බලයට ඒමේ අරමුණින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු බන්ඩාරණායක තමන්ගේ දරුවන්ව එංගලන්තේ යවලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදුන්නා.
දැන් බණ්ඩාරනායක නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි උනා කියන උන් අඩුම අවුරුදු 80කටවත් කිට්ටු ඇති නේ
Singapore වල ඉන්නකොට උදේට කුනු එකතු කරන්න එන grabge truck එකේ english nursery songs දාගෙන එන්නේ මිනිස්සුන්ට ඒවා ඇහිලා ඉන්ග්‍රිසි දැනුම වැඩි කරන්න.
ඒකට අපේ බංඩා සින්හල බාශාව රාජ්‍ය බාශාව කරා
ගොඩාක් අය (කාලෙකට කලින් මමත් ඇතුලුව )
රාජ්‍ය භාෂාව කියන්නෙ මොකක්ද කියන එක තෙරුම් අරගෙන නැති පාටයි.
අපිට ඉංග්‍රිසි බැරි ප්‍රශ්නෙදි අපි මුලින්ම ඇඟිල්ල දිගු කරන්නෙ 56 ආණ්ඩුවට.
එහම නැත්තම් බණ්ඩාරනායක සිරිමතානන්ට.
ඒක වැරදි .රාජ්‍ය භාෂා කතාව එලියට එන්නෙ ඊටත් කලින් .
රාජ්‍ය භාෂාව කියන්නෙ රජයෙ කටයුතු සිද්ධ වෙන භාෂාව.
ඒ කිව්වෙ අපි ගමු කවුරු හරි පොලිසියට උසාවියට කච්ඡේරියට ,රජයෙ බැංකුවකට ගියොත් එව්වයෙ කටයුතු කරන්නෙ අදාල භාෂාවෙන් ,
ඉතිං ඒ අදාල භාෂාව දන්නෙ නැති මිනිහා පොඩ්ඩක් අසරණ වෙනවා එක්කො ෆොම් එකක් පුරවගන්න බැහැ එක්කො භාෂාව දන්න උන් රවට්ටනවා සල්ලි අරගන්නව වැඩ කරලා දෙන්න වගෙ දෙවල්.
සුද්දා පාලනය කරා අවුරුදු 150 කට කිට්ටු වෙන්න . සුද්දාගෙ ආණ්ඩු කරන කාලෙ රටෙ රාජ්‍ය භාෂාව ඉංග්‍රිසි .එතනදිත් උන්ගෙ ඉංග්‍රිසි නොදන්න අය අර රජයෙ කටයුතු සිද්ධ කරගන්න ගියහම අසරණ උන එක.
අපෙ අයගෙ ලොජික් එක අනුව සිංහල රාජ්‍ය භාෂාව නිසා ඉංග්‍රිසි බැරි උනා නම් එහෙනම් සුද්දා ඉන්න කාලෙ ඉංග්‍රිසි රාජ්‍ය භාෂාව නම් අපෙ රටෙ හැම කෙනාම ඒ වෙද්දි ඉංග්‍රිසි කතා කරන්න එපැයි ? එහෙම උනාද ?
සුද්දා 1948 දි නිදහස දෙද්දි රටෙ ඉංග්‍රිසි කතා කරන්න පුළුවනය ඉඳලා තියෙන්නෙ 5% ක් හෝ ඊට අඩු ගාණක් ලු .
මගෙ සීයා ඉපදුනෙ 1929 දි .සුද්ද නිදහස දෙනකොට පොර අවුරුදු 19 ක් කොළු ගැටයෙක් .කෝ ඉතිං පොරටත් මෙලො වචනයක් බැහැ ඉංග්‍රිසි .
ඒ කාලෙ ඉංග්‍රිසි කත කරලා තියෙන්නෙ අර රටෙ තියෙන ප්‍රභු පාසල් වලට ගිය අය විතරයි .
ඒ කිව්වෙ රොයල් ,ට්‍රිනිටි ,තොමස් වගෙ ඉස්කොල .
සිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන් අසරණ උන අයත් නැතිවම නෙමෙ .
රාජ්‍ය භාෂාව වෙනයි .
අධ්‍යාපනය ලබාගන්න මාධ්‍ය භාෂාව වෙනයි .