rawatenna nam ba

Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    කිසි දා නොගිළුනු සෑම්!
    බිස්මාර්ක් හී ගිලීගිය සුන්බුන් වෙතින් ලී කොටයට නැඟී පාවී ආ නාසි පූසා බ්‍රිතාන්‍ය නෞකානාශක නෞකාවක් වූ HMS කොසැක් විසින් ගලවා ගති. ඒ 1941 හි මැයි මස 27 වන දා ය. නම් නොදන්නා හෙයින් උන් ඌට 'ඔස්කාර්' යැ කීහ. ඔස්කාර් එතැන් පටන් කොසැක් හී නිළ බළලා විය. කොසැක් එකල් හී මධ්‍යධරණී මුහුදු පෙදෙසෙහි මෙන්ම උතුරු අත්ලාන්තික සාගර ජලතලය මත ද පරිවාර නෞකා සේවයෙහි නියුතු ප්‍රකට නෞකාවක් විය.
    සෑම් ගේ සුරතලෙන් පිරීගිය කොසැක් නෞකාව, ඔක්තෝබරයේ 24 වන දින ජිබ්‍රාල්ටාවේ සිට එංගලන්තය දක්වා තවත් නෞකාවක් ආරක්ෂිතව ගෙන යමින් සිටියදී ටෝර්පිඩෝ ප්‍රහාරයකට ලක් වීමෙන් මුහුදුබත් වූ අතර මිනිස් ජීවිත 159 ක් අහිමි වූ අනතුරෙන් සෑම් දිවි ගලවා ගති.
    බේරාගත හැකි වූ ජීවිත සමඟ සෑම් ද වහා පටවා ගැණුනු HMS ලීජන් නෞකාව ජිබ්‍රාල්ටාව වෙත ඇදිණි. ඉන්පසු සෑම් වහා ක්‍රියාත්මක වන පරිදි HMS ආර්ක් රෝයල් නෞකාව වෙත අනුයුක්ත කෙරිණි. එහිදී, ඔස්කාර් නම සුරතලාට තෙද වැඩි යැ සිතූ නාවුකයෝ ඉන්පසු ඌට සෑම් යැ කීහ. සෑම් දැන් ආර්ක් රෝයල් සුරතලාය. නමුදු ඒ ද බෝම කෙටි කලෙකට විය.
    මෝල්ටාවේ සිට පිටත්ව තිබූ ආර්ක් රෝයල් නෞකාව ද, නොවැම්බරයේ 14 වන දින ටෝර්පිඩෝ ප්‍රහාරයකට බදුන්ව ජිබ්‍රාල්ටාවට මයිල තිහක් ඈත දියඹේ වඩා සෙමින් නමුදු නිශ්චිතවම ගිලී යමින් තිබිණි. එහිදී බොහෝ නාවිකයින් බේරා ගැණුනු අතර කොටයක් අල්ලා නැවතත් පාවෙමින් සිටි සෑම් HMS ලයිට්නින් නෞකාවට පටවා ගැණිනි.
    කෙසේමුත් සෑම් ගේ මුහුදු වික්‍රම එතෙකින් අවසන් නොකරමින්, දෙවන නෞකා මුහුදුබත් වීමෙන් ඌ ගලවා ගනු ලැබූ ලීජන් නෞකාව 1942 හි මුහුදුබත් ව තිබූ අතර ලයිට්නින් නෞකාව 1943 හි දී සාගර පතුලත සදාකාලිකව නිශ්චල විය.
    මෙතෙකින් සෑම් ගේ නාවුක දිවිය අවසන් කළ යුතු යැ සිතූ නාවිකයින් සෑම් ජිබ්‍රාල්ටාවේ ආණ්ඩුකාර තැනට බාර දුන්නෙන් ඌ එතැන් පටන් ආණ්ඩුකාර කාර්‍යාලයේ ලැඟ සිටිනු දැකගත හැකි විය. එයින් මහා බ්‍රිතාන්‍ය වෙත පසුකලෙක මාරුකර හැරුනු සෑම් බෙල්ෆාස්ට් හී නවික නිළ නිවාසයක සිය ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දැමී ය. ගොඩබිම තිත්ත ව සිටි බළල් තෙමේ බොහෝ විට නිළ නිවාස වහළයෙහි ලැඟ ඈත දියඹ දෙස බලා සිටිනු එකල් හී බෙල්ෆාස්ට් නේවාසිකයිනට පුරුදු දර්ශණයක් වී තිබිණි. නමුදු සෑම්, එක් මිනිත්තුවකට බෝට්ටුවක හෝ පටවාගෙන සයුරු රළ උස් පහත් රිද්මයට සමවදින සන්තුෂ්ටියක් උපැද්දීමට නිර්භය එකෙකු හෝ උන් අතර නොවී ය. සෑම් බොහෝවිට ඇඳිරි වැටෙනා අන්තිම තත්පරය දක්වා මුහුද දෙස එක එල්ලේ බලා සිට නැවත හිරු නඟින පසුදා වහළ ගත වන අරමුණෙන් හිරිකිත ගොඩබිමට කොට්ට පා තබා බැස ගන්නට ඇත.
    උපන් වර්ෂය නොම දන්නා බැවින් සෑම් 1955 හි මිය යන විට අවමයෙන් දාහතර වසරක් දිවි ගෙවන්නට ඇතැයි අනුමාන කළ හැකි විය. කෙසේමුත් ගිලීගිය නෞකා තුනකින් දිවි ගලවා ගනු ලැබුවා වූත්, පය ගැසූ තවත් නෞකා දෙකක් පසු කලෙක ගිලී යාමෙන් මූසල පූස් තඩියා යැයි නොමද අවමානයට බඳුන් වූත්, නොගිල්විය හැකි වූ සෑම් නම් බළලා, සංචාරිත ඔබගේ නෙත් සුව පිණිස අදටත් බලාගත හැකිවන පරිදි ජෝර්ජියා ෂෝ බේකර් ගේ මනරම් සිතුවමක් වී ග්‍රීන්විච් හී සාමුද්‍රික කෞතුකාගාරයේ එක් බිතක එල්ලී හිඳී.
    යතොත් එහි දවසක සිත්තම ද නරඹා මූසල ඔස්කාර් ය නොකියා, නොගිළුනු සෑම් ය කියා එන්න!

    366360053_331969879183246_7169576993809481558_n.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උගෙ කරුමෙ තමා නැවෙ අනිත් එවුන් පිටින් ගිහිල තියෙන්නෙ
    නැවට ගන්නෙ නැතුව පයින් පාරක් දීල එලෙව්ව නන් අදත් නැව් ටික යහතින් තියනව