සිංගප්පුරු_බයගෝතා
සිංගප්පුරු රෝහලකට වී අධිකරණයට වෙට්‍ටු දමන බයගෝතා සහ ඔහුගේ හෙංචයියන්ගේ සිත නිවන කතා
සිංගප්පූරුවේ රෝහලකට වී අධිකරණයට වෙට්‍ටු දමමින් සිටින බය ගෝතා හැකි ඉක්මනින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන්නේ යයි ප්‍රකාශ කළ බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කොට ඇත. කිසිම හේතුවක් මත පසුබැසීමට සූදානම් නැති බවත් ඉදිරියේදී මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් යයි ඔහු කිවූ බවද වාර්තා කොට තිබුනි. ගෝඨාභය එසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගේ සුවදුක් බැලීමට සිංගප්පූරුවට පෙරේදා (3) ගිය අවස්ථාවේ ය. එපමනක් නොව ලංකාවට පැමිණීමෙන් පසුව, ජූලි එකොළොස් වැනි දා කැළණිය රජමහා විහාරය වැඳ පුදා ගෙන, තමන් ජනාධිපතිවරණ සටනට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා ගෝඨාභය සූදානමින් සිටින බවද ඔහුට හිතවත් වෙබ්අඩවි වාර්තා කොට ඇත. ගෝටා සුරංගනා කථා කීවද රටේ මිනිසුන් මැරී ඉපදුනේ නැත. ගෝටා සිංගප්පුරු රෝහලට ඇතුල් වී කළේ ගෝනි සෙල්ලමකි. සිංගප්පූරු රෝහල් නාටකයෙන් ගෝටා බලාපොරොත්තු වූ අරමුණු කිහිපයකි.
1.විශේෂ මහාධිකරණයේ විභාගයට ගත් සොහොන් නඩුව මග හැරීම
2. ගෝටා නොමැති වුවහොත් රාජපක්ෂවාදීන් ඉච්ඡා භංගත්වයට පත් වන බව මහින්දට ඒත්තු ගැන්වීම
3. ජනපති අපේක්ෂකයා ලෙස ගෝටාගේ නම සම්මත කර ගැනීමට පක්ෂ ක්‍රියාකාරීන් පොළඹවා ගැනීම
4. හෘද සැත්කමක් පාදක කොට ගත් මනෝ මූල ප්‍රයෝගයක් ගොඩනැගීම
5. අනුකම්පාව සහ අවධානය දිනා ගැනීම
ගෝටා කැළණිය වැඳ පුදා ගෙන ජනාධිපතිවරණ සටනට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දීමට සූදානමින් සිටින බව ඔහුට හිතවාදී වෙබ් අඩ්වි වාර්තා කළ ද එය එසේ වීමට හේතු නැත. ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ මහින්ද ය. මහින්දගේ බලාපොරොත්තුව ගෝටාට කිරුළු පැළඳවීම නොවේ; රට දැය බේරා ගැනීම නොවේ; මහින්දගේ එකම බලාපොරොත්තුව නාමල්ට හෙටක් තැනීමය.
ගෝටාගේ හිතවාදීන් කියන කථාවේ ඇත්ත නැත්ත කටුනායක ගුවන්තොටුපොලෙන් බලාගත හැක. පෙර තුන් වතාවක් විදේශ ගතව පැමිණෙන ගෝටා රථ පෙරහැරින් රැගෙන යාමට සැලසුම් කළහ. ගෝටාගේ බත් ගොට්ටන් සැලසුම් කළ ඒ සියල්ල මහින්දගේ , නාමල්ගේ සහ බැසිල්ගේ විරෝධය නිසා අත් හැර දැමීමට සිදු විය. සිරිසේනගේ අළුත්ම උපක්‍රමය වී ඇත්තේ එජාපයට සහ පොහොට්‍ටුවට යන දෙකටම පහර දීමය. ගෝටා මෙදා පොටේ උඩ පැන්නොත් තත්වය භයානකය. සිරිසේනගේ නීතිපති හෙන්චා වන දප්පුලයා ඔහුගේ ගෙල සිර කරනු නියතය. ගෝටාබයට එරෙහිව නැගී සිටි වෙල්ගම සහ වාසුදේව දැන් සිටින්නේ සිරිසේනගේ ඔඩොක්කුවේය. මෑතකදී මාධ්‍ය හමුවේ 'ගෝටා එන බවක් තමන් නොකී බව' බැසිල් කීවේය. කරුණු එසේ හෙයින් ගෝටාවාදීන් කුමක් කීවද ඒවා උන්ගේ හිත නිවන කථා පමනි.