මම ගොඩක් කල් යූස් කරේ කොමර්ශල් ලෝන් එහෙමත් පට ගාල දුන්නා කිසි අවුලක් නැතුව, හැබැයි මම ලඟදි සෙලාන් එකට මාරු උනා උන් මට පට්ටම අඩු රේට් එකකට ලෝන් එකක් දීපු නිසා, උන්ගෙත් ලොකු අවුලක් නැහැ. ඔන්ලයින් බෑංකින් එහෙමත් කිසි අවුලක් නැහැ
තව ලෝන් ගන්න හිතනවා නම් බැංකුවෙන් අහපන් උඹ වැඩ කරන කම්පැනිය උන්ගෙ ලෝන් දෙන ලිස්ට් වල තියනවද කියලා, එහෙම තියනවා නං ලෝන් ගන්න පට්ටම ලේසියි, ලොකුවට මොනවත් චෙක් කරන්නෙ නැහැ. දවසෙන් දෙකෙන් ලෝන් ගන්න පුලුවන් හොඳ රේට් එකක් ගන්නත් පුලුවන්.
BOC එක හොඳටම හොඳයි, ඕන තැනක ATM එහෙම තියනවා, ලෝන් කේස් එක අවුල් ප්‍රයිවෙට් වැඩ කරනවා නම්. BOC එකේ කම්පැනි ලිස්ට් එකක් තියනවා ලෝන් දෙන ඒ ලිස්ට් එකේ අයට විතරක් එක ගැරන්ටර් කෙනෙක් එක්ක ලෝන් එකක් ගන්න පුලුවන්, එහෙම නැත්නම් ගැරන්ටර්ස්ලා දෙන්නෙක් ඕන,
BOC ක්‍රෙඩිට් කාඩ් එකටත් හොඳ ඔෆර්ස් සෙට් වෙනවා, මගේ එකවුන්ට් තියනවා, ඉඳල හිටලා යූස් කරන්නෙ.
උන්ගෙත් ඔන්ලයින් බෑංකින් එහෙම ලොකු අවුලක් නැහැ මගුල යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ වෙනම ඉගන ගන්න ඕන ඒක යූස් කරන්න.