ නුවරඑළිය ගොඩනැංවු පුද්ගලයින් අතර සර් සැමුවෙල් බේකර් මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1848 වසරේදී සර් සැමුවෙල් බේකර් නුවරඑළිය නගරයේ මහගස්තොට කේන්ද්‍රිය කරගෙන අක්කර 1000 කින් යුතු ගොවිපොළක් ආරම්භ කිරීම නුවරඑළිය නගරය ඉංග්‍රීසින්ට අවැසි ලෙස නිර්මාණය කරන්න මහත් රුකුලක් විය. සර් සැමුවෙල් බේකර් තම බේකර් ගොවිපොළට අවශ්‍ය කාර්ය මණ්ඩලය ද සේවකයින් ද ගවයින් ඌරන් ඇතුළු විවිධ සතුන් ද එංගලන්තයේ සිට මෙරට රැගෙන ආවේය.


    ගොවිපොළ පාලනය කිරීම සඳහා ඔහු තම සහෝදරයන් දෙදෙනෙකු වූ ජෝන් ගාලන් බේකර් හා වැල්ටයින් බේකර් ද මෙරට කැඳවාගත්තේය.

    ජෝන් ගාලන් බේකර් සමග ඔහුගේ බිරිඳ වු එලිසා බේකර් මහත්මිය ද සැමියා තම ස්වාමියාගේ කටයුතු සහාය දක්වා ඇත. යෞවනයේ විසූ ජෝන් ගාලන් බේකර් හා එළිසා බේකර් සර් සැමුවෙල් බේකර් මහතාගේ ගොවිපළේ කළමනාකරණයට දායකත්වය දැරීම නිසාම ගොවිපොළ ඉතා සාර්ථක ගොවිබිමක් වී ඇත. අද අප උඩරට එළවළු ලෙස භාවිත කරන කැරට් ලීක්ස් බීට් අර්තාපල් ඇතුළු ඉංග්‍රීසි එළවළු අප රටට ආදේශ කර ඇත්තේ මෙම ගොවිපොළ තුළිනි.

    අවුරුදු 24 ක වයසැති දේශ ගවේෂකයෙකු ලෙස නම් දරා සිටි සර් සැමුවෙල් බේකර් අවුරුදු 18 ක් මෙරට තම ගොවිපොළේ කටයුතු කර 1866 දී යළි ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇත. ඉන්පසු නුවරඑළියේ පිහිටි බේකර් ගොවිපොළේ කටයුතු ඔහුගේ සොහොයුරන් දෙදෙනා වූ ගාලන් බේකර් හා වැල්ටයින් බේකර් යන දෙදෙනා කරගෙන ගියහ.

    මේ කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවල රාජකාරිවල නියුක්ත වූ ඉංග්‍රීසිහු නුවරඑළියේ ඉඩම් මිලිදීගෙන තම ස්ථීර නිවාස ඉදිකරගැනුමට කටයුතු කර ඇති බව අනාවරණය වේ.

    නුවරඑළිය නගරය තුළ පදිංචි වූවන් පිළිබඳව 1881 වසරේදී කරන ලද ජන සංගණනයේදී නගරයේ නිවාස 262 ක් වශයෙන්ද පවුල් 270 ක් ලෙස ද පදිංචි ජනගහනය 1791 වූ බවට ඉතිහාස තොරතුරු කියැවේ. මෙම ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු සඳහාත් සොල්දාදුවන්ගේ අවශ්‍යතා සඳහා නගරයේ කුඩා රෝහල් පවත්වාගෙන ගොස් ඇති අතර දැනට නුවරඑළිය රෝහල් සංකීර්ණය 1880 දශකයේදී පමණ ආරම්භ වූවක් බව පෙනේ.

    මෙම වකවානුව තුළ වාර්තාවන අයුරින් ජෝන්ගාලන් බේකර් මහතා 1883 පෙබරවාරි මස 23 දින වයස අවුරුදු 61 ආයුවිද මිය ගොස් ඇත. සම වයසේම වූ එළිසා බේකර් හෙබර්ඩන් මහත්මිය තම ස්වාමියාගේ හදිසි වියෝවෙන් කම්පනයට පත්ව තම ආදරණීය ස්වාමියා වෙනුවෙන් 1895 වසරේදී සියලු පහසුකම් සහිත රෝහල් වාට්ටුවක් ඉදිකර රෝහල ප්‍රදානය කර ඇත.

    එම රෝහල් වාට්ටුව තුළ රෝගීන් කීපදෙනකුට නිවසක ගත කරන අයුරින් තම රෝගයන් සඳහා ප්‍රතිකාර ලබාගැනුමට පහසුකම් සකසා තිබිණ. මෙම බේකර් වාට්ටුව තුළ අංග සම්පූර්ණ පුස්තකාලයක්ද පවත්වාගෙන ගොස් තිබුණි. මෙම ලියුම්කරු කුඩා අවදියේ මෙම බේකර් වාට්ටු සංකීර්ණය අංගසම්පූර්ණ පැවති අයුරු දැකගැනුමට වාසනාව ලැබු අයෙකි.

    කෙසේ වුවත් තම ස්වාමියාගේ අභාවයෙන් කම්පනයට හා තනිකම උරුම එළිසා බේකර් මහත්මිය 1896 නොවැම්බර් 01 දා අවුරුදු 75 ක් ආයු විඳ දෙවියන් තුරුලට එක්වූවාය.

    image_dd43d9d2b6.jpg


    අවුරුදු 123 ක් වූ බේකර් වාට්ටුව අද නුවරඑළිය මහරෝහල කාර්ය මණ්ඩලයේ දූ දරුවන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යයි.

    ජෝන් ගාලන් බේකර් හා එළිසා බේකර් හෙබර්ඩි යන යුවලගේ සොහොන නුවරඑළිය ශුද්ධ ත්‍රිත්ව දේවස්ථානයට අයත් සුසානයේදී අප කාටත් දැකගත හැක.

    තම ස්වාමියා වෙනුවෙන් අර්ථවත් වූ සිහිවටනයක් නිර්මාණ කළ එළිසා බේකර් මහත්මිය අද දවසේ අපට පාඩමක් කියා දෙන්නීය.




    ඡායාරූප හා සටහන
    නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
     

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    This country would have been peaceful , developed and beautiful if British could keep this as a Colony of the queen rather giving fucking freedom to us. :(:(

    4th of February 1948 is a day we should write in a black ink as the day we were converted to bondage by our retard rulers.
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    නොදන්නා දේ වැඩියි. දන්නා දේ අඩුයිඹ.බට ස්තුතියි.