~~//..."සිංදු තුනයි මට පනස්‌ දහක්‌ ඕනේ."

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//..."සිංදු තුනයි මට පනස්‌ දහක්‌ ඕනේ."

අනේ අපොයි...!!!

ඔහු ජනප්‍රිය තරුවකි. රූපවාහිනි රියෑලිටි තරගවල තරු අතර තරුවකි. පසුගිය කාලයේ දී සංගීත රාත්‍රින්වලට නැතිවම බැරි ගායකයෙකි. ඔහු ගායනා කළේ මේ රටේ ජනප්‍රියම ප්‍රියාදරයකුගේ ගීය.

"සිංදු තුනයි මට පනස්‌ දහක්‌ ඕනේ." සංගීතවලට ගී ගයන්නට අලුත් තරුව අය කළේ එවැනි මුදලකි. මේ ගී තරුව කිව්වේ ඔහුගේ ගීත නොව අර ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාගේ ගීතය.


ඒ ජනප්‍රිය ප්‍රියාදර ගායන ශිල්පියාටද මේ බව දැනගන්නට ලැබිණි. ඔහු නිකමට වගේ අලුත් තරු ගායකයාගේ දුරකථනය අංකය සොයා ඇමැතුමක්‌ දුන්නේ මේ වැඩේ ඇත්තදැයි බැලීමටය.


"අපි අහවල් තැන සංගීත රාත්‍රියක්‌ පවත්වනවා. අපිට ජනප්‍රිය තරුවක්‌ අවශ්‍යයි. ඔබතුමාගේ ගාන කීයද?


"රුපියල් හැත්තෑදහසක්‌ අය කරනවා ජනප්‍රිය තරුව කීවේ ඇඟ පතටද නොදැනීය.


"අලුත් ගීතද පරණ ගායකයා ගේ ගීතද ගයන්නේ.... දුරකථනයෙන් කතා කළ ගායන ශිල්පියා තරු ගායකයාගෙන් විමසීය. දුරකථනයේ සිටින්නේ ගීතවල නියම හිමිකාරයා බව නොදත් තරු ගායකයා නොපැකිළිව පිළිතුරු දුන්නේය. "පරණ ගීත" ගී තරුව කියන්නට වූයේය.


"මල්ලී...... මම මේ පරණ ගායකයා තමයි කතා කරන්නේ" වැඩේ නරක නෑ නේද? අපි මල්ලියේ ඔය සින්දු කිව්වේ සල්ලි බලාගෙන නොවේ. ආත්ම සතුටට. රසිකයන්ව පිනවන්න. මොනව කරන්නද මල්ලි අද කලාවත් රටේ මිනිස්‌කමත් බල්ලට ගිහිල්ලනේ. ඔයා සල්ලි හොයන්න.....හැබැයි මම ජීවිතේටත් වඩා ආදරේ ඔය සින්දු ටික මම මැරෙන්න ඉස්‌සර වෙලා මරන්න එපා. නියම පරණ ගායන ශිල්පියා එහෙම කියලා දුරකථනය විසන්ධි කළේ නෙත් අගට නැඟුන කඳුළු පිසදමමින්ය.


Diwaina 27-06-2012 / ශිරාන් රණසිංහ

 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඔය් වගෙ පරයොන්ව ස්ටෙජ් වලට නග්ගන් උන්ට ගහන්න ඔනි ඔක්කොටම කලින්...:angry:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලංකාවේ මිනිස්සුන්ට වටින්නෙ ඔයවගේ හොරු තමයි. මනුස්සකමක් කියල දෙයක් අලුත් එවුන්ටත් නෑනේ ඉතින්.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕක තම බන් දැන් තත්වේ. දැන් රේඩ්යෝ එකේ උනත් දන්නේ උන් කියන සින්දුමනේ. නියම ගායකයා ගැන කිසිම කතාවක් නේ.:(
     

    thanujaka

    Well-known member
  • ඒව එහෙම තමයි බං....වෙළදපොලේ ඕනම සේවාවකට ඉල්ලුම වැඩි වෙන්න වැඩි වෙන්න මිල කියන එක ඉහල යනව....ඒක ගායකයන්ට විතරක් නෙමෙයි ඕනම භාණ්ඩයකට සේවාවකට අදාලයි....වැරැද්ද ඒ ගායකයගෙ නෙමෙයි...ඒවගේ ගොරකයන්ට මාර්කට් එකක් හදල දෙන අපේ....පරණ ගායකය ඉදිද්දි හැම එකාම ඌට නැතුව සුපිරි තරුවටනෙ ෂෝ වලට ආරාධනා කරන්නෙ...එතකොට ඉතින් කොහොමත් උගේ ගනන් ඉහල යනව...ගායකයගෙ නෙමෙයි...ඌට කතා කරන එවුන් ගෙයි ඔතන වැරැද්ද...................!!!!
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Sure එකටම මෙන්න මේ පොන්z වෙන්න ඇති:angry::angry:

    surendra.jpg