සිංගප්පූරුවන්ගේ British accent එක.

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් බණ්ඩාරනායක නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි උනා කියන උන් අඩුම අවුරුදු 80කටවත් කිට්ටු ඇති නේ

    අච්චර ලේසි ඕලෙවල් ඉංග්‍රීසි පේපර් එක 50% කට වඩා ෆේල් වෙන්නෙත්, ඉස්කොලෙන් පස්සේ උසස් අධ්‍යාපනය ලබන්න ආයේ අමුතුවෙන් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න වෙලා තියෙන්නෙත් ඒක තමයි. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් ඔය ප්‍රශ්න නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    Singapore වල ඉන්නකොට උදේට කුනු එකතු කරන්න එන grabge truck එකේ english nursery songs දාගෙන එන්නේ මිනිස්සුන්ට ඒවා ඇහිලා ඉන්ග්‍රිසි දැනුම වැඩි කරන්න.

    ඒකට අපේ බංඩා සින්හල බාශාව රාජ්‍ය බාශාව කරා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බණ්ඩාරනායක ළමයි රට යැව්වේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම දන්න නිසානේ. සිංහල රාජ්‍ය භාෂාව කලාම රටේ සාමාන්‍ය ජනතාවගේ ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නැති වෙලා සල්ලි තියෙන ප්‍රභුවරුන්ගේ ළමයින්ට විතරක් ඒ අවස්ථාව ලැබුනා.. මගෙ ළමයි රට යැව්වා කියලා කාලය හරහා ආපස්සට ගිහින් ඉතිහාසයේ වෙච්ච ඒ වරද නිවැරදි වෙන්නෙ නෑ.

    Rata hadanna haali liya liya mahansi wela wadak na, thamange wade karaganin. Thaama eaka therenne nattam how sad thama bro.
     
    • Like
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,581
    72,782
    113
    මාලඹේ
    අච්චර ලේසි ඕලෙවල් ඉංග්‍රීසි පේපර් එක 50% කට වඩා ෆේල් වෙන්නෙත්, ඉස්කොලෙන් පස්සේ උසස් අධ්‍යාපනය ලබන්න ආයේ අමුතුවෙන් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න වෙලා තියෙන්නෙත් ඒක තමයි. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් ඔය ප්‍රශ්න නෑ.
    ඒ කාලේ උබ හිතන්නේ හැම ඉස්කොලේකම ඉංග්‍රීසියෙන් ඉගෙන්නුවා කියලා ද
    එහෙම නැහැ පල්ලියේ පාසැල් ඉංග්‍රීසි ආන්ඩුවේ දුප්පත් පාසැල් සිංහල තමා

    පල්ලියේ ඉස්කෝල වලින් ඉගෙන ගත්ත ඉංග්‍රීසි දන්න අය මුළු ලංකාවේම ජොබ්ස් ටික අල්ලාගෙන හිටියා එච්චරයි
     
    • Like
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අච්චර ලේසි ඕලෙවල් ඉංග්‍රීසි පේපර් එක 50% කට වඩා ෆේල් වෙන්නෙත්, ඉස්කොලෙන් පස්සේ උසස් අධ්‍යාපනය ලබන්න ආයේ අමුතුවෙන් මහන්සි වෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න වෙලා තියෙන්නෙත් ඒක තමයි. පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසියෙන් ඉගැන්නුවනම් ඔය ප්‍රශ්න නෑ.
    ඉතින් බං ඔච්චර ඔක්කොම සිංහලෙන් කරලත් තාම ගොඩක් උන් හරියට උක්ත ආක්‍යත්වත් දන්නවද?

    වෙන්නේ අන්තිමට දැන් ස්කෝලෙ ඔලෙවල් හරි වෙනකං යන උන් ටික පහවසර දිහායින්ම පාරට වැටෙන එක.

    රාජ්‍ය භාෂාව වෙනස් කරා කියල මිනිස්සුන්ගේ මව් බසාව වෙනස් කරන්න බෑ.

    දැන් ඉංග්‍රීසි උගන්නන එකේ අඩුපාඩු ටික හදලා දුන්නා නන් හරි.

    බලපන්කෝ දෙමළ අය බහුතරයට බාසා තුනම පුළුවන්. උන් චෙල්වනායගම්ට බැන බැන ඉන්නේ නැහැ නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    බලයට ඒමේ අරමුණින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු බන්ඩාරණායක තමන්ගේ දරුවන්ව එංගලන්තේ යවලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදුන්නා.
    දැන් බණ්ඩාරනායක නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි උනා කියන උන් අඩුම අවුරුදු 80කටවත් කිට්ටු ඇති නේ

    Singapore වල ඉන්නකොට උදේට කුනු එකතු කරන්න එන grabge truck එකේ english nursery songs දාගෙන එන්නේ මිනිස්සුන්ට ඒවා ඇහිලා ඉන්ග්‍රිසි දැනුම වැඩි කරන්න.

    ඒකට අපේ බංඩා සින්හල බාශාව රාජ්‍ය බාශාව කරා
    ගොඩාක් අය (කාලෙකට කලින් මමත් ඇතුලුව )
    රාජ්ය භාෂාව කියන්නෙ මොකක්ද කියන එක තෙරුම් අරගෙන නැති පාටයි.
    අපිට ඉංග්‍රිසි බැරි ප්‍රශ්නෙදි අපි මුලින්ම ඇඟිල්ල දිගු කරන්නෙ 56 ආණ්ඩුවට.
    එහම නැත්තම් බණ්ඩාරනායක සිරිමතානන්ට.
    ඒක වැරදි .රාජ්‍ය භාෂා කතාව එලියට එන්නෙ ඊටත් කලින් .
    රාජ්‍ය භාෂාව කියන්නෙ රජයෙ කටයුතු සිද්ධ වෙන භාෂාව.
    ඒ කිව්වෙ අපි ගමු කවුරු හරි පොලිසියට උසාවියට කච්ඡේරියට ,රජයෙ බැංකුවකට ගියොත් එව්වයෙ කටයුතු කරන්නෙ අදාල භාෂාවෙන් ,
    ඉතිං ඒ අදාල භාෂාව දන්නෙ නැති මිනිහා පොඩ්ඩක් අසරණ වෙනවා එක්කො ෆොම් එකක් පුරවගන්න බැහැ එක්කො භාෂාව දන්න උන් රවට්ටනවා සල්ලි අරගන්නව වැඩ කරලා දෙන්න වගෙ දෙවල්.
    සුද්දා පාලනය කරා අවුරුදු 150 කට කිට්ටු වෙන්න . සුද්දාගෙ ආණ්ඩු කරන කාලෙ රටෙ රාජ්‍ය භාෂාව ඉංග්‍රිසි .එතනදිත් උන්ගෙ ඉංග්‍රිසි නොදන්න අය අර රජයෙ කටයුතු සිද්ධ කරගන්න ගියහම අසරණ උන එක.
    අපෙ අයගෙ ලොජික් එක අනුව සිංහල රාජ්ය භාෂාව නිසා ඉංග්‍රිසි බැරි උනා නම් එහෙනම් සුද්දා ඉන්න කාලෙ ඉංග්‍රිසි රාජ්‍ය භාෂාව නම් අපෙ රටෙ හැම කෙනාම ඒ වෙද්දි ඉංග්‍රිසි කතා කරන්න එපැයි ? එහෙම උනාද ?
    සුද්දා 1948 දි නිදහස දෙද්දි රටෙ ඉංග්‍රිසි කතා කරන්න පුළුවනය ඉඳලා තියෙන්නෙ 5% ක් හෝ ඊට අඩු ගාණක් ලු .
    මගෙ සීයා ඉපදුනෙ 1929 දි .සුද්ද නිදහස දෙනකොට පොර අවුරුදු 19 ක් කොළු ගැටයෙක් .කෝ ඉතිං පොරටත් මෙලො වචනයක් බැහැ ඉංග්‍රිසි .
    ඒ කාලෙ ඉංග්‍රිසි කත කරලා තියෙන්නෙ අර රටෙ තියෙන ප්‍රභු පාසල් වලට ගිය අය විතරයි .
    ඒ කිව්වෙ රොයල් ,ට්‍රිනිටි ,තොමස් වගෙ ඉස්කොල .
    සිංහල රාජ්ය භාෂාව කරපු එකෙන් අසරණ උන අයත් නැතිවම නෙමෙ .
    රාජ්‍ය භාෂාව වෙනයි .
    අධ්‍යාපනය ලබාගන්න මාධ්‍ය භාෂාව වෙනයි .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    දැන් බණ්ඩාරනායක නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි උනා කියන උන් අඩුම අවුරුදු 80කටවත් කිට්ටු ඇති නේ
    පොඩි කාලෙ ඉංග්‍රීසි ටික වැටුනෙ නැත්තන් නෑ තමා. ඊට පස්සෙ ඉංග්‍රීසි කතා කරන හැමෝම ඒක කරන්නෙ ගණිතය විද්‍යාව භූගෝලය වගේ විෂයක් විදිහට ඉගෙනගෙන practice කරල මිසක් ඇගෙන්ම එන්නෙ නෑ.

    එක්කො සිංහල රාජ්‍ය භාෂාව කරානන් මැරෙනකන් සිංහලෙන් සියලුම දේවල් කරගන්න අවස්තාවක් තියෙන්න ඕනෙ. එහෙමත් නෑ. AL වලින් පස්සෙ ඔක්කොම ඉංග්‍රීසි.
    මෙන්න මේ මීම් එක මටනන් මතක් වෙන්නෙ.

    2rdw80.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,176
    46,952
    113
    මේවා නම් ෆකේ ලොජික්..ජපානේ, චීනේ උන්ට ඉංග්‍රීසි පුලුවන්ද?උන් දියුණු උනේ ඉංග්‍රීසි කතා කරලද? වැඩ බැරි එකාට මොනා පුළුවන් උනත් වැඩක් නැහැ..තමන්ට වැඩ බැරි උන එකට තාමත් කොහෙවත් නැති මැරිච්ච නාකියෙක්ට බැනලා ලංකාවේ උන් හිත හදාගන්නවා.. :lol: :rofl:
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඉතින් බං ඔච්චර ඔක්කොම සිංහලෙන් කරලත් තාම ගොඩක් උන් හරියට උක්ත ආක්‍යත්වත් දන්නවද?

    වෙන්නේ අන්තිමට දැන් ස්කෝලෙ ඔලෙවල් හරි වෙනකං යන උන් ටික පහවසර දිහායින්ම පාරට වැටෙන එක.

    රාජ්‍ය භාෂාව වෙනස් කරා කියල මිනිස්සුන්ගේ මව් බසාව වෙනස් කරන්න බෑ.

    දැන් ඉංග්‍රීසි උගන්නන එකේ අඩුපාඩු ටික හදලා දුන්නා නන් හරි.

    බලපන්කෝ දෙමළ අය බහුතරයට බාසා තුනම පුළුවන්. උන් චෙල්වනායගම්ට බැන බැන ඉන්නේ නැහැ නේ.
    මව් භාෂා කියන්නෙ පොඩි කාලෙ කතා කරල මොලේ නියුරෝන ඒකට සකස් වෙන භාෂා. නැතුව ජාන වලින් එන්නෙ නෑ මව් භාෂා.
    උක්ත ආඛ්‍යාත වලින් වැඩක් නෑ common මනුස්සයට. සිංහල උනත් ඉංග්‍රීසි උනත් එච්චරයි. ඒවා විෂයක් විදිහට ඉගෙන ගන්න මිනිස්සු ඒවා කරයි. භාෂා තියෙන්නෙ communicate කරන්න.
     
    පිස්සු බන් මුන්ට..ඇත්තටම මහ මෝඩයෝ ලංකාවේ ඉන්නේ.මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මේවා නම් ෆකේ ලොජික්..ජපානේ, චීනේ උන්ට ඉංග්‍රීසි පුලුවන්ද?උන් දියුණු උනේ ඉංග්‍රීසි කතා කරලද? වැඩ බැරි එකාට මොනා පුළුවන් උනත් වැඩක් නැහැ..තමන්ට වැඩ බැරි උන එකට තාමත් කොහෙවත් නැති මැරිච්ච නාකියෙක්ට බැනලා ලංකාවේ උන් හිත හදාගන්නවා.. :lol: :rofl:

    පිස්සු බන් මුන්ට..ඇත්තටම මහ මෝඩයෝ ලංකාවේ ඉන්නේ.මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.
    ඒක තමයි කියන්නෙ ඒ රටවල උන්ට රස්සා කරන්න English ඕනෙ නෑ. English බෑ කියල මොකෙක්වත් කොන් කරන්නෙවත් ලැජ්ජ වෙන්න වෙන්නෙවත් නෑ. කොටින්ම උන් English ගහන්නෙ නෑ. උන් English ඉගෙන ගන්නෙ අපේ උන් ඉස්කෝලෙ french, german ඉගෙන ගන්නව වගේ ආතල් එකට. ලංකාවෙ තත්වෙ වෙනස්. ලංකාවෙ English නැතුව survive වෙන්න බෑ. English බෑ කියන්නෙ හැමදාම පියන් ලෙවල් එකේ රස්සා තමයි කරන්න වෙන්නෙ. ඒකයි මම කියන්නෙ එක්කො පොඩි කාලෙම English වලට හුරු කරන්න ඕනෙ සිංහල වගේම ඇගෙන්ම English කතා කරන්න පුලුවන් වෙන්න. එහෙම නැත්තන් English රාජ්‍ය භාෂාව නන් ඕන තැනක සිංහලෙන් වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ ජපානෙ වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මව් භාෂා කියන්නෙ පොඩි කාලෙ කතා කරල මොලේ නියුරෝන ඒකට සකස් වෙන භාෂා. නැතුව ජාන වලින් එන්නෙ නෑ මව් භාෂා.
    උක්ත ආඛ්‍යාත වලින් වැඩක් නෑ common මනුස්සයට. සිංහල උනත් ඉංග්‍රීසි උනත් එච්චරයි. ඒවා විෂයක් විදිහට ඉගෙන ගන්න මිනිස්සු ඒවා කරයි. භාෂා තියෙන්නෙ communicate කරන්න.
    මව් භාෂාව එන්නේ ජාන වලින් නෙවෙයි සංස්කෘතියෙන්. භාෂාවක් කියන්නේ අකුරු ටිකක් වචන ටිකක් විතරක් නෙවෙයි. අපි බඩේ ඉන්නකොට ඉදලා ඉංග්‍රීසීයෙන් වැඩ කරත් කතා කරත් ඕක හැදෙන්නේ නෑ. එක්කෝ මුළු රටේම උන් ඉංග්‍රීසි භාවිතා කරන්න ඕනි. භාගයක් සිංහල භාගයක් ඉංග්‍රීසි කරාම හැදෙන්නේ විකෘති.

    ඇයි උක්ත ආක්‍යත වැඩක් නෑ කියන්නෙ.
    සාමාන්‍යය මිනිස්සූ ගැන නෙවෙයි නේ මේ කතාව මේ කතාව දෙයක් ඉගෙන ගන්න අය ගැන එතකොට තියෙන්නේ ලිඛිත භාෂාව.
    ඉංග්‍රීසි වල කාල වරද්දා ගෙන කෙනෙක් ලිව්වොත් මොකද වෙන්නේ. එහෙම පිළිවෙලක් නැතුව වැඩ කරන එක තමා මේ හැම අවුලකම මුල. මොන භාෂාව යුස් කරත් වැදගත්ම කොටස තමා grammer. අපි වරද්දන නිසා ඒක ඕනි නෑ කියන්න බෑ. මේ මම ලියපු එක ඇතුලේ උනත් අම්බ්හානක වැරදි ඇති සමහර විට. එක නිසා මම කියන්නේ නෑ grammer ඕනි නෑ කියලා. ඒක තමා backbone එක. ඒක නෑ කියන්නේ නිකං හැඩ ගොඩක් විතරයි මේ අකුරු.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Singapore වල ඉන්නකොට උදේට කුනු එකතු කරන්න එන grabge truck එකේ english nursery songs දාගෙන එන්නේ මිනිස්සුන්ට ඒවා ඇහිලා ඉන්ග්‍රිසි දැනුම වැඩි කරන්න.

    ඒකට අපේ බංඩා සින්හල බාශාව රාජ්‍ය බාශාව කරා
    මෙහෙ චුන් පාන් කාරය වගේ සද්දෙන් දාගන එනවද
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Singa mushlym dA?
    Singa chinese majority
    it's a multicultural society but majority follow Buddism as their faith
    බණ්ඩාරනායක නිසා තමා මෙහෙම උනේ අපිට බන්ඩාරනායක සිංහල රාජය භාශාව කලා ඒක නිසා උතුරේ යුද්දයක් ආවා.ඒක නිසා මිනිස්සු දුක් වින්දා කොහෙදෝ හිටපු නාකි මයිනෙක්ගේ වාසනාවට යුද්දේ දින්නා මයිනා යුද්දේ දිනපු තනි ක්‍රෙඩිට් එක උට අරගෙන පුදුමෙට හොරා කෑවා පස්සේ මිනිස්සුන්ට එපා වෙලා සිරිසේනට දුන්නා.පස්සේ ගෝටලා එකතු වෙලා බෝම්බ ගහලා ජාති වාදේ අවුස්සලා ජනාදිපති උනා .මයිනා හොරාකාපු සල්ලි නිසා රට බංකොලොත් රටක් උනා ඒකේ ප්‍රතිපල උබ මම අපි අද විදිනවා.මේ හැම දේටම මුල රාජය භාශාව සිංහල කරපු එක

    යුද්ධ ඇති උනෙ භාෂා ප්‍රශ්නයක් මුල් කරගෙන නම් ඇයි සුද්දා ඉන්න කාලෙ වෙනම කැල්ලක් ඉල්ලල සුද්දාගෙන් ගේම ඉල්ලුවෙ නැත්තෙ ? සුද්දගෙ කාලෙ රාජ්ය භාෂාව ඉංග්‍රිසි නෙ ?

    හේතුව මොකක්ද රටෙ උසස් තැන් වල සුද්දාගෙ කාලෙ හිටියෙ ඉංග්‍රිසි උගත් ප්‍රභූන් සිංහල දෙමල දෙජාතියෙන්ම.
    වැඩියෙන්ම හිටියෙ දෙමළ අය. හේතුව සුද්ද ඒ වැඩෙ කලෙ ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියන න්‍යාය හරහා .
    සිංහල රාජ්‍ය භාෂාව කිරිමෙන් ප්‍රශ්නෙ උනෙ අර ඉංග්‍රිසි උගත් සිංහල දෙමළ ප්‍රභු සමාජෙ අයට මිසක් අනික් අයට නෙමෙ.
    රාජ්‍ය භාෂා යොජනාව සිංහල විතරක් කරන්න ඔනි කියලා මුලින්ම ගේන්නෙ ජේ ආර් මන් හිතන්නෙ.