සැලී මියගියේ නරඹන්නන්ගේ වරදින්
සත්වෝද්‍යානයේ "සැලි" මියගියේ
නරඹන්නන්ගේ වරදින්
සත්වෝද්‍යාන අධ්යක්ෂ දුමින්ද ජයරත්න
ප්ලාස්ටික්, කාසි, ගල්, පොලිතින්, කම්බි
ආහාර මාර්ගයේ හිරවෙලා
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න - රත්මලාන
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි අවුරුදු අටක් වයස "සැලී" නමැති හිපෝ පැටියාගේ මරණයට නරඹන්නන් වගකිවයුතු බව මරණ පරීක්ෂණයේ දී හෙළිවී ඇතැයි සත්වෝද්‍යාන අධ්යක්ෂ දුමින්ද ජයරත්න මහතා පැවසීය.
පශු වෛද්‍ය ජගත් ජයසේකර සහ අරුන්දතී පොන්නුසාමි මහත්මිය සත්වෝද්‍යාන රෝහලේ දී මේ මරණ පරීක්ෂණ සිදු කරනු ලැබූහ.
ප්ලාස්ටික් කෑලි, කම්බි කෑලි, කළුගල්, රුපියල් දෙකේ කාසි හතරක් ආදී කිලෝ පහක පමණ දේ විශාල ගුලියක් වී ආහාර මාර්ගයේ හිරවී තිබූ බවද එම පශු වෛද්‍යවරුන් පවසති.
පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා "දිවයින" ට මෙසේ පැවසීය.
"සැලී" ඉපිද ඇත්තේ 2001 සැප්තැම්බර් 11 වැනිදා සත්වෝද්‍යානයේ දී. එහෙත් ඇයගේ මව පැටවුන් කා දමන නිසා වෛද්‍යවරුන් එම සතා මවගෙන් ඉවත් කර තබා ළදරු කිරිපිටි ඇතුළු ළදරු ආහාර දෙමින් වසර අටක් දක්වා ජීවත් කරවමින් ලෝකයේ එවැනි සත්වයකු මව් තුරුල්ලෙන් වෙන්කර පෝෂණය කළ එකම අවස්ථාව ලෙස වාර්තාවක්ද තබා තිබෙනවා."
ඒ නිසාම මෙම සැලී කිලෝ හත්සීයක පමණ බර දක්වා වර්ධනය වී ඇතත් එම වයසට සාමාන්‍යයෙන් කිලෝ එක්දහස් දෙසීයක් විය යුතුයි. ඒ නිසා "සැලී" ශාරීරික ලෙසද දුර්වල වී සිටියත් මහජන ප්‍රදර්ශනයටද තැබීමට හැකි වුණා.
"මේ සත්වයා ආහාර ලෙස පළතුරු, කංකුං ආදිය ගත්තත් තණකොළ කෑමෙන් වැළකීද සිටියා."
"මාස හත අටක සිට රෝගී තත්ත්වයකින් සිටියා. ඒ අනුව අවශ්‍ය ප්‍රතිකාර කළා. ඒත් මෙවැනි විශාල සතුන් එක්ස්රේ කිරීම අපහසු සමේ ඇති ගොරෝසුකම නිසයි. ඒ නිසා උදර ආශ්රිත ශල්‍යකර්ම කළ නොහැකි වුණා. ඖෂධ මගින් ලබාදිය හැකි සියලු ප්‍රතිකාර දුන්නා."
"අවසානයේ ආහාර ගැනීම ටික ටික අඩුකර සති දෙකක පමණ කාලයක සිට සම්පූර්ණයෙන් අහාර නොගත් නිසා දියර ආහාර පමණක් ලබාදුන්නා. ඒත් සැලී ආහාර නොගැනීම නිසා දුර්වල වී පසුව මියගියා."
"දිගින් දිගටම මෙවැනි ප්‍රශ්න ඇතිවන බැවින් දැනට නරඹන්නන් සහ වෙළෙඳසල් සඳහා පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. ඒ අනුව පරිසර හිතකාමී දේවලින් පමණක් ආහාරපාන රැගෙන එන ලෙසත්, කිසිම සත්ත්වයකුට නරඹන්නන් ආහාර නොදිය යුතුයි."