සිංහගලේ සිංහයා සොයා...

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    සිංහගලේ සිංහයා සොයා...

    Sinhagala Expedition - Sinharaja Rain Forest, Sri Lanka - සිංහගලේ සිංහයා සොයා...

    cover.jpg
    කොයිතරම් වතාවක් ගියත් එපා නොවෙන ආයෙමත් යන්න හිතෙන ලංකාවේ සුන්දරතම වැසි වනාන්තර පද්ධතිය තමයි සිංහරාජය. ඒකෙ ආයෙ දෙකක් නෑ. තරමක් පැරණි චාරිකාවක් වුණත් තාමත් හිතේ සක්මන් කරන සිංහරාජයේ ‘සිංහගල‘ සොයා ගිය චාරිකා සටහනයි මේ...
    මෙවන් චාරිකා සඳහා සැදී පැහැදී සිටින තවත් මිතුරන් තිදෙනෙකුත් සමග මගේ පරණ මෝටර් රථයේ නැගී අපි පාන්දරම හික්කඩුවෙන් පිටත් වුණා. ගමනේ පළමු ඉලක්කය අත්වැල්තොට ‘අහස් බෝක්කු ඇල්ල'...
    Picture%2B001.jpg

    අපේ ගමන් සගයා - අහස් බෝක්කුව අසල​
    මතුගම - බදුරලිය පාරේ අත්වැල්තොට පසුකර මදක් ගිය පසු මේ අහස් බෝක්කුව නමින් හැඳින්වෙන පුංචි පාලම හමු වෙනවා. එය අසලින් ඇති කුඩා අඩිපාරේ මදක් දුර ගිය විට ඔබට අහස්බෝක්කු ඇල්ල වෙත පැමිණිය හැකියි. නමුත් අපි අනුගමනය කළේ ඊට මදක් වෙනස් මගක්. අහස්බෝක්කුව පසුකර මීටර් සියයක් පමණ ඉදිරියට ගිය විට දක්නට ලැබෙන මාර්ගය ඔස්සේ යාමෙන් ඇල්ලේ මුදුනට ඔබට ළඟා විය හැකියි.
    Picture%2B012.jpg

    අහස් බෝක්කු ඇල්ලේ මුදුන​
    ඇල්ලේ මුදුන අසලින් වනතීරය ඔස්සේ පහළට බැසීමෙන් ඇල්ල පාමුලට එන්නට අපට හැකිවුණා. එය තරමක් අසීරු කටයුත්තක් නිසා පරිස්සමෙන් බැස ගැනීම සුදුසුයි.
    Picture%2B038.jpg

    අහස් බෝක්කු ඇල්ල​
    එතරම් අවධානයට ලක් නොවුණු ඇල්ලක් වුණත් මීටර් 30ක් පමණ උසින් යුත් මේ දිය ඇල්ල ඉතාම සුන්දර එකක්.
    අහස්බෝක්කු ඇල්ල නැරඹීමෙන් පසු අපි කෙළින්ම ගියේ කලවානේ කුඩව සිංහරාජ වන සංරක්ෂණ මධ්‍යස්ථානය වෙතටයි. කල් ඇතුවම අපි එහි නවාතැන් වෙන් කරගෙන තිබීම අපට මහත් අස්වැසිල්ලක් වුණා. කොස්ගුලන ගඟට ඉහළින් ඉදි කෙරුණු, සරල, අවම නමුත් ප්‍රමාණවත් පහසුකම් වලින් හෙබි නවාතැනේ අපේ ගමන්මලු ආදිය දමා තවත් සුන්දර ඇල්ලක් සොයා යන්නට අපි සූදානම් වුණා.
    කුඩව සිංහරාජ පිවිසුමට යන මාර්ගයේ මදක් දුර ගොස් කුඩව පාලම පසුකර දකුණු අත පැත්තට ඇති පාර වැටී ඇත්තේ පිටකැලේ ගම්මානයටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුෂ්කර ග්‍රාමීය පෙදෙසක් වන මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ තේ වගාවයි. මේ දුෂ්කර මාර්ගයේ මදක් තැන් ගිය පසු අපි සොයා ආ සොඳුරු දියඇල්ල දක්නට ලැබෙනවා. මෙය හඳුන්වන්නේ පිටකැලේ දූවිලි ඇල්ල නමින්. උසින් අඩු වුණත් ඈ කොතරම් සුන්දර දැයි බලන්න.
    Picture%2B054.jpg

    පිටකැලේ දූවිලි ඇල්ල​
    දූවිලි ඇල්ල නරඹා නැවත නවාතැනට පැමිණි අපි පසුදා සිංහගල චාරිකාවට සූදානම් වුණා. සිංහරාජ වනාන්තරයේ වනමං පෙත් අතරින් දුෂ්කරම මංපෙත වැටී ඇත්තේ සිංහගල වෙතටයි. කුඩව පිවිසුමේ සිට කිලෝමීටර 14ක පමණ දුරකින් පිහිටා ඇති සිංහගල මීටර් 500ක පමණ උසින් යුතු කඳුමුදුනක්.
    Picture%2B072.jpg

    නෙලු විශේෂයක්...​
    ගමන අතරතුරදී ඝාතනයක සාක්ෂි දක්නට ලැබුණා...
    Picture%2B106.jpg

    ඝාතනයක සාක්ෂි​
    මෙහිදී ඝාතනයට ලක්ව තිබුණේ වත නිල් මල්කොහෙක්... Phaenicophaevs viridirostris ඝාතකයා බොහෝවිට කුරුළුගොයෙක් (Shikra) විය හැකියි.
    කුරුලු නාද හා දියදහරා වල සිලිසිලිය හැරෙන්නට වනය අතිශයින්ම නිසංසලයි. වන නදී දහරා පිරී පැවතුනේ ආවේණික මත්ස්‍ය විශේෂයන්ගෙනුයි. මේ වීඩියෝ දර්ශනය බලන්න. https://www.youtube.com/watch?v=wePegSavMog
    අවධානයෙන් සංචාරය කරන්නෙකුට වනාන්තරය අවට දැකිය හැකි සුන්දර දර්ශන බොහෝමයි.
    Picture%2B113.jpg

    සුන්දර සමනල විශේෂයක්...​
    ගැටහොඹු කටුස්සා නැත්නම් කරමල් බෝදිලිමා යනුවෙන් හැඳින්වෙන කටුසු විශේෂය අපට දක්නට ලැබුණේ එසේ අවධානයෙන් ගමන් කළ නිසාමයි.
    Picture%2B119.jpg

    ගැටහොඹු කටුස්සා​
    ක්‍රමයෙන් කඳු බෑවුමේ ඉහළට පැමිණි අපි සිංහයෙකුගේ කටක් බඳු හැඩයක් සහිත ගල්පොත්තක් කරා පැමිණියා. මේ කන්ද සිංහගල ලෙස හැඳින්වෙන්නට මේ ගල්පොත්ත හේතුවක් වෙන්නට ඇති බව මට නිකමට හිතුණා.
    Picture%2B148.jpg

    සිංහකට​
    කිලෝමීටර 14ක පමණ දුෂ්කර පාගමනකට පසු අපි සිංහගල මුදුනට පැමිණියා. කඳු මුදුනේ සිට අවට අති මනරම් දර්ශනයක් දක්නට ලැබුණා. බැලූ බැලූ අත දිස්වුණේ හරිත සාගරයම පමණයි.
    Picture%2B158.jpg

    කඳු මුදුනේ සිට...​
    මේ සුන්දරත්වය දෑසින් උරාබොමින් බොහෝ වේලාවක් කඳු මුදුනේ ගත කළ අපි ආපසු එන්නට හැරුණා. මේ බිම්ගත ඕකිඩ් වර්ගය අපට හමුවුණේ සිංහගල මුදුන ආසන්නයේදීමයි.
    Picture%2B164.jpg

    බිම් ඕකිඩ්​
    මේ නම් හොඳට දන්න අඳුනන කෙනෙක්.. මේ ලංකාවට ආවේණික සුන්දර මල් විශේෂයක් වන බිනර...
    Picture%2B188.jpg

    බිනරමලී...​
    මගේ සුපුරුදු බ්ලොග් අඩවිය වන http://sobaroo.blogspot.com/ වෙතිනි. අවශ්‍ය අයෙක් අවශ්‍ය යමක් උපුටා ගත්තාට අමනාපයක් නැත.
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සිංහරාජෙ දවසින් ගිහින් බලලා එන්න පුලුවන්ද කොළඹ ඉඳන් ගිහින්?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ♥-Aurora-♥;20973227 said:
    සිංහරාජෙ දවසින් ගිහින් බලලා එන්න පුලුවන්ද කොළඹ ඉඳන් ගිහින්?

    Be, athal ekak ne ehema giyoth. Dawasak wath ona kele awidinnai nature eka windagannai