සැළුන් දොර

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මහින්ද මහත්තයා හිතාගෙන උන්නේ, සැළුන් දොර තියෙන්නේ කොල්ලුපිටියේය කියලාය. ඒ උනාට හැම තැනම සැළුන් දොරවල් තියෙනවා කියලා තේ රෙන්නේ දැන්ය. ලංකාවේ ජනප්‍රියම පානය තේ උනාට. ජනප්‍රියම අහාරය තේ නොවන්නේය. එහෙම උනා නම්, බොහෝ දෙන්කුට තේ රෙන්න අමාරුවක් වෙන්නේ නැතිය.

    අර එකෝමත් එක කාලෙක කතන්දරේක, හිඟන්නෙකුට වරමක් හම්බ වෙලා, රන් කාසි, එහෙම නැත්නම්, කැරට් 24 රන් බිස්කට් දාන්න සරම අල්ලන්න කියපු වෙලාවේ, දෙයියෝ බිස්කට් පොඩ්ඩක් දැම්මාම. අපෝ ඔය මදි, තව දාන්නෙයි කිව්වේය. තව ටිකක් දැම්මාම, අනේ තව ටිකක් කීවේය. ආයෙත් ඔහොම ඔහොම සරම පිරෙන්නම දැම්මත්, හිඟන්නාට මදි වෙලා, එක එක දාන්න කිව්වේය. ඔහොම එක එක දාන අතරේ, සරම ගැලවිලා පුක එලියේ උන නිසා, වරමට කෙලවී, සරමයි වරමයි දෙකම නැති කර ගත්තේය. තුනම නැති උනාද කියා අහගන්න, අද අපේ ආච්චි අම්මා ජීවතුන් අතර නැත්තේය.

    මහින්ද මහත්තයා සසර වසන තුරු රජකම් කොරන්න විවස්ථාව වෙනස් කොලත්, මේ සැළුන් දොර වහන්න පොඩ්ඩක් වත් හිතුවේ නැත්තේ, ඕන නම් යන්නත් පුළුවන් අපේ හාන්දුරුවනේ කිව්වාට, එකෙක්වත් යන්නේ නැතෙයි කියලා හිතලාය. ඒ නිසා, හතර අතට කැපෙන චේන් සෝ එක, හතර අතේ වැනුවේය. මේ ගොබ්බ හාල් පාරුවෝ ටික, හැමදාම දෙන දේ කා වෙන දේ බලාගෙන ඉඳියි කියලා හිතපු නිසා, එනවා මිසක් යනවා කියා ජීවිතේට හිතුවේ නැතිය.

    බලයෙන් මත් උනාම, අන්ධ වෙනවා කියන්නේ ඕකය. ප්‍රේමදාස ගොයියාටත්, සැටලයිට් නෝනාටත් උනේ ඕකමය. ඔක්කෝටම කලින් කරන්න තිබුනේ, අළුත්කඩේ කාපු, බඩු ගහපු අගවිනිසුරු හොරා නීතීගත කළ, සමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංගනය කරන, මේ සක්කිලි වැඩේ නවත්තන එකය. මිනිසුන් මානපය දෙන්නේ පුද්ගලයාට වගේම පක්ෂයටය.

    එහෙම දෙන මනාපය, එක එක ගස් ගෙම්බන්ට ඕන විදියට වෙනස් කරන්න තියෙන අයිතිය මොකක්ද කියා, මේ රටේ ඉන්න සිවිල් පොරවල් කියනා උන්ටද, බුද්ධිමතුන්ටද, නීතිඥ්ඥ සංගම්වලටද, නීතීඥ්ඥයන්ටද, ඇන් ජී ඕ කාරයන්ටද, මානව හිමිකම් ගැන පුක ඉරාගෙන කෑ ගහන උන්ටද, එකෙකුටවත් පේන්නේ නැත්තේ ඇයි කියා, මාතලන්ට හිතා ගන්න අමාරුය.

    අද ආන්ඩුවේ මෛත්‍රිපාලට බය නැති වීරයෝ, සීතලයි කියා පලා බබාලා වහලා දාන්නේ. රස්නෙයි කියා පලා බබාලා වහලා දාන්නේ. ගීතා ඇන්ටිලා, පලා බබා සුදු අලියෙක් කියන කොට වෙව්ලා උණ ගන්නේ, හිරුනිකා ඇත්ත කියන කොට බය වෙන්නේ, සැළුන් දොරෙන් පැනලා යන උන් නවතාගන්න මිස, වෙන කෙහෙල්මලකට නෙමේය. දැන් "රමණි ෆර්නෑන්ඩුගේ" සැළුන් එක වගේ තිබ්බ එක. තොරණ හන්දියේ "සැළුන් ඩි පුළුන්" වගේ වෙලාය.

    කොන්ඩේ කපා ගෙන, රැවුල කපාගෙන ඉවර උන්ටත් එලියට යන්න බැරි වෙන්න, ඔක්කෝම ටික වහලා දාලාය. හෙට අනිද්දාට නැගෙනහිරයි, කොළඹයි, විතරක් නොව, රුහුණේ සැළුන් එකත් වහලා දාන්න ඉඩ තියෙනවාය. නැත්නම් වෙන්නේ කොන්ඩේ භාගෙට කපා ගත්ත උනුත්, කොල්ලුපිටියේ අරලිය සැලුන් එකෙන් පැන පොළොන්නරුවේ අරලිය සැළුන් එකට පනිනා එකය.

    සැළුන් දොර වහපු නැති එකේ චෑන්ස් එක ආවේ, අවුරුදු විස්සක් ආතක් පාතක් නැතිව නායකයෙක් නැතිව, කොටින්ම වැලේ වැල් නැතුව, වෙලේ වල් නහන, වස කුප්පියක් බී මැරිලා යන්න උන්න, විපක්ෂේ ආඬී සැට් එකටය. පොද්දාට දාන්න එකෙක් නැතුව, පොල්පිත්තක් හෝ දමාගෙන ගේම දෙන්න හිටපු උන්ට, මෛත්‍රිපාල සිරිසේන ආවා කියන්නේ, මෙතේ බුදුන් වැඩියා වාගෙය. එයත් එන්නේ පරණ බයිලේම ගහගෙනය.

    ජනාධිපති කම් නැති කිරිල්ල කෙසේ වෙතත්, එයා කියන්නේ පාර්ලිමේන්තුවෙන් අනුමත් උන 80% වෙනුවට අධිකරණයෙන් කපා දැමු 60% . එයා ආපුවාම 90% කරලා, සිකැරට් පැකට් එකේ කැන්සර් පොටෝ දානවා කියලාය. ඒ කියන්නේ එයා විවස්ථාවයි අධිකරණෙයි දෙකම පයිසෙකට ගනන් නොගෙන, එයාගේ ඇක්සැකටිව් පවර් එක යූස් කරනවා කියලාය.

    සරත් ෆොන්සේකාත් කෙල ගත්තේ, මේ වගේ ගොන් කතා කියන්න ගිය හන්දා නිසා, කතා කරන්න එනකොට කතාව ගල් ආඳෙකුට කියා ලියාගෙන ආවා නම් වඩා හොඳයි කියා හිතෙන්නේ, මේ වෙලාවටය. එන්නත් කලින් පොර ටෝක් දෙන්නේ මෙහම නම්, ආවයින් පස්සේ වෙන්නේ මොකක්ද කියා, ඔහේලාට හිතා ගන්නට පුළුවන්ය.

    මොකා ආවත් මේන් මේ සක්කිලි වැඩේ නම් නැවැත් විය යුතුමය. එපමණක් නොව හාල්පාරු දෙකයි පණහේ පක්ෂ හා ජාතිවාදි පක්ෂ ගැන නොසිතා, කේවල ඡන්ද ක්‍රමයට ආපසු රට ගෙන යා යුතුමය. මාතලන් නම් කියන්නේ වැරද්ද තියෙන්නේ මේ තනතුරේ නොව, විවස්ථාව නොහොත් සිස්ටම් එකේ කියලාය. මහින්දට තුන් පාරක් බෑ කියා වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ඉල්ලන උන් නොදන්න කාරණාව නම්, වෙස්ට්මිනිස්ටර් පාලනය යටතේත්, අයන් ලේඩි නොහොත් මාගරට් නෝනාත්. ටෝනි බ්ලෙයාර් අයියාත් තුන් සැරයක්ම අගමැති කම් කලා කියනා එකය.

    එපමනක් නොව චන්ද්‍රිකාගේ අම්මා, ඔය එක පවර් එකක් වත් නොමැතිව, ආන්ඩු බලය අවුරුදු දෙකක් හිතුමතේ දික්කර ගත්තා කියාය. ඒ නිසා අවශ්‍ය වන්නේ, මහ එකාගේ සිට පොඩි මිනිහා දක්වා එකම නීතිය ක්‍රියාතමක වන, මහා එකා හෝ එකී වුව පිස්සු කෙලිනා විට, මුල්ලේරියාවට නොව, වැලිකඩ එපාර්ට්මන්ට්ස් යවනා අළුත්ම අළුත් සිස්ටම් එකක් විනා, කුණුවී ඕජස් ගලන බහුබූත විවස්තාවේ පැලැස්තර කෑලී අලවා, මගුල් ගෙදර එක්කගෙන යාම නම් නොවනා බව කිව යුතුම වන්නේය.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත‍්‍රීපාලට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.